ශ්රී ලංකාවේ 16 වන කොරෝනා ආසාදිත මරණය ඊයේ(25) වාර්තා වුණා. මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි කොළඹ 2 ප්රදේශයේ පදිංචි 70 හැවිරිදි අයෙක්. රුධිරයට විෂ බීජයක් ඇතුළු වීම නිසා රෝගාතුරව රෝහලට ඇතුලත් කළ ඔහු පසුව COVID-19 ආසාදිතයෙකු බව හඳුනා ගැනුණා. මරණය සිදුව ඇත්තේ රුධිරයට විෂ බීජ ඇතුළු වීම නිසා ඇතිවූ සංකුලතා නිසා බව සඳහන්.
