Vagina(vulva) නැතිනම් යෝනි ප්‍රදේශයට සිදුකරන රූපලාවන්‍ය සත්කාරයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. Vagina+Facial යන වචනවල එකතුවෙන් මේ Vajacials යන්න නිර්මාණය වී තිබෙනවා.
ලස්සන වෙන්න අකැමති කවුද? ජීවිතේ සොඳුරු කාලේ ලස්සනට පෙනුමට ඉන්න, අඳින්න පළඳින්න ගැහැණු-පිරිමි භේදයක් නැතිව අපි හැමෝම කැමති. විශේෂයෙන්ම ගැහැණු අපි මේ ලස්සන ගැන හිතනවා වැඩි නේද? ගොඩක් වෙලාවට සම පැහැපත්ව තියා ගන්න, හිසකෙස් ලස්සනට කපලා වර්ණ ගන්වලා තබාගන්න, අනවශ්‍ය රෝම ඉවත් කරන්න, නිය ලස්සන කරගන්න අපි කොයි තරම් රූපලාවන්‍ය නිෂ්පාදන ගන්නවාද? කොයි තරම් සැලෝන් වලට යනවාද? ලස්සනට, අනෙක් අයගේ හිත ඇද බැඳ ගන්නා විදියට ඉන්න ගැහැණු අපි කොහොමත් කැමති. ඒ වගේ අය දැන ගත යුතු ලංකාවේ අපට නම් ටිකක් අලුත් රූපලාවන්‍ය සත්කාරයක් ගැන තමයි අද මම ඔයාලට කියන්න යන්නේ. ඒ තමයි Vajacial.
මොකක් ද මේ Vajacial කියන්නේ? මේ එක විදියක facial treatment එකක්. විශේෂය වන්නේ මෙය අපි සිදුකරන්නේ සුපුරුදු facial treatments වගේ මුහුණට නම් නොවේ. Vagina(vulva) නැතිනම් යෝනි ප්‍රදේශයට සිදුකරන රූපලාවන්‍ය සත්කාරයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. Vagina+Facial යන වචනවල එකතුවෙන් මේ Vajacials යන්න නිර්මාණය වී තිබෙනවා.
අද වන විට තරුණ පරම්පරාව අතර ශරීරය නිරාවරණය වන ඇඳුම්, බිකිණි වගේ දේවල් සාමාන්‍ය, සුලබ විලාසිතා වෙලා තියනවා දකින්න පුළුවන්. Instagram වගේ සමාජ මාධ්‍යවලින් අපිට මේ බව දකින්න පුළුවන්. තරුණියන් බොහොමයක් නිරූපණ ක්ෂේත්‍රයට එකතු වෙන්නෙත් ඒ මගින් ලොකු ගමනක් යන්න හැකි නිසා. ඉතින් මේ හැම කෙනෙක්ටම අවශ්‍ය දෙයක් තමයි ලස්සන සමක් කියන්නේ. වෙනදා සැඟවුණු රහස් ප්‍රදේශ පවා ලස්සනට තියා ගන්න, සම එකම පැහැයකින් තියා ගන්න අද කාන්තාවන් පෙළඹිලා. මේ නිසා තමයි මේ Vajacials වගේ ප්‍රතිකාර අද ජනප්‍රිය වෙලා තියෙන්නේ. මෙහිදී සමේ නිරාවරණ වන ස්ථානවලට වගේම රූපලාවන්‍ය ප්‍රතිකාර යෝනි ප්‍රදේශය ආශ්‍රිතවත් සිදු කෙරෙනවා. මෙමගින් මැරුණු සම කොටස් ඉවත් කර මුළු සිරුරම එක වගේ ආකර්ශනීය ආකාරයකින් සකසා ගැනීමේ හැකියාව ලැබෙනවා. අනවශ්‍ය රෝම ඉවත් කිරීම, සමේ මැරුණු සෛල ඉවත් කිරීම, බිකිනි ප්‍රදේශයේ ගැටිති ස්වභාවයට ප්‍රතිකාරය, සම අව්ඵ ගැන්වී අඳුරුව තිබීමට(hyperpigmentation) කරන ප්‍රතිකාර, එම ප්‍රදේශයේ සමේ තෙතමනය මනාව පවත්වා ගැනීම ආදී ප්‍රතිකාර දකින්නට පුළුවන්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…