Health & Fitness

සැප නින්දකට Tips

සුවදායි නින්දක් යනු රාත්‍රී නින්දට ගිය පසු පහසුවෙන් ඉක්මණින් නින්දට යාම, කඩින් කඩ අවදි නොවීම, උදෑසන නිසි වෙලාවට අවදි වීම හා අවදි වූ පසු ශරීරයට හා මනසට ලැබෙන නැවුම් බවයි.

නින්ද නිරෝගී ජීවිතයකට අත්‍යාවශ්‍ය දෙයක්. දවසේ වැඩි පැය ගණනක් විවිධ කටයුතු සමග විඩාපත් වන මනසටත්, සිරුරටත් විවේකයක් ලැබෙන්නේ, යලි අලුත්වැඩියාවක් සිදු වෙන්නේ මේ නින්දේ දී. සුවදායි නින්දක් යනු රාත්‍රී නින්දට ගිය පසු පහසුවෙන් ඉක්මණින් නින්දට යාම, කඩින් කඩ අවදි නොවීම, උදෑසන නිසි වෙලාවට අවදි වීම හා අවදි වූ පසු ශරීරයට හා මනසට ලැබෙන නැවුම් බවයි.

කුඩා දරුවෙකු හැරුණු විට අනෙක් සාමාන්‍ය පුද්ගලයෙකු දිනපතා නියමිත වේලාවක පැය 6-8ක් නින්දක් ලැබීම අත්‍යාවශ්‍ය වනවා. ඒ නිරෝගී ජීවිතයකට මහත් පිටිවහලක්.

නින්දට බලපාන සාධක වගේම නින්ද බලපාන සාධකත් තිබෙනවා. දුක, සතුට, ස්ථුල භාවය, කෙට්ටු කම, බලය, ශක්තිය, දුර්වල බව, සරු බව, නිසරු බව, ජීවිතය, ඥාණවන්ත බව මේ සියලු දේම නින්ද බලපාන සාධක බව වෛද්‍ය මතයයි.

ඒ වගේම ජීවත් වීමේ ආයු කාලය අඩු වන්නේ ද අවේලාවේ නින්ද අනවශ්‍ය අවධාරණය රාත්‍රී නිදා නොගැනීම ආදී කරුණුයි. බොහෝ විට දිවා කාලයේ නින්ද විනාඩි 30කට වඩා කෙටි වීම හිතකර වෙනවා. රාත්‍රී රැකියා, අධික වෙහෙස, අධික මත්පැන්, කැෆේන් පානය, දිවා කාලයේ නිදා ගැනීම, අධික ශබ්දය, අධික උෂ්ණත්වය, පාරිසරික තත්ත්ව, මානසික ප්‍රශ්න, දිගු කාලින සිරුරේ වේදනා මේ කරුණු සුවදායී නින්දකට බාධා වන කරුණුයි. නිසි වෙලාවට නිදා නොගත් විට සිරුරේ ශ්‍රාවය වන ලෙප්ටීන්(leptin hormone) හෝර්මෝනය ප්‍රමාණය අඩුවී අපට වැඩි කාබෝහයිඩ්රේට් ප්‍රමාණයක් පරිභෝජනය කිරීමට ආශාව ඇති කරනවා.

Love photo created by wayhomestudio – www.freepik.com

මේ කරුණු අනුගමනය කළොත් ඔබටත් සැප නින්දක් ලබා ගන්නට හැකි වේවි.

01) හොඳින් වාතාශ්‍රය ලැබෙන, නිසි පරිසර උෂ්ණත්වයක් ඇති කාමරයක් නින්ද සඳහා තෝරා ගැනීම.

02) නිරවුල් මනසකින් නින්දට යාම

03) අවම වශයෙන් නින්දට පැය දෙකකට පෙර රාත්‍රී ආහාරය ලබා ගැනීම. මෙය සැහැල්ලු සෞඛ්‍ය සම්පන්න එකක් වීම යහපත්.

04) ඔබේ නිදා ගන්නා කාමරයේ නිල් ආලෝකය නිකුත් වන දේ තබා නොගැනීම

05) හිසට ඖෂධීය තෙලක් භාවිතයට හුරු වෙන්න.

06) නින්දට පෙර කිරි වීදුරුවක් පානය කිරීම

07) මිහිරි, මනසට සුවදායී සංගීතයකට(Relaxing Music) සවන් දීම

08) සැර නැති මනසට සැහැල්ලුවක් ගෙන දෙන සුවඳ ද්‍රව්‍ය වලින් කාමරය සුවඳවත් කිරීම(Aroma Therapy)

09) දිනපතා යෝග අභ්‍යාස, ව්‍යායාම, භාවනාව යෙදීම සැප නින්දක් ලඟා කර ගන්න උදව් වේවි.

සුව නින්දක් ලබා ගැනීමට මේ ආහාර ගැනීමෙන් වළකින්න

සෝඩා / කෝපි / අධික ලෙස තුනපහ, මිරිස් යෙදූ ආහාර/ ඩාර්ක් චොකලට්/ මත්පැන්

මේ ආහාර සුව නින්දකට උපකාරී වේවි – චෙරි/ කෙසෙල්/ කිරි/ ආමන්ඩ්, පිස්ටාශියෝ වැනි නට් වර්ග

Woman photo created by drobotdean – www.freepik.com

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

4 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

5 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago