Beauty

අලුත්ම beauty රැල්ල Vajacial!!!

Vagina(vulva) නැතිනම් යෝනි ප්‍රදේශයට සිදුකරන රූපලාවන්‍ය සත්කාරයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. Vagina+Facial යන වචනවල එකතුවෙන් මේ Vajacials යන්න නිර්මාණය වී තිබෙනවා.

ලස්සන වෙන්න අකැමති කවුද? ජීවිතේ සොඳුරු කාලේ ලස්සනට පෙනුමට ඉන්න, අඳින්න පළඳින්න ගැහැණු-පිරිමි භේදයක් නැතිව අපි හැමෝම කැමති. විශේෂයෙන්ම ගැහැණු අපි මේ ලස්සන ගැන හිතනවා වැඩි නේද? ගොඩක් වෙලාවට සම පැහැපත්ව තියා ගන්න, හිසකෙස් ලස්සනට කපලා වර්ණ ගන්වලා තබාගන්න, අනවශ්‍ය රෝම ඉවත් කරන්න, නිය ලස්සන කරගන්න අපි කොයි තරම් රූපලාවන්‍ය නිෂ්පාදන ගන්නවාද? කොයි තරම් සැලෝන් වලට යනවාද? ලස්සනට, අනෙක් අයගේ හිත ඇද බැඳ ගන්නා විදියට ඉන්න ගැහැණු අපි කොහොමත් කැමති. ඒ වගේ අය දැන ගත යුතු ලංකාවේ අපට නම් ටිකක් අලුත් රූපලාවන්‍ය සත්කාරයක් ගැන තමයි අද මම ඔයාලට කියන්න යන්නේ. ඒ තමයි Vajacial.

මොකක් ද මේ Vajacial කියන්නේ? මේ එක විදියක facial treatment එකක්. විශේෂය වන්නේ මෙය අපි සිදුකරන්නේ සුපුරුදු facial treatments වගේ මුහුණට නම් නොවේ. Vagina(vulva) නැතිනම් යෝනි ප්‍රදේශයට සිදුකරන රූපලාවන්‍ය සත්කාරයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. Vagina+Facial යන වචනවල එකතුවෙන් මේ Vajacials යන්න නිර්මාණය වී තිබෙනවා.

අද වන විට තරුණ පරම්පරාව අතර ශරීරය නිරාවරණය වන ඇඳුම්, බිකිණි වගේ දේවල් සාමාන්‍ය, සුලබ විලාසිතා වෙලා තියනවා දකින්න පුළුවන්. Instagram වගේ සමාජ මාධ්‍යවලින් අපිට මේ බව දකින්න පුළුවන්. තරුණියන් බොහොමයක් නිරූපණ ක්ෂේත්‍රයට එකතු වෙන්නෙත් ඒ මගින් ලොකු ගමනක් යන්න හැකි නිසා. ඉතින් මේ හැම කෙනෙක්ටම අවශ්‍ය දෙයක් තමයි ලස්සන සමක් කියන්නේ. වෙනදා සැඟවුණු රහස් ප්‍රදේශ පවා ලස්සනට තියා ගන්න, සම එකම පැහැයකින් තියා ගන්න අද කාන්තාවන් පෙළඹිලා. මේ නිසා තමයි මේ Vajacials වගේ ප්‍රතිකාර අද ජනප්‍රිය වෙලා තියෙන්නේ. මෙහිදී සමේ නිරාවරණ වන ස්ථානවලට වගේම රූපලාවන්‍ය ප්‍රතිකාර යෝනි ප්‍රදේශය ආශ්‍රිතවත් සිදු කෙරෙනවා. මෙමගින් මැරුණු සම කොටස් ඉවත් කර මුළු සිරුරම එක වගේ ආකර්ශනීය ආකාරයකින් සකසා ගැනීමේ හැකියාව ලැබෙනවා. අනවශ්‍ය රෝම ඉවත් කිරීම, සමේ මැරුණු සෛල ඉවත් කිරීම, බිකිනි ප්‍රදේශයේ ගැටිති ස්වභාවයට ප්‍රතිකාරය, සම අව්ඵ ගැන්වී අඳුරුව තිබීමට(hyperpigmentation) කරන ප්‍රතිකාර, එම ප්‍රදේශයේ සමේ තෙතමනය මනාව පවත්වා ගැනීම ආදී ප්‍රතිකාර දකින්නට පුළුවන්.

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

6 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

7 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

7 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago