Love & Relationships

පතිකුලයට යන දියණියට…

පුංචි කුරුළු කූඩුවක ඇති දැඩිවන කිරිල්ලියක් ලෝකය දිහා බලන්නට පටන් ගන්නේ තමන්ගේම ඇස්වලින්. ඒවගේම මව්පිය ඇසුරේ හැදුණු දියණියක් ඇගේ අනාගතය හැඩ ගස්වාගන්නටත්, තම අත්දැකීම් අනුව ජීවිතය ඉදිරියට ගෙන යාමටත් පටන් ගන්නේ තරුණ වයසේදී.

පුංචි කුරුළු කූඩුවක ඇති දැඩිවන කිරිල්ලියක් ලෝකය දිහා බලන්නට පටන් ගන්නේ තමන්ගේම ඇස්වලින්. ඒවගේම මව්පිය ඇසුරේ හැදුණු දියණියක් ඇගේ අනාගතය හැඩ ගස්වාගන්නටත්, තම අත්දැකීම් අනුව ජීවිතය ඉදිරියට ගෙන යාමටත් පටන් ගන්නේ තරුණ වයසේදී.

තුරුණු වියට පාතබන බොහෝ දියණිවරු තම පෙම්වතා සොයාගන්නේ බොහෝවිට තමාට ගැලපෙන හොඳම සහකරුවා ඔහුය යන සිතුවිල්ලෙන්. නමුත් සමහර අවස්ථාවල දෙදෙනාගේ අදහස් නොගැලපෙන විට දෙදෙනාට දෙදෙනා නොරිස්සුම් බවක් ඇතිවනවා දකින්නට පුළුවන්. තම අදහස් අනුව කටයුතු කරන පෙම්වතෙකු නැතිනම් ස්වාමියෙකු ස්ථිරවම ලැබේ යයි කිසිම පෙම්වතියකට, ස්වාමි දියණියකට සිතිය නොහැකි දෙයක්. මන්ද යත් ඔබ දෙදෙනා හැදී වෙදෙන පරිසරය, මුහුණ දෙන සමාජ වටාපිටාව බොහෝ දුරට එකිනෙකට වෙනස් වීමට ඉඩ ඇති නිසා.

Photo Credit : www.freepik.com

ප්‍රශ්නයක් ඇති වූ වහාම ඔබ දෙදෙනා පිළිතුරු සෙවීමට පටන් ගන්නේ එකිනෙකට වෙනස් සමාජ වටාපිටාවන් දෙකක සිටයි. මේ නිසා දෙදෙනාටම සෑහීමට පත්වන්නට හැකි පිළිතුරක් ලැබේ යයි සිතන්නට අපහසුයි.

කිසිදා වෙන්කළ නොහැකි යයි සිතා ප්‍රේමයෙන් වෙලෙන පෙම්වතුන් අතර මෙය සුලබව දකින්නට හැකි දෙයක්.

ආදරය” යන අකුරු හතර නිර්වචනය කළ විට ආ – ආකර්ෂණය, ද – දයාව, ර – රතිය, ය – යහපත ලෙස දක්වන්නට පුළුවන්. අද සමාජයේ බොහෝ දෙනා මේ අකුරු හතරේ සැඟවුණු කතාව නිසි පරිදි වටහා නොගැනීමෙන්, අනුගමනය නොකිරීමෙන් සිය සම්බන්ධතා බිඳ දමා ගන්නවා.

ආකර්ෂණය” කියන්නේ ඇත්තටම පෙම්වතියව සිටි කාලයේ මෙන්ම ස්වාමියාට සිතේ සතුටක් ඇතිවන ආකාරයේ රූපයක් පවත්වා ගැනීමයි. ඔබ සිනමා නිලියක් මෙන් රූමතියක් වන්නට අවශ්‍ය නැහැ. නමුත් තම රූපය ගැන, පිරිසිඳු කම ගැන නිතර සැලකිලිමත්ව සිටීමෙන් ස්වාමියාගේ ආකර්ෂණය ඔබ වෙත රඳවා ගන්නට හැකි වෙනවා.

දයාව” යන දෙවන අකුරේ අදහස ඔබ අප සැවොම දන්නා දෙයක්. දයාව දැක්වීම මිනිසුන්ට පමණක් නොවේ. සතුන්ද ඇතුළුව තමාගේ වටාපිටාවේ සිටින සැමටම දැක්විය යුතු පොදු දෙයක්.

රතිය” යන්නෙහි අදහස වන්නේ තම සහකරු සයනයෙදී හැකි උපරිම අයුරින් සතුටු කළ යුතුය යන්නයි. ආදරයකදී, විවාහයකදී සිතුවිලිවල බැඳීම මෙන්ම කායික බැඳීම ද අත්‍යාවශ්‍ය දෙයක්. ඔහුට ඔබව වඩා උණුසුම්ව සමීපව දැනෙන්නේ එම අවස්තාවේදී. ඒ නිසා සයනයේ ඔබේ වගකීම් නිසියාකාරව ඉටු කිරීමට සෑම බිරිඳකම සිතට ගත යුතු දෙයක්. උදෑසන නිවසෙන් පිටවන ස්වාමියාට සිය ආදරණීය බිරිඳ නැවත දකින්නට ලැබෙන්නේ සැන්දෑවේ. නැතිනම් දින කීපයකින් වන්නට පුළුවන්. ඒ නිසා ස්වාමියාට සිය බිරිඳගේ ආදරය, උණුසුම දැනෙන්නේ ඇය ඔහු වෙත දක්වන උනන්දුව, කැපකිරීම මත. ඔබේ මුහුණේ සුන්දරත්වයට වඩා රතියෙහි ඔබ තුල ඇති හැකියාව සහකරු ඔබ වෙත ඇද බැඳ තබා ගන්නට උපකාරී වනවා. ස්ත්‍රී පුරුෂ සම්භෝගය නිසාවෙන් රජකම අත්හැරිය වුන් කොතෙකුත් ඉතිහාසයෙන් හමුවනවා.මේ නිසා සෑම ගැහැණියක්ම යහනේදී රති දෙව්දුවක් විය යුතු වනවා.

අවසාන අකුරින් අදහස් වන “යහපත” යන්න තම පවුලේ අභිවෘද්ධිය හා සතුට වෙනුවෙන් ඇප කැප වීම ලෙස හඳුන්වන්නට පුළුවන්. සිය දරුවන් හා ස්වාමියා වෙනුවෙන් නොපිරිහෙලා යුතුකම් ඉටුකරන බිරිඳකට කිසිදින පසුතැවිල්ලක් නැහැ. පවුල් ජීවිතය සාර්ථක එකක් වීමට නම් ඔබ දියණියක් වුවත්, බිරිඳක් වුවත්, මවක් වුවත් තම අදහස් හා ආකල්ප සුභවාදීව, නිතරම මම නොවේ අපි අදහසින් හැඩගස්වා කටයුතු කළ යුතු වනවා.
පවුල් ජීවිතය නීරස වන්නේ දෙදෙනාගේ පරස්පර අදහස් නිසා බව හොඳින් වටහා ගන්න. එසේම ස්වාමියාගේ බසට හොඳින් ඇහුම්කන් දෙන්න. ඔහු නොමැතිව ඔබට ජීවිතයක් නොමැති බව දැනෙන්නට හරින්න(වංචාවට නොවේ) තර්ක විතර්ක වලින් ලැබෙන සතුටක් නැහැ. ඉවසීම ඕනෑම ගැටලුවකට හොඳම ඔසුව බව ඔබට ප්‍රත්‍යක්ෂයෙන් වැටහේවි. අවංක බුද්ධිමත් බිරිඳක් විනා සරුව පිත්තල ගැහැනියකගෙන් කිසිඳු පුරුෂයෙකුට වැඩක් නැහැ. මේ ඔවදන් ටික අනුගමනය කර ඔබේ සම්බන්ධතාවය ශක්තිමත් එකක් කරගන්න.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago