Trend Spotter

වික්ටෝරියානු යුගයෙන් ගොඩ එන්නට වලි කන Victoria’s Secret

මෙවර සිය සන්නාමයේ ඉතිහාසයේ පළමු වතාවට Pink Casual නිෂ්පාදන පෙළ වෙනුවෙන් සංක්‍රාන්ති ලිංගික නිරූපිකාවක සම්බන්ධ කර ගැනීමට Victoria's Secret තීරණය කර තිබෙනවා. ඒ බ්‍රසීලියානු ජාතික සුපිරි නිරූපිකාවක වන Valentina Sampaio.

රෝයි රේමන්ඩ් ඇඳුම් වෙළඳ සැලකට ගොඩවන්නේ සිය බිරිඳට යමක් මිලදී ගැනීමේ අරමුණින්. එහි වූ අලුත්ම විලාසිතාවේ කාන්තා යට ඇඳුම් දකිනවිට මිලට ගැනීමට ආසාවක් තිබුණත් සබකෝලය ඊට හරස්වුනා. ඒ 1969දී. මේ ලජ්ජා ශීලී හැඟීම නිසාවෙන්ම ඊට වසර අටකට පසු 1977ජූනි 12 අලුත් කාන්තා යට ඇඳුම්(lingerie) සන්නාමයක් එලි දක්වන්නට රෝයි රේමන්ඩ් සහ ඔහුගේ බිරිඳ සමත් වුණා. ඒ ලෝ ප්‍රකට Victoria’s Secret. 1982දී රේමන්ඩ් සිය ව්‍යාපාරය Leslie Wexnerට අලෙවි කළේ ඇමෙරිකානු ඩොලර් මිලියනයකට. 1993දී සැන් ෆ්රැන්සිස්කෝ හි Golden Gate පාලමෙන් පැන රේමන්ඩ් සියදිවි නසා ගත්තේ ආතතිය නිසාවෙන්.
නව කළමනාකාරිත්වය යටතේ ඇමෙරිකානු නව යෞවනියන්ගේ පටන් ලෝකය පුරා කාන්තාවන් අතර උන්මාදයක් සේ පැතිර ගිය සන්නාමයක් වුණා.එහි වත්මන් වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 7.4 ඉක්මවනවා. Victoria’s Secret අද වන විට කතා බහට ලක්වන්නේ එහි ඇතිවුණු එක් ආකාරයක අර්බුදයක් නිසාවෙන්.

Roy Larson Raymond සහ Leslie Wexner

VS Pink වික්ටෝරියා සීක්‍රට් හි අති ජනප්‍රිය නිෂ්පාදන මාලාවක්. විශේෂයෙන්ම තරුණ වයසේ පිරිස් ඉලක්ක කරගත් මේ නිෂ්පාදන මාලාව ලෝකය පුරාම ඉහල අලෙවියක් පෙන්වූ එකක්. මේ නිෂ්පාදන සමගින් නිරූපණ ක්ෂේත්‍රයට ආ Adriana Lima, Elsa Hosk, Grace Elizabeth, Tyra Banks, Rosie Huntington-Whiteley, Miranda Kerr, Heidi Klum සිය ක්ෂේත්‍රයන්හි ඉහලටම පැමිණීමට සමත් වුණා.

VS Pink – Life is PINK, PINK is life
VS Pink Models

වාර්ෂිකව පැවැත්වෙන Victoria’s Secret නිරූපණ උළෙල විලාසිතා ලෝකයේ වැදගත් අංගයක් වුණා. මෙවර සිය සන්නාමයේ ඉතිහාසයේ පළමු වතාවට Pink Casual නිෂ්පාදන පෙළ වෙනුවෙන් සංක්‍රාන්ති ලිංගික නිරූපිකාවක සම්බන්ධ කර ගැනීමට Victoria’s Secret තීරණය කර තිබෙනවා. ඒ බ්‍රසීලියානු ජාතික සුපිරි නිරූපිකාවක වන Valentina Sampaio. එය නව චින්තනයන් සමග සංක්‍රාන්ති ලිංගික පිරිස්ද අපේම කොටසක් යන පිළිගැනීම සම්බන්ධයෙන් ගත් වටිනා තීරණයක්. විය යුත්තේද එයමයි. අපට ඇති ගැටලුව නම් මෙවැන්නකට මෙපමණ පමා වූයේ ඇයිද යන්නයි. නමුත් මහා ලිබරල්වාදීන් යයි උදම් අනන ඇමෙරිකාව තුලද හණමිටි කාරයින් සිටින බව තහවුරු කරමින් VS හි ප්‍රධාන විධායක නිලදාරියෙකු වන Ed Razek සිය තනතුරින් ඉල්ලා අස්වූයේ සංක්‍රාන්තික ලිංගිකයින්ගේ ආගමනය සිය සන්නාමයට කැළලක් බව සඳහන් කරමින්. පුද්ගල නිදහස අගයන ලෝකයක මෙවැන්නන් බැහැර වී යාම ඩාවින්ගේ පරිණාමවාදය සිහිපත් කරන්නක්. පරිසරයට නොගැලපෙන්නා බැහැර වී වැනසී යනු ඇතිය යන්න එහි සඳහන් වනවා. කෙසේ නමුත් හණමිටි ආකල්ප පසෙක දමා නව චින්තනයන් සමග අරඹන මේ අලුත් ගමනට Zest Girls Sri Lanka අපේ සුබ පැතුම්!!!

Valentina Sampaio
Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago