සුවඳ විලවුන් අපි හැමෝම අතර ජනප්‍රිය දෙයක්.කෙනෙකුගේ මතකය, බැඳීම අප වෙත රඳවන්නට විටෙක සුවඳ විලවුන් එක සාධකයක් වනවා. කෙනෙකුගේ රුචි අරුචිකම්, සිතුම් පැතුම්, ගති ස්වභාවය පෙන්වන කැඩපතක් ඔහු හෝ ඇය හුරු වුණු කැමති වුණු සුවඳ විලවුන් වර්ගය.
සුවඳ විලවුන් අපි හැමෝම අතර ජනප්‍රිය දෙයක්.කෙනෙකුගේ මතකය, බැඳීම අප වෙත රඳවන්නට විටෙක සුවඳ විලවුන් එක සාධකයක් වනවා. කෙනෙකුගේ රුචි අරුචිකම්, සිතුම් පැතුම්, ගති ස්වභාවය පෙන්වන කැඩපතක් ඔහු හෝ ඇය හුරු වුණු කැමති වුණු සුවඳ විලවුන් වර්ගය. මේ සුවඳවිලවුන්වල කතාන්දරය ක්‍රිස්තු උපතටත් ඔබ්බෙන් සඳහන් වන්නක්. පැරණි මෙසපොතේමියානු සහ ඊජිප්තු ශිෂ්ටාචාර හෝ ඈත පෙරදිග චීනයෙන් සුවඳ විලවුන් බිහි වුණේ යයි සැලකෙනවා. මෙය අද වනවිට රූපලාවන්‍ය සහ විලාසිතා ලෝකය තුල ඉහලින්ම තිබෙන ව්‍යාපාරයක්ද වනවා. අද අප ඔබ වෙත ගෙන එන්නේ 2019 වසරේ වඩා ජනප්‍රියම කාන්තා සුවඳ විලවුන් වර්ග 10 ගැන තොරතුරු බිඳක්.
Dior සන්නාමයෙන් නිකුත් වන මෙම විලවුන් වර්ගය මුල් වරට හඳුන්වා දුන්නේ 1999දී.දිගු කාලයක් සුවඳ රැදී තිබෙන මෙම විලවුන් වර්ගය බොහෝ විට සවස් වරුව සඳහා යෝග්‍ය වනවා. රෝස, පිච්ච ආදී මල් වර්ගවල සුවඳ කැටිව ප්‍රධානවම Floral Note යටතේ නිපදවූවක්. කාන්තා ගතිය අපූරුවට කැටි වූ විලවුන් විශේෂයක් තරුණ සහ මැදිවියේ යන දෙපාර්ශවය අතරම එක ලෙස ජනප්‍රියව පවතිනවා. තරමක් ඉහල මිලකින් යුතු වුනත් ස්වල්පයකින් පවා ලොකු සුවඳක් පතුරන බැවින් දිගු කලක් භාවිත කළ හැකි වර්ගයක්.
Chloé නිපදවන මෙම විලවුන් වර්ගය සාධාරණ මිලකට ලබා ගත හැකි වගේම ඉතා ජනප්‍රිය ගණයේ එකක්. මෙහි Floral notes තුලින් එන pink peony, lychee, springtime freesia සහ lilly සුවඳ වල එකතුව මෙන්ම Amber සුවඳ(Animalic), cedarwood(Woody) සංකලනයෙන් වෙනස්ම සුවඳක්, හැගීමක් ගෙන දෙන්නට සමත් වනවා. මේ නිසාම කාන්තාවන්ගේ මටසිලිටු කාන්තා ලාලිත්‍ය හා එක්ව තරමක් අධිෂ්ඨාන ශීලී, නිදහස් සිතුම් පැතුම් ඇති කාන්තාවක මෙයින් නිරූපණය වනවා. ඕනෑම දිනයකට, ඕනෑම වෙලාවකට ගැලපෙන මෙම විලවුන් විශේෂය වැඩි වෙලාවක් සුවඳ රැදී තිබෙන්නක්.
මිලදී ගැනීමට : Click here
කාන්තා ගතිය හොඳින්ම නිරූපණය කරන වර්ගයක්. Yves Saint Laurent Mon Paris දවසේ ඕනෑම වෙලාවකට යෝග්‍ය වනවා. වසරේ හොඳම Fruity ගතිය රැඳුනු විලවුන් විශේෂය ලෙස හඳුන්වනවා. Strawberry, raspberry, pear, සහ orange වැනි සුවඳ කැටිව Fruity note එකෙන් මෙන්ම Floral ගතිය හා කැටිව patchouli, crystal moss, සහ white musk ආදී Animalic note එකද සම්මිශ්‍රව සෑදුවක්. වැඩිපුරම Fruity ගතිය පෙන්වන විලවුන් වර්ගයක් වන මෙය මතකයේ රැඳෙන සුවඳකින් යුතු එකක් ලෙස ජනප්‍රියයි.
මිලදී ගැනීමට : Click here
මෙය තරමක් වෙනස් සුවඳ විලවුන් විශේෂයක්. ගැහැණු පිරිමි භේදයකින් තොරව භාවිත කරන්නට පුළුවන් වීම විශේෂ වනවා. 2019 වසරේ හොඳම Unisex විලවුන් විශේෂය ලෙස හඳුන්වනවා. Floral, Woody මෙන්ම Gourmand notes වල එකතුවෙන් සැදුනු මෙහි dark chocolate, sandalwood, orchid, සහ patchouli සුවඳ වර්ග කැටිව තිබෙනු දැනෙනු ඇති.
සාපේක්ෂව අඩු මිලකට ලබාගත හැකි එහෙත් ඔබට වාසි රැසක් ගෙන දෙන විලවුන් විශේෂයක් ලෙස D&G Light Blue හඳුන්වන්නට පුළුවන්. උදෑසන සහ දිවා කාලය සඳහා වඩා යෝග්‍ය කාන්තා විලවුන් විශේෂයක්. Floral ගතිය කැටි වුවද හොඳින් දැනෙන සේ මතුවන Citrus ගතිය නිසා අනවශ්‍ය ලෙස සරාගී හැගීම් උපදවන සුවඳකට වඩා හිතේ රැඳෙන ප්‍රසන්න බවක් ඇතිකරන සුවඳකින් සමන්විත වනවා. citron, bluebell, apple, jasmine, bamboo, white rose, cedarwood, amber, සහ musk සුවඳවල එකතුවක්. රැකියා ස්ථානය සඳහා වඩා සුදුසුම විලවුන් විශේෂය ලෙස ජනප්‍රියයි.
මිලදී ගැනීමට : Click here
සුවඳ කියන්නෙත් අපූරු දෙයක්. ක්ෂණයකින් අප උන් තැනින් වෙනත් තැනකට, කාලයකට ගෙනයන්න සුවඳට පුළුවන්. Coco Chanel විලාසිතා ලෝකයේ ඉහලින්ම රැඳුණු සන්නාමයක්. ඔවුන් ඉදිරිපත් කරන Coco Mademoiselle ඔබ වසර ගණනක් ආපස්සට ගෙනයන්නට සමත් වන සුවඳකින් සමන්විතයි. 2019 වසරේ හොඳම Vintage Perfume එක ලෙස මෙය හැඳින්වෙනවා. කාන්තා ගතිය වගේම සොඳුරු මිහිරි හැගීමක් කැටිවුණු සුවඳක් මෙහි තිබෙනවා.එය සැර සුවඳකට වඩා වෙනස් වූවක්. rose, jasmine, patchouli, lychee, orange, grapefruit, vetiver, vanilla, සහ musk සුවඳ වර්ග මෙහි කැටිව තිබෙනවා.
Floral සහ Fruity ගතිය වැඩිපුර මතුවන සේ නිපදවා ඇති Daisy by Marc Jacobs කෙළිලොල්, යොවුන් වියේ මිහිරි බව ගෙන එන සුවඳකින් යුතු විලවුන් විශේෂයක්. Strawberry, grapefruit සහ violet අඩංගු top note එකකින්ද, gardenia සහ jasmine middle note එකෙන්ද, musk, white woods, සහ vanilla base note එකෙන්ද සමන්විත මෙම වර්ගය 2019 වසරේ හොඳම යොවුන් පරපුරේ සුවඳ විලවුන් වර්ගය ලෙස හැඳින්වෙනවා. ඕනෑම අවස්ථාවකට සුදුසු මෙම විලවුන් වර්ගය වඩා ක්‍රියාශීලී වසන්ත, ගිම්හාන සමයන් සඳහා හොඳින් ගැලපෙනවා.
නමේ සඳහන් ලෙසටම මල් සුවඳ පැතිරෙන විලවුන් විශේෂයක්. 2019 වසරේ හොඳම Floral ගණයේ විලවුන් වර්ගය ලෙස හැඳින්වෙනවා. මෙහි සුවිශේෂී සුවඳ නිසාම විශේෂයෙන්ම රාත්‍රී සම්භාෂණ වලට මෙන්ම රොමාන්තික රාත්‍රී හමුවන්ටත් අපූරු බවක් එක කරන්නට සමත් නිෂ්පාදනයක්. ඉහලින්ම කැපී පෙනෙන freesia, orchid, rose, සහ jasmine සුවඳ මිශ්‍ර top note එක සමග අතරින් මතුවන bergamot, mandarin, amber, patchouli, vanilla සහ praline එක්වූ base note එකෙන් වෙනස්ම හැඟුමක් ඇති කරනවා.
මිලදී ගැනීමට : Click here
Fruity සහ Floral සුවඳවල සම්මිශ්‍රණයක් වන මෙම Chanel Chance Eau Tendre Eau de Toilette විලවුන් විශේෂය එහි ඊට ආවේණික අපූරු සුවඳ නිසාම සුඛෝපබෝගී ඉහල පැලැන්තියක හැගීමක් මතුකරන්නට සමත් වනවා. එහෙත් මිල අතින් ගත කල මධ්‍යස්ත මට්ටමක තිබෙන්නක්. උදෑසන මෙන්ම සවස් කාලය සඳහා ද සුදුසු විලවුන් වර්ගයක්. ආකර්ෂණීය, සරාගී මෙන්ම සිත රැඳෙන සුවඳක් මෙහි තිබෙන බව නොරහසක්. Grapefruit, Jasmine, White Musk, Citron, Jasmine, සහ Teakwood.සුවඳ වල එකතුවක්.
මේ තමයි 2019 වසරේ ජයග්‍රාහී සුවඳ විලවුන් වර්ගය. Yves Saint Laurent Black Opium ඊට අනන්‍ය අසමසම උණුසුම් සරාගී සිත් ඇද බැඳ ගන්නා අපූරු සුවඳ වගේම කල් පැවැත්ම, මිල ආදී සෑම අංශයකින්ම ඉදිරියෙන්ම සිටිනවා. ඉහලම අලෙවියක් ඇති සුවඳ විලවුන් වර්ගයක්. සැලකිය යුතු මිලකින් යුතු වුවත් ඔබට ඉන් ලැබෙන අත්දැකීම වෙනස්ම එකක් වේවි. එමගින් ඔබ කෙරෙහි ගොඩ නැගෙන පෞරුෂය, ආකර්ෂණය වෙනස්ම එකක් වේවි. Black Opium ඉදිරියෙන් සිටින්නේ මේ ඊට පමණක් ආවේණික ලක්ෂණ නිසාමයි. White floral top note එක සමග coffee, vanilla, සහ cedarwood base note මුසුව මෙහි සුවඳ නගා තිබෙනවා.
මිලදී ගැනීමට : Click here
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…