www.bestweb.lk හි ලියාපදිංචි වුණු පසු Media, Sports & Entertainment Websites යටතේ කියන අපේ www.zestgirls.lk වෙබ් අඩවිය දැකගන්නට ලැබේවි. ඒ මතට ගොස් ඔබට ඔබේ වටිනා මනාපය පල කළ හැකියි.
Zest Girls Sri Lanka අපට අපේ ආදරණීය පාඨකයින්ගේ සහයෝගය නැතිවම බැරි දින 03ක් මේ ගෙවෙන්නේ. LK Domain Registry මගින් වාර්ෂිකව සංවිධානය කර පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ හොඳම සහ ජනප්‍රියම වෙබ් අඩවි ශ්‍රේණිගත කරන bestweb.lk සඳහා තරඟ කිරීමට 2019 වසරේ අපි ද සුදුසු කම් ලැබූ බව ඔබට දැනුම් දෙන්නේ හද පිරි සතුටකින්. අප තරඟ වදින්නේ Media, Sports & Entertainment Websites යන අංශයෙන්. ඉතාමත් තරඟකාරී වගේම ක්ෂේත්‍රයේ දැවැන්තයින් රැසක් තරඟ වදින අංශයක්. ඉතින් අපේ එකම බලාපොරොත්තුව අපේ මේ ආදරණීය පාඨක පිරිස.අපට කිසියම් හෝ ජයග්‍රහණයක් ලබා ගන්නට හැකි වන්නේ ඔබේ මනාපයෙන් පමණක් මයි. ඉතින් අපි ගැන වගේම BestWeb.lk තරඟය ගැනත් පුංචි සටහනක් මේ විදියට තබන්න සිතුවා.
Zest Girls Sri Lanka අපි වෙබ් අඩවියක් විදියට හා හා පුරා කියලා ඔබත් එක්ක එකතු වුණේ මේ අවුරුද්දේ පෙරවාරි 15 වැනිදා පටන්. මහා ලොකු කාලයක් නම් නැහැ. ඒ වුනත් බොහොම උනන්දුවෙන් සක්‍රීය විදියට අපිත් එක්ක රැඳුණු පිරිසක් මේ ටික කාලේ තුල ගොඩ නැගුනා.දිනෙන් දින සතියෙන් සතිය ඒ පිරිස වැඩි වුණා. ඔබේ ජීවිතය සුන්දර කරන්න වගේම අලුත් දේවල් ගැන දැනුමක් ලබා දෙන්න උවමනා ලිපි පෙළක්ම දූපත් මානසිකත්වයෙන් මිදිලා ගෙන එන්න අප නිබඳවම කටයුතු කළේ ඒ නිසාවෙන් මයි. තාක්ෂණික අතින් වුණත් ඔබට ගැලපෙනම දෙයක් ලබා දෙන්න අපි උත්සහ කළා. AMP(Accelerated Mobile Pages) වගේ තාක්ෂණයක් අපේ ජංගම දුරකථන සහ ටැබ්ලට් උපාංග භාවිත කරන 90% වඩා වන ඔබ වෙනුවෙන් යොදාගෙන තිබෙන්නේ ඒ නිසා. ඉතා ඉක්මනින් වෙබ් අඩවිය ඔබට බලාගන්න වගේම ඔබේ දත්ත(data) ඉතුරු කරගන්න පුළුවන් මේ තාක්ෂණය නිසාවෙන්. නවීන, යාවත්කාලින වුණු තාක්ෂනය සමග රැදී සිටීමත් අපට මේ තරඟයට සහභාගී වෙන්න සුදුසුකම් ලබන්න හේතුවක් වුණා
පහසුම ක්‍රමය පහත දක්වා තිබෙන link එක click මත කිරීමෙන් තරඟය වෙත පිවිසීම. එහිදී ඔබට ඔබේ විද්‍යුත් තැපැල් ගිණුම හරහා හෝ Facebook හරහා ලියාපදිංචි වන්න පුළුවන්. nic.lk/bestweb.lk කියන්නේ ලංකාවම පිළිගත්ත මුළු ලංකාවටම .lk ඩොමේන් නාම ලබාදෙන එකම ආයතනය. මොරටුව සරසවිය හා අනුබද්ධිතව තිබුණු මෙම ආයතනය ලංකාවම පිළිගත්ත වගකිවයුතු ආයතනයක්. ඔබේ තොරතුරු ලබාදීමෙන් කිසිම ගැටළුවක් වන්නේ නැහැ. www.bestweb.lk හි ලියාපදිංචි වුණු පසු Media, Sports & Entertainment Websites යටතේ කියන අපේ www.zestgirls.lk වෙබ් අඩවිය දැකගන්නට ලැබේවි. ඒ මතට ගොස් ඔබට ඔබේ වටිනා මනාපය පල කළ හැකියි. මේ මනාප ලබා දෙන අවසන් දිනය ජූලි මස 03 වනදා. ඉතින් ඔබේ වටිනා සහයෝගය එක්ක ලොකු ගමනක් යන්න අපි අදිටන් කරගෙන සිටිනවා. මනාප ලබාදී සහය පල කළ අය ඇත්නම් අනේක වාරයක් තුති!
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…