මේ මුල්ම COVID-19 රෝගියා නැතිනම් "Patient Zero" සොයා ගිය ගමනේදී ප්‍රංශයේ නැවතුම විස්මය දනවන්නක් වුණා.
අද මැයි 09 වන දින වන විට ලෝකයේ රටවල් 212කින් වාර්තා වන COVID-19 ආසාදිතයින් ගණන මිලියන 40 ඉක්මවා ගිහින්(4,032,719ක්). මේ නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ ගණන මේ ලිපිය සකසන මේ මොහොත වන විට 276,677ක්. මේ වන විටත් මින් විශාලතම පහර වැදී ඇත්තේ ලෝක බලවතා වන ඇමෙරිකා එක්සත් ජනපදයට. මුළු රෝගීන් 1,322,164ක්, මරණ 78,616ක් සමග ඇමෙරිකාව තවමත් ලැයිස්තුවේ පෙරමුණේ සිටිනවා. ලෝකයේ රටවල් බොහොමයක පාහේ මේ මොහොත වන විට උත්සාහය වී ඇත්තේ රෝගය මර්ධනයට එන්නතක් සොයා ගැනීම.
චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරය මුල් කරගෙන 2019 දෙසැම්බර් අග භාගයේ මේ කොරෝනා පවුලේ නවතම සාමාජිකයා නව කොරෝනා වෛරසය නැතිනම් COVID-19(Coronavirus disease 2019) ව්‍යාප්තිය ඇරඹුණු බව පිලි ගැනුනා. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා ප්‍රසිද්ධියේ මේ ගැන පවසන්නේ චීන වෛරසය නමින්. නමුත් වෛරසය පැතිරීමේ ආරම්භය ගැන පැවසුණු කතා විටෙක අරුම පුදුම ඒවා වුණා. ඇතැම් අය පැවසුවේ මේ වෛරසය හිතා මතා මුදා හළ හෝ වැරදීමකින් මුදා හැරුණු ජෛව අවියක් බවයි. වෛරස ව්‍යාප්තියේ මූලාරම්භය සොයා යාම වරද සිදුවූ තැන සොයා ගැනීමට මෙන්ම ප්‍රතිකාරයකට පවා පිටිවහලක් වන බැවින් බොහෝ රටවල් තම තමුන්ගේ රටවල මුල්ම කොරෝනා ආසාදිතයා සොයන්නට පටන් අරන්. මේ මුල්ම COVID-19 රෝගියා නැතිනම් “Patient Zero” සොයා ගිය ගමනේදී ප්‍රංශයේ නැවතුම විස්මය දනවන්නක් වුණා.
රෝගීන් 176,079ක්, මරණ 26,230ක් සමග කොරෝනා ලැයිස්තුවේ හයවන ස්ථානයේ සිටින ප්‍රංශය මුලින් සිතා සිටියේ තම “Patient Zero” ජනවාරි 24 වැනිදා වාර්තා වුණු චීනයේ සිට පැමිණි 48 හැවිරිදි පිරිමියෙකු බවයි. ඔහු චීනයේ සංචාරයේ සිට පැමිණි අයෙක්.නමුත් වැඩි දුර තොරතුරු සොයා යාමේදී හමුවූ තොරතුරු විස්මය දනවන්නක් වුණා. ඊට මසකට පෙර එනම් දෙසැම්බර් 27 වන දින උතුරු පැරිස් රෝහලකට ඇතුලත් කර තිබූ Amirouche Hammar නම් 43 හැවිරිදි පුද්ගලයෙකුගේ සාම්පල COVID-19 ආසාදිත බව තහවුරු කර තිබුනා. නිව්මෝනියා රෝග තත්ත්වයන් නිසා රෝහල් ගත කර සිටි ඔහු දින කීපයකින් සුවය ලබා පිටව ගොස් තිබුණා. ඒ අනුව ඔහු ආසාදිත වී ඇත්තේ ඊට දෙසතියක් ඇතුලත කාලයක. එනම් දෙසැම්බර් 14ත් 22ත අතර දිනයක. ඔහු කිසිඳු රටක සංචාරය කළ අයෙකු නොවීම විශේෂ සිදුවීමක්. ඔහුගේ බිරිඳ චීන සම්භවයක් ඇති අයෙකු වන අතර මෑත කාලයේ ඇයද චීනයේ සංචාරය කර නැහැ. ඇයත්, දරුවනුත් මේ රෝග තත්ත්වයෙන් පීඩා වින්දත් රෝගය එතරම් උග්‍ර නොවූ නිසා රෝහල් ගතවී නැහැ. මේ අනුව ප්‍රංශයේ “Patient Zero” සහ ඔහුගේ පවුල COVID-19 ආසාදිත වූයේ කාගෙන් ද? මෙය තවමත් නොවිසඳුණ අභිරහසක්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…