මේ වචනය අහද්දී ටිකක් බරපතල වැඩි කියල ඔබට සිතෙයි. මම ඔබට පොඩි කතාවක් කියන්නම්,
මේ වචනය අහද්දී ටිකක් බරපතල වැඩි කියල ඔබට සිතෙයි. මම ඔබට පොඩි කතාවක් කියන්නම්,
එක නගරයක හිටිය කොණ්ඩ කපන මනුස්සයෙක්. මේ මනුස්සයට තිබ්බ බොහොම හොද පුරුද්දක් ඒ තමයි හැමදාම උදෙන්ම එන පලවෙනි සේවාදායකයට නොමිලේ තමන්ගේ සේවය සැපයීම. කොටින්ම කිව්වොත් සල්ලි ගන්නේ නැතුව කොන්ඩේ කපනවා. ඔහු මේ දෙය කරන්නේ ස්තුති කිරීමක් විදිහට. හැමදිනකම ඔහු මේ දේ කරනවා. එක දිනක් ඔහු උදැසන ඔහුගේ සාප්පුව අරින්න එනකොට ඔහු දකිනවා ලස්සන රෝස මල් දොළහක් ඔහුගේ දොරකඩ පුංචි කොලයකුත් එකක්. ඒ කොලේ මෙන්න මෙහෙම ලියල තියෙනවා, ” ඔබ දක්වපු ස්තුතියට අපගේ කෘතගුණ ” .
මේ පුංචි කතාවෙන් දෙයක් පැහැදිලි වෙනවා ඔබ දෙයක් දුන්නොත් හදවතින් එහි ලැබීමත් ඔබට හදවතින් ලැබෙනවා.
එත් අද අපිට එහෙම දකින්න ලැබෙනවද ? මේ වගේ පරිත්‍යාගශීලීන්. නැහැ අද අපි දකින්නෙම “ගන්නන්”.ඔවුන් ගැනම හිතන ඔවුන්ගේ ජීවිත රටාවම ගැන හිතන, මගේ ජීවිතේ මගේ ගෙදර අය මගේ, මගේ, මගේ කියන ” ගන්නන්”. මගේ කියල වැළඳ ගන්නන්. මෙය මුළු ලෝකය පුරාම දකින දෙයක්. හොදින් බලන්න.
ඔබ දන්නවද “ගන්නන්” ගැන, ඔවුන්ට හොදට කන්න පුළුවන්, නමුත් ඔබ පරිත්‍යාගශීලී කෙනෙක් නම් ඔබ දන්නවද ඔවුන්ට හොද නින්දක් ලැබෙනවා. ඒ වගේම, “ගන්නන්” ඔවුන්ට හොද කාලයක් ලැබෙනවා, නමුත් “දෙන්නන් ” ඔවුන්ට හොද ජීවිතයක් ලැබෙනවා. ඔබ දන්නවද ඒ ඇයි කියල, මොකද දීම තුල ඔබට ලැබෙනවා කිසිම තැනකින් ලබා ගත නොහැකි වටිනා හැගීමක් සතුටක්. එයට අපි කියනවා ආත්ම තෘප්තිය කියල. ඒ නිසයි මන් සදහන් කලේ, ” ගන්නන්” හොඳ කාලයක් ගත කරන අතරම
“දෙන්නන්” හොද ජීවිතයක් ගත කරනවා.
මම දැන් ඔබෙන් මෙහෙම අහන්නම් , ඔබලා කී දෙනෙක් දැන් හුස්ම ගන්නවද?? ඔබ දැන් තමන්ගෙන්ම ඇහුව නේද ඒ මොන මෝඩ ප්‍රශ්නයක්ද කියල. බැලූ බැල්මට ඒක මෝඩ උනාට අහන්න ලොකු හේතුවක් තියෙනවා. ඔව් අපි හැමෝම හුස්ම ගන්නවා ඔබේ පිළිතුර ඒකයි.
හැබැයි මං ඔය දෙයම මෙහෙම ඇහුවොත්, කීදෙනෙක් තමන් හුස්ම ගන්න එක ගැන අවධානයෙන් හුස්ම ගන්නවද කියල? මං හිතන්නේ නෑ අපි කවුරුත් එහෙම කරනවා කියල.
ඔබ ලග ඇපල් ආයතනයේ ඔරලෝසුවක් තියෙනවනම් ඔබ දන්නවා ඇති, පැයෙන් පැයට එහි මතක් කිරීමක් එනවා ඔබ හුස්ම ගැනීම ගැන අවධානය යොමු කරන්න. ඒ කියනනේ පැයකට වරක්වත් ඒ ගැන “සතිය(සිහිය)” යොදවන්න කියලා.
මොකද්ද මේ අවධානය යොමු කරනවා කියන්නේ? ඔබ හුස්ම ගැනීම ගැන හිතනවා. ඔබ හුස්ම ගන්නවා… හුස්ම ගන්නවා හුස්ම ගන්නවා… හුස්ම ගන්නවා… එහෙම හිතුවොත් ඔබට දැනෙන්නේ කුමක් ද? පුදුම අපහසුතාවයක්. නැතිනම් අපි මෙහෙම හිතනවා මම හුස්ම හෙළනවා… හුස්ම හෙළනවා… හෙළනවා… හෙළනවා දැනුත් ඔබට දැනෙන්නේ අපහසුතාවයක් නේද ???
ඔබට දැන් යමක් වටහුනද? පොඩ්ඩක් හිතන්න අපේ මේ ශරීරයේ තියෙන ඒ සුන්දර, අද්විතීය සහ අමුතුම නිමැවුම. මොනතරම් සමබරද ? මොනතරම සැහැල්ලුද? ” හුස්ම ගැනීමේ රිද්මය” . ජීවිතය ගැන කියද්දී නොදැන දැනෙන ඒ හුස්ම ගැනීම සහ හුස්ම හෙලීම.
දිගටම හුස්ම ගත්තා පමණක් උනානම්, නැතිනම් හුස්ම හෙලීම පමණක් උනානම් අපි කුමක් කරන්නද??? අපිට මොනතරම් සමබරතාවයක්ද ජීවිතය උගන්වල තියෙන්නේ. මොනතරම් සුන්දරද???
මෙය කදිම පාඩමක් අපිට කියල දෙනවා ඒ තමයි, “ගන්න ” ඒ වගේම ” දෙන්න”… ” ලබාගන්න ” බෙදාගන්න” , “වැලදගන්න” :රැකවරණයට”, මෙන්න මේ කදිම සුන්දර සමබරතාවය අපිට ජීවිතය කියදීල තියෙනවා. මොනතරම් අපූරුද? මොනතරම් සුන්දරද…. අපි හැමෝම ගොඩක් කැමති සතුටින් ඉන්න.. එහෙම නේද?? අපි කැමති නේද ජීවිතයේ සැහීමකට පත්වෙන්න.
මුලින්ම කිවව වගේ ස්තුතිවන්ත වීම, පරිත්‍යාගශීලි වීම බලන්න මේ දේවල් වලින් අපිට ලැබෙන සතුට. මේ සැනසීම අපිට කියල දුන්නේ අපේ ජීවිතයමයි. හුස්ම ගැනීමේ රිද්මයමයි. නමුත් අපි කීයෙන් කී දෙනාද මේ ගැන දන්නේ.
අද ලෝකය ගත්තොත් අපට ඇති තරමට තොරතුරු තිබෙනවා. දැන් ලෝකයට අවශ්‍ය මේ තොරතුරු ලබාදෙන බෙදාහරින පුද්ගලයින්. ඒ කියන්නේ පරිණාමනය කරන්නන්(Transformers). ඔබ ළඟ ඇති එළියෙන් තවත් පහන් දැල්වීමයි අවශ්‍යය. ඇත්තටම අපිට ඇති තරම් තොරතුරු තිබෙනවා. මේ තොරතුරු එකිනෙක අතර බෙදා ගැනීමයි අවශ්‍ය වෙන්නේ.
මේ මහා තරගය අතර අවශ්‍ය වන්නේ දායකත්වයයි.ඔබටත් හැකිනම් ලෝකයට මේ විශ්වයට බලාපොරොත්තුවක් එකතු කරන්න. එයයි ඔබේ දායකත්වය. ඇයි අපි එහෙම කියන්නේ ,මේ විශ්වයයි ඔබට සියලු දේ ලබාදෙන්නේ. ඉතින් ඔබ කෘතගුණ සැලකිය යුතු නොවේද???
“ගන්නන්” අතර “ලබාදෙන්නෙක්” බවට පත්වෙන්න. එයයි ඔබේ දායකත්වය. මේ සදහා ඔබ කළ යුත්තේ කුමක් ද? ඔබට හැකිනම් ඔබේ ආධ්‍යාත්මික අධ්‍යාපනය දියුණු කරන්න ඔබේ දායකත්වය ඔබට වැටහේවි. අපි මේ ලබන්නේ අපේ ද්‍රව්‍යමය අධ්‍යාපනයයි. අපි අපේ දරුවන්ට ලබාදෙන්නෙත් එයමයි. ද්‍රව්‍යමය අධ්‍යාපනය ඔබට ජීවනය සලසනවා. නමුත් ආධ්‍යාත්මික අධ්‍යාපනය ඔබට ජීවිතය දෙනවා. මන් දන්නවා අපි හැමෝම කැමති ජීවත් වෙන්න. ඒ නිසා ඔබේ දායකත්වය වටහා ගන්න.
අද සිට පරිමාණය කරන්නෙක් වන්න.කෘතවේදී වන්න. එය ඔබට තව බොහෝ දේ ලබා දේවි.
@Nisansal John
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…