100% Feminine

හැම දිනයක්ම කාන්තාවගේ දිනයක්

අවුරුද්දක දිනයකට කාන්තාවගේ අගය සමරන්න වෙන් කිරීම ප්‍රමාණවත් නැහැ. පවුල, සමාජය, ලෝකය කියන සැම තැනකම කාන්තාවගෙන් ඉටුවන මෙහෙය දිනකින් අගය කරන්න බැහැ. කැලැන්ඩරයේ සැම දිනයක්ම කාන්තාවගේ දිනයක්.

කාන්තාවක්, යුවතියක් නිදහස ගැන කතා කරන්න, නිදහස අත්විඳින්න හරිම කැමතියි. ඒ කාන්තාවක විදියට කුඩා කාලයේ තම නිවසේ අම්මා තාත්තාගෙනුත් වැඩිහිටියන්ගේනුත්, තරුණ වයසේදී පෙම්වතාගෙන් නැතිනම් ස්වාමිපුරුෂයාගෙනුත් වැඩිහිටි වයසේදී දරුවන්ගේත් ආරක්ෂාව යටතේ වගේම නීති රීතිවලටත් යටත් වෙලා ජීවත් වෙන්න වෙලා තිබෙන නිසා.

කාන්තාවකට තිබෙන්නේත් ජීවිතයක්. ඇයට තමන් ගැන ආත්ම ගරුත්වයක් වගේම ආත්මාභිමානයක් තිබෙනවා. මනුෂ්‍යත්වය, සමානාත්මතාවය ඉතා ඉහලින් කතාකරන රටක, සමාජයක කාන්තාවන්ට හිමිවන තැන ඉහල එකක් විය යුතුයි. නමුත් එදිනෙදා සමාජයේ සිදුවන සිදු වීම් ගැන බැලුවම ඊට හාත්පස වෙනස්. කාන්තාව හැම දිනකම අපරාධවලට, අපයෝජනවලට, සූරාකෑම්වලට ලක් වෙලා. සමහර අවස්ථාවල කාන්තාව කොතරම් පහල තත්ත්වයකට ඇද වැටෙනවාද? ඇය කොතරම් අසරණ වෙනවාද? කියන එක ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.

තමන්ගේ ජීවිතය වටේ තිබෙන, සමාජයෙන් ගොඩ නගලා තිබෙන පුහු අදහස් පැත්තකට දමලා ඕනෑම ඉලක්කයකට ජීවිතය අරගෙන යන්න කාන්තාවකට පුළුවන්. ඒ සඳහා ඇය ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනේ. සුදානම් වෙන්න ඕනේ. ජීවිතය පිළිවෙලකට හදා ගන්න ඕනේ. ඉවසීම, දරාගැනීම, අධිෂ්ඨානය, කැප වීම, කැප කිරීම වගේ ගුණාංග වලින් පරිපූර්ණ වෙන්න ඕන. ඒවාගේම තමන්ගේ බාහිර ස්වරූපය ගැනත් හොඳ ආත්ම විශ්වාසයකින් කටයුතු කරන්න ඕන.

අද පවතින තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ වුණු නවීන ලෝකය එක්ක ගනුදෙනුවට ගැලපුණු ස්මාර්ට් කාන්තාවක් වෙන්න හිතට ගන්න. ඉගෙනීම හැම අංශයකින්ම ඔබ ශක්තිමත් කරාවි. ගෑනු ලෝකයක ලොකුම හීනය, ඉලක්කය “විවාහය” කියන පුහු මිත්‍යාවෙන් මිදෙන්න. කාන්තාවකට එතනින් එහා ගිය ජීවන අරමුණු, අපේක්ෂාවන්, ඉලක්ක තිබිය යුතු වෙනවා. මේ අලුත් වන ලෝකයේ ඇය අලුත් අත්දැකීම් ලැබිය යුතුමයි.

අද අපි මොන දේ කිව්වත් ජාත්‍යන්තර මට්ටමින් කාන්තාව ලැබූ ජයග්‍රහණ, ඇය හොබවන ස්ථානය සමග සංසන්දය කලාම අපේ ශ්‍රී ලාංකික කාන්තාව තවමත් තරමක් මුළු ගැන්විලාදෝ කියලා සිතෙන තරම්. වෙනස් වන ලෝකයක වෙනස් නොවන එකම දෙයත් වෙනස් වෙනස් වීමයි. කාන්තාවක් විදියට වෙනස් නොවුනොත් පැවැත්මක් නැති වේවි. නවීන් ලෝකය එක්ක එක වෙලා දැනුම, පැවැත්ම යාවත්කාලින කරගත් කාන්තාවන් අද වනවිට විවිධ ක්ෂේත්‍රවල ඉහල තැන්වල සිටිනවා අපට දකින්නට පුළුවන්. අලුත් ලෝකයක අලුත් අත්දැකීම්, නවීන දැනුම ලැබීම ඒ අයට ඒ ගමන යන්න උදව්වක් වෙලා තිබෙනවා. අලුත් තරඟකාරී ලෝකයේ ආකල්පමය වශයෙනුත් යාවත්කාලින වීමෙන් ලෝකයේ, සමාජයේ තමන්ට හිමි තැන සාර්ථක ලෙස සලකුණු කර ගැනීමටත්, පවුල සහ සමාජය සමග සාර්ථක සම්බන්ධතා පවත්වාගනීමටත් කාන්තාවට හැකි වෙලා.

අනවශ්‍ය විදියට රැඩිකල් වෙලා හොඳට ලස්සනට කුරුළු කුඩුවක් වගේ තිබෙන ඔබේ පවුල කඩාගෙන එලියට එන්න කියලා අපි කවදාකවත් කියන්නේ නැහැ. අලුත් වන සමාජ රටාවක ඔබත් ඔබේ ආකල්පමය දියුණුවක් එක්ක ඉදිරියට යන්න. මේ අභියෝගය ජය ගත්තොත් ඔබ සාර්ථක වේවි. ඒ කියන්නේ ඔබ ඉහල තැනකට යාවි. ඔබේ සම්බන්ධතා ඉතා හොඳ මට්ටමකට වර්ධනය වේවි. සාර්ථක ජීවිතයක ඔබ හොඳ බිරිඳක්, මවක් වීම තිබිය යුතු අංග. හොඳ සැමියෙක්, සහකරුවෙක් තමන්ගේ සහකාරියට දියුණුව කරා යන්න අත්වැලක්. අවශ්‍ය වන්නේ කැප කිරීම. අවුරුද්දක දිනයකට කාන්තාවගේ අගය සමරන්න වෙන් කිරීම ප්‍රමාණවත් නැහැ. පවුල, සමාජය, ලෝකය කියන සැම තැනකම කාන්තාවගෙන් ඉටුවන මෙහෙය දිනකින් අගය කරන්න බැහැ. කැලැන්ඩරයේ සැම දිනයක්ම කාන්තාවගේ දිනයක්.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago