පසුගිය ජූනි 21 වනදා ප්‍රදර්ශනය ආරම්භ වුණු Toy Story 4 මේ වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්ම වූ හය වැනි චිත්‍රපටය ලෙස වාර්තා අතරට ඇවිත්. පරිගණක සජීවිකරණ චිත්‍රපටයක් වන මෙය වෝල්ට් ඩිස්නි චිත්‍රපට වෙනුවෙන් Pixar Animation Studioහි නිෂ්පාදනයක්. සජීවී සෙල්ලම් භාණ්ඩ පිරිසක් මුල් කරගෙන නිර්මාණය වුණු Toy Story කතා මාලාව ආරම්භ වන්නේ 1995දී. 2010 තිරගත වූ Toy Story 3 චිත්‍රපටයට පසු වසර 9කින් ප්‍රදර්ශනය ආරම්භ කළ Toy Story 4 මිනිත්තු 100ක දර්ශන කාලයක් දිවෙන්නක්. සුපුරුදු ලෙසටම Andyගේ ප්‍රියතම සෙල්ලම් භාණ්ඩ වූ Woody, Buzz Lightyear ඇතුළු කණ්ඩායමේ වීර ක්‍රියා රැගත් මෙම චිත්‍රපටයත් ප්‍රදර්ශනය අරඹා පළමු සති කීපය තුලම වැඩිහිටි, බාල සැම දෙනාගේම අවධානය දිනා ගන්නට සමත් වුණා. එය IMDBහි 8.1ද, Rotten Tomatoesහි 97% අගයක්ද වාර්තා කර තිබෙනවා.

Credit: www.imdb.com