මෙවර සිය සන්නාමයේ ඉතිහාසයේ පළමු වතාවට Pink Casual නිෂ්පාදන පෙළ වෙනුවෙන් සංක්‍රාන්ති ලිංගික නිරූපිකාවක සම්බන්ධ කර ගැනීමට Victoria's Secret තීරණය කර තිබෙනවා. ඒ බ්‍රසීලියානු ජාතික සුපිරි නිරූපිකාවක වන Valentina Sampaio.
රෝයි රේමන්ඩ් ඇඳුම් වෙළඳ සැලකට ගොඩවන්නේ සිය බිරිඳට යමක් මිලදී ගැනීමේ අරමුණින්. එහි වූ අලුත්ම විලාසිතාවේ කාන්තා යට ඇඳුම් දකිනවිට මිලට ගැනීමට ආසාවක් තිබුණත් සබකෝලය ඊට හරස්වුනා. ඒ 1969දී. මේ ලජ්ජා ශීලී හැඟීම නිසාවෙන්ම ඊට වසර අටකට පසු 1977ජූනි 12 අලුත් කාන්තා යට ඇඳුම්(lingerie) සන්නාමයක් එලි දක්වන්නට රෝයි රේමන්ඩ් සහ ඔහුගේ බිරිඳ සමත් වුණා. ඒ ලෝ ප්‍රකට Victoria’s Secret. 1982දී රේමන්ඩ් සිය ව්‍යාපාරය Leslie Wexnerට අලෙවි කළේ ඇමෙරිකානු ඩොලර් මිලියනයකට. 1993දී සැන් ෆ්රැන්සිස්කෝ හි Golden Gate පාලමෙන් පැන රේමන්ඩ් සියදිවි නසා ගත්තේ ආතතිය නිසාවෙන්.
නව කළමනාකාරිත්වය යටතේ ඇමෙරිකානු නව යෞවනියන්ගේ පටන් ලෝකය පුරා කාන්තාවන් අතර උන්මාදයක් සේ පැතිර ගිය සන්නාමයක් වුණා.එහි වත්මන් වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 7.4 ඉක්මවනවා. Victoria’s Secret අද වන විට කතා බහට ලක්වන්නේ එහි ඇතිවුණු එක් ආකාරයක අර්බුදයක් නිසාවෙන්.
VS Pink වික්ටෝරියා සීක්‍රට් හි අති ජනප්‍රිය නිෂ්පාදන මාලාවක්. විශේෂයෙන්ම තරුණ වයසේ පිරිස් ඉලක්ක කරගත් මේ නිෂ්පාදන මාලාව ලෝකය පුරාම ඉහල අලෙවියක් පෙන්වූ එකක්. මේ නිෂ්පාදන සමගින් නිරූපණ ක්ෂේත්‍රයට ආ Adriana Lima, Elsa Hosk, Grace Elizabeth, Tyra Banks, Rosie Huntington-Whiteley, Miranda Kerr, Heidi Klum සිය ක්ෂේත්‍රයන්හි ඉහලටම පැමිණීමට සමත් වුණා.
වාර්ෂිකව පැවැත්වෙන Victoria’s Secret නිරූපණ උළෙල විලාසිතා ලෝකයේ වැදගත් අංගයක් වුණා. මෙවර සිය සන්නාමයේ ඉතිහාසයේ පළමු වතාවට Pink Casual නිෂ්පාදන පෙළ වෙනුවෙන් සංක්‍රාන්ති ලිංගික නිරූපිකාවක සම්බන්ධ කර ගැනීමට Victoria’s Secret තීරණය කර තිබෙනවා. ඒ බ්‍රසීලියානු ජාතික සුපිරි නිරූපිකාවක වන Valentina Sampaio. එය නව චින්තනයන් සමග සංක්‍රාන්ති ලිංගික පිරිස්ද අපේම කොටසක් යන පිළිගැනීම සම්බන්ධයෙන් ගත් වටිනා තීරණයක්. විය යුත්තේද එයමයි. අපට ඇති ගැටලුව නම් මෙවැන්නකට මෙපමණ පමා වූයේ ඇයිද යන්නයි. නමුත් මහා ලිබරල්වාදීන් යයි උදම් අනන ඇමෙරිකාව තුලද හණමිටි කාරයින් සිටින බව තහවුරු කරමින් VS හි ප්‍රධාන විධායක නිලදාරියෙකු වන Ed Razek සිය තනතුරින් ඉල්ලා අස්වූයේ සංක්‍රාන්තික ලිංගිකයින්ගේ ආගමනය සිය සන්නාමයට කැළලක් බව සඳහන් කරමින්. පුද්ගල නිදහස අගයන ලෝකයක මෙවැන්නන් බැහැර වී යාම ඩාවින්ගේ පරිණාමවාදය සිහිපත් කරන්නක්. පරිසරයට නොගැලපෙන්නා බැහැර වී වැනසී යනු ඇතිය යන්න එහි සඳහන් වනවා. කෙසේ නමුත් හණමිටි ආකල්ප පසෙක දමා නව චින්තනයන් සමග අරඹන මේ අලුත් ගමනට Zest Girls Sri Lanka අපේ සුබ පැතුම්!!!
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…