SL Gossip

විජයබා කොල්ලය අගෝස්තු 01දා

කාලය ක්‍රිස්තු වර්ෂයෙන් 1521 වැන්නයි. බල තණ්හාව නිසාවෙන්ද, මහලු වයසේ නොමනා මනමාලකම නිසාවෙන්ද, පියෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය. කෝට්ටේ රාජ්‍යය බිඳ වැටුණි. එය කොටස් තුනකට වෙන්විය. අවසානයේ මින් වාසි ලැබුවේ පරදේශක්කාර පෘතුගීසින්ය. මේ විජයබා කොල්ලය පිලිබඳ කතා පුවතයි.

“මේ විජේබාහු රජ එකගෙයි කන අවධියට වැදූ කුමාරයෝ තුන්දෙනාට අහිමි කොට ඇතිකරපු දෙවරාජ කුමාරයට රට දෙන්ඩ ඕනෑ කියා කඳවුරේ බණ්ඩාරත් ඒකනායක මුදලියාත් දෙන්නා බස් ගිවිස්වා මේ කුමාරයින්ඩ සදියට උසාවිකර යෝජනා කළාහ. මේ කුමාරයෝ තුන්දෙන කිනම්හු ද යත් භුවනේකබාහුය, රයිගම්බණ්ඩාර මායාදුන්නේ රජය.මේ කුමාරවරු තුන්දෙනා තමන්ට සදියට උසාවි කරන බව දැකලා ගණපන්තියට වැද සැඟවී ඉඳලා රාත්‍රියේ කරුණාධිපති වාසලින් පිටත්ව බොරලැස්ස පාරේ මීගමුවට ගොසින් යාපා පටුන කරුණාධිපතියාගේ ගෙදරට ගොසින් වැඩිමහලු රජ දෙදෙනා එගම පටබැන්දාට භාරකාර දී බාලරජ කන්ද උඩ ගියසේක….මාලිගා බිඳ කොල්ලකන්ඩ කියා නිරෝහී කෙළ ඉක්බිති අන්තඃපුරයට වැද මාලිගා බිඳ කොල්ලකන් ඩ වන්නාහ. මාලිගා බිඳ පත්තායම් බිඳ පෙට්ටගම් බිඳ රාජවස්තු පටපිළි මුතු මැණික් රිදී රත්රන් කොල්ලකාගෙන නුවර වීදි කොල්ලකනකොට අණබෙර ලා අමන්තුකළාහ. ඒ කොල්ලය විජේබාහු කොල්ලය නම් විය….ඉක්බිති රාත්‍රී වූ කල විජේබාහුට හදියට කීපදෙනෙකුන්ඩ කී විට අපි රාජඅපරාධ නොකරමුව කී විට සලමාන් කියන ආගන්තුකයා ලවා හදි කරවා විජේබාහු මරා දැමූහ.” – රාජාවලිය

Credits : විජයබා කොල්ලය – Vijayaba Kollaya

කාලය ක්‍රිස්තු වර්ෂයෙන් 1521 වැන්නයි. බල තණ්හාව නිසාවෙන්ද, මහලු වයසේ නොමනා මනමාලකම නිසාවෙන්ද, පියෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය. කෝට්ටේ රාජ්‍යය බිඳ වැටුණි. එය කොටස් තුනකට වෙන්විය. අවසානයේ මින් වාසි ලැබුවේ පරදේශක්කාර පෘතුගීසින්ය. මේ විජයබා කොල්ලය පිලිබඳ කතා පුවතයි. ඩබ්ලිව්. ඒ සිල්වා ශූරින් විසින් මේ ඓතිහාසික සිදුවීම පෙම් පුවතක් හා මුසුකොට නවකතාවක් ලෙස එළිදැක්වූයේ 1938දීය. දැන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා සිත්තම ලෙස එය අගෝස්තු 01 දා තිරගත වීමට නියමිතය. නැසීගිය මහා සිනමාවේදී තිස්ස අබේසේකරයන්ගේ අවසන් තිර රචනය මේ “විජයබා කොල්ලය”යි. නිෂ්පාදනය සරසවි ප්‍රකාශන අධිපති එච්.ඩි. ප්‍රේමසිරි මහතාගෙනි.

හේමාල් රණසිංහ, සෙනාලි ෆොන්සේකා සහ අශාන් ඩයස් ප්‍රධාන චරිත වන නයනානන්ද, නීලමනී සහ අසංක සඳහා දායක වන අතර ප්‍රීති රන්දෙණිය, බුද්ධික ජයරත්න, අර්ඩ්ලි වෙදමුණි, චුලක්ෂි රණතුංග, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, රයන් වැන්රෝයන්, ගැවින් ලුඩෝවයික්, ගයනා සුදර්ශනී සෙසු චරිත නිරූපණය කරති. චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණයෙන්, හර්ෂ මංජුල අංග රචනයෙන්, තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන්, ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතයෙන්, සංඛ අබේසිංහ නර්තන අධ්‍යක්ෂණයෙන්, සුමුදු අමල්ක සටන් අධ්‍යක්ෂණයෙන්, විශ්වනාත් බුද්ධික කීර්තිසේන පරිගණක සජීවිකරණ අධ්‍යක්ෂණයෙන් දායක වෙති.

Credits : Chandu Haputhanthri
Credits : SANUKA
Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

1 day ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

2 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago