අලුත් දැනුමෙන් පරිපූර්ණ "ස්මාර්ට් කාන්තාවකට" ප්‍රයෝජනවත් වේවි කියලා හිතුණු පුංචි උපකරණ කීපයක් මේ. මිලෙන් අඩු වගේම ප්‍රමිතියෙන් ඉතා ඉහල කල් පවත්නා ඒවා.
***Sponsored Article
හැම දෙයක්ම වගේ ස්මාර්ට් වෙන ලෝකේ ගැහැණු විතරක් පරණ තාලෙට ඉඳලා කොහොමද? අලුත් ලෝකයේ අලුත් තාක්ෂණය එක්ක කාන්තා අපේ දැනුමත්, ජීවන රටාවත් යාවත්කාලීන වුණොත් ජීවිතය පහසුයි. කාලය ඉතිරියි. ඉතින් අලුත් දැනුමෙන් පරිපූර්ණ “ස්මාර්ට් කාන්තාවකට” ප්‍රයෝජනවත් වේවි කියලා හිතුණු පුංචි උපකරණ කීපයක් මේ. මිලෙන් අඩු වගේම ප්‍රමිතියෙන් ඉතා ඉහල කල් පවත්නා ඒවා. පේමන්ට් එකෙන් නැතිනම් හන්දියේ කමියුනිකේෂන් එකෙන් අරන් සතියෙන් විසි කරලා දාන ඒවා නම් නොවේ. අදාළ රූපය හෝ නම මත click කිරීමෙන් ඔබට වැඩි විස්තර බලා ගැනීමට සහ මිලට ගැනීමට හැකියි.
ලෝකයේ ඉහලින්ම වැජඹෙන නමක් විදියට Huawei හඳුන්වන්න පුළුවන්. පසුගියදා Huawei සමාගම සමග ගැටෙන්නට ගිය ලෝකෙට ලොක්කාට පවා අවසානයේ පසු බසින්න වුණේ Huawei වෙළඳපොල අත්පත් කරගෙන සිටින ප්‍රතිශතය නිසාවෙන්මයි. Huawei Honor Band 3 කියන්නේ ඒ අය හඳුන්වා දෙන smartwatch එකක්. වේලාව බැලීමට අමතරව සෞඛ්‍ය සම්බන්ද වැදගත් දර්ශක රැසක් මෙමගින් දැන ගන්නට හැකියි. හෘද ස්පන්දන වේගය, කැලරි දහනය ඇතුළු මිනුම් රැසක් මෙමගින් දක්වනවා. ජල ප්‍රතිරෝධී(Waterproof) ලෙස නිපදවා ඇති මෙය පිහිනුම්, ව්‍යායාම ආදියේ යෙදෙන ඔබ වෙනුවෙන්ම නිපදවූවක්.
එදිනෙදා ගමනේ බිමනේ වගේම කාර්යාලයේදී වුණත් අනිත් අයට කරදරයක් නොවී ප්‍රවෘත්ති අහන්න, ගීතයකට සවන්දෙන්න, දුරකථන ඇමතුම් වෙනුවෙන් අත්‍යාවශ්‍ය උපකරණයක් මේ headset. Xiaomi ජංගම දුරකථන හා උපාංග ක්ෂේත්‍රයේ කෙටි කලකින් හොඳ නමක් සාදාගන්න සමත්වුණු බ්‍රෑන්ඩ් එකක්. ඒ මිල සහ භාණ්ඩවල උසස් තත්ත්වය, කල්පැවැත්ම නිසා. Xiaomi හඳුන්වා දෙන මේ headset එක තාක්ෂණයෙන් උසස්, කල්පවත්නා එකක්. නමුත් ඉතා අඩු මිලකට මෙය මිලටගන්නට හැකියාව තිබෙනවා.
Apple තාක්ෂණ ලෝකයට හුරුබුහුටි නව ප්‍රවණතා(trends) හඳුන්වාදෙන්නෙක්. ඔවුන් හඳුන්වා දුන් රැහැන් රහිත headset සංකල්පය(airpods) තාක්ෂණයට ප්‍රිය පරම්පරාවේ උන්මාදයක් වුණා. අනෙක් තරඟකාරී වෙළඳ සමාගම් පවා ඔවුන්ගේ මේ ගණයේ headset හඳුන්වා දෙන්න කටයුතු කළා. Xiaomi Airdots අඩු මිලකට මිලට ගත හැකි උසස්ම නිෂ්පාදනයක්. කාර්යබහුල , තාක්ෂණයට ප්‍රිය ස්මාර්ට් කාන්තාවන්ට ගැලපෙනම headset එකක් විදියට මේ Xiaomi Airdots හඳුන්වන්න පුළුවන්.
කාර්ය බහුල ඔබටම නිපද වූ Bluetooth headset එකක්. Stereo හඬ සහිත උසස් තාක්ෂණය මුසු මෙම headset එක රථ වාහන පැදවීමේ වගේම අනෙකුත් වැඩ අතර තුර පහසුවෙන් ඔබේ දුරකථන ඇමතුම්වලට සම්බන්ධ වීමට ගැලපෙන්නක්.Apple iPhone වගේම Samsung ජංගම දුරකථන සමග හොඳින් ගැලපෙන උපකරණයක්. භාෂා පරිවර්තන පහසුකම අන්තර්ගතව තිබීම මෙහි කැපී පෙනෙන ලක්ෂණයක්.
රූපවාහිනියට, පරිගණකයට හිමිව තිබුණු තැන සම්පූර්ණයෙන්ම පාහේ ජංගම දුරකථනය පැහැර ගෙන. බොහෝ දෙනා දැන් තමනුගේ online ජීවිතය සම්පූර්ණයෙන්ම පාහේ ගෙවන්නේ ජංගම දුරකථනය එක්ක. රූපවාහිනියේ, ගුවන්විදුලියේ කාර්ය භාරය පවා ජංගම දුරකථනය භාර ගෙන. ගටලුවෙක් වන්නේ තිරයේ ප්‍රමාණය. චිත්‍රපටයක්, වෙනත් වීඩියෝවක් නැරඹීමේදී මේ කුඩා තිරය එතරම් ගැලපෙන්නේ නැහැ. මේ ඊට හොඳම විසඳුමක්. බොහෝ ස්මාර්ට් ෆෝන් සමග කිසිම ගැටළුවක් නැතිව වැඩ කරන අඟල් 12ක තිරය ඔබේ ජංගම දුරකතනයට සම්බන්ධ කර පහසුවෙන් වීඩියෝ ආදිය නැරඹිය හැකියි. නවා පහසුවෙන් ගෙන යා හැකි ආකාරයට සකසා ඇති මෙම තිරය ලෙදර් ආවරණයක් සහිතව ආකර්ෂණීය ලෙස නිමවා තිබෙනවා. දරුවන්ට Youtube ඇසුරෙන් පාඩම් විස්තර කිරීමට, කාර්යාලයේදී presentation සඳහා ගැලපෙන ම එකක්.
Gym එකෙන් කෙලින්ම office එකට දුවන ඔබට එන ලොකු ගැටළුවක් junk food බැහැර කර ඔබේම ආහාර ඔබම සකසා ගැනීම. නැතිනම් පුංචි දරුවන් එක්ක ගැනේ බිමනේදී ඔවුන්ගේ ආහාර පිළියෙළ කර දීම. මෙන්න විසඳුම. මේ Blender එක ඔබටම පහසුවෙන් පලතුරු යුෂ සහ වෙනත් ආහාර රැසක් ක්ෂණිකව සාදා ගැනීමට උපකාරී වේවි. USB මගින් රීචාර්ජ් කළ හැකි වීම විශාල වාසියක්.
වැඩි විස්තරයක් නැහැ. වයර් ගොඩක් එක්ක පැටලිලා අවුල් කරගන්නේ නැතිව wireless විදියට ඉක්මනින් ස්මාර්ට් ෆෝන් චාර්ජ් කරන්න හොඳම charger එකක්. අලුත්ම බොහෝ ස්මාර්ට් ෆෝන් වලට මෙය ගැලපෙනවා. පහසුවෙන් රැගෙන යා හැකි එකක්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…