අද මේ කියන ලස්සන පියයුරු යුවලකට වැදගත් Tips 7 ගැන සැලකිලිමත් වුනොත් ඔබ දිහා අනෙක් අය දෙපාරකට වඩා බලනවට සැකයක් නැහැ.
සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින – නිසි පුළුලු’කුළ රිය සක යුරු තිසර තන
දිසි රන ලියෙව් රූ සිරි යුත්මෙ පුරඟන – ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණි සංදේශයේ ඒ කාලේ ජයවර්ධන පුරවරයේ හිටපු කාන්තාවන්ගේ ලස්සන 13 වැනි කවියෙන් විස්තර කෙරුනේ ඔය විදියට. ඉතින් කාන්තාවකගේ ලස්සන ගැන කියන මේ විදිය අදටත් වලංගුයි. මෙහෙම රූපයක් තියාගන්න අකැමති යුවතියක්, තරුණ වයසේ කාන්තාවක් ඉඳීවි කියලා හිතන්න අමාරුයි. කොහොමත් ගෑනු කැමති තමන්ගේ ලස්සන අනෙක් අය දකිනවට. විඳිනවට. වර්ණනා කරනවට. ඒ ගෑනු ගතිය. උසට ගැලපෙන මහතක්, ලස්සන පැහැපත් සමක්, කෙස් කළඹක් වගේම හැඩට වැඩුනු පියයුරු යුවලක්, නිතඹක් ගැහැණු ලෝකයේ හීන. ගැහැණු රූපයක ඇහැ රඳවන අංග. විශේෂයෙන්ම ගැහැණු රුවක මුලින්ම ඇස ගැටෙන තැන පියයුරු යුවල(විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයින්ගේ 😉). ඉතින් අද මේ කියන ලස්සන පියයුරු යුවලකට වැදගත් Tips 7 ගැන සැලකිලිමත් වුනොත් ඔබ දිහා අනෙක් අය දෙපාරකට වඩා බලනවට සැකයක් නැහැ.
01) ගැලපෙන යට ඇඳුම්(Bra) තෝරා ගන්න – ඔබේ ශරීරයේ මිමිවලට හරියටම ගැලපෙන ලෙසට bra තෝරාගන්න. නොගැලපෙන මිමිවල යට ඇඳුම් නිසා ඔබේ පෙනුම අවලස්සන වේවි. නිවසේදී පහසු ආකාරයේ යට ඇඳුම්(sports bra) ඇඳීමෙන් පියයුරු එල්ලා වැටීමෙන් තොරව තබා ගැනීමට උදව්වක් වේවි. අනෙක් අතට ලාබෙට ලැබෙන දිගු වෙලාවක් ඇඳ සිටින විට සිරුරට අහිතකර වගේම, අපහසුකම් ඇති කරන bra වෙනුවට උසස් ප්‍රමිතියේ යට ඇඳුම් මිලට ගන්න අමතක කරන්න එපා.සුළු මුදලක ලාබයට වඩා ඔබේ පෙනුම වගේම සුවපහසුව වටිනා බව සිහි තබා ගන්න.
02) පියයුරුවලට නිදහසක් දෙන්න – පුරුෂ පාර්ශවයට වඩා කාන්තා මට, ඔබට උඩුකය පවා සිර කරගෙන දවසේ වැඩි කාලයක් ගෙවන්නට සිදු වී තිබෙනවා. නමුත් දවසේ යම් හෝ කාලයක් පියයුරුවලට නිදහසේ වර්ධනය වන්නට වෙන් කරන්න. නිදා ගන්නා විට ඔබට යට ඇඳුම් රහිතව සිටින්නට හැකි නම් එය ඊට උදව්වක් වනවා.
03) ඔබේ ඉරියව් නිසි පරිදි පවත්වාගන්න – මුනින් අතට නිදා ගැනීමෙන් පියයුරු තෙරපීමකට ලක් වන්නට පුළුවන්. දිගින් දිගටම එලෙස සිදුවීමෙන් පියයුරු ප්‍රදේශයේ රැලි ස්වභාවයක් ඇතිවන්නට පුළුවන්. උඩු අතට නිදා ගැනීම වඩා යෝග්‍ය වනවා.ශරීරය කුදුව දිස්වන ආකාරයේ ඉරියව් වලින් මිදී සෑම විටම ශරීරය ඍජුව තබා ගන්න. එමගින් පියයුරු උස්ව අලංකාරව දිස්වනවා.
04) සීතල වතුර සත්කාරය – සමහර විට ඔබ ස්නානයේදී තරමක් උණුසුම් වතුර යොදාගන්නවා ඇති. නමුත් සීතල වතුරෙන් පියයුරු ප්‍රදේශ තෙමීමට අමතක කරන්න එපා. එය පියයුරු සෑදී ඇති පටක දැඩිව පවත්වා ගැනීමට උපකාරයක් වේවි. එය රුධිර සංසරණයට උපකාරී වන්නක්. සීතල වතුර කවාකාර ආකාරයට පියයුරුවලට තරමක් වෙලා ඉසින්න. එමගින් පියයුරුවල තද ගතිය රැඳී තිබෙනු ඇති.
05) තෙතමනය හා සම්බාහනය වැදගත් – ස්නානයෙන් පසු තෙතමනය රැකදෙන සැර නැති ක්‍රීම් වර්ගයක් ආලේප කර පියයුරු සම්බාහනය කරන්න. සතියට දින කීපයක් ජොජෝබා තෙල් මගින් සම්බාහනය කිරීමෙන් පුන් පියයුරු යුවලක් වර්ධනය කර ගන්නට හැකි වේවි.
06) සමබල ආහාර වේලක් – පෝෂ්‍යදායි ආහාර වේලක් ඔබේ සිරුරේ හැඩය මනාව පවත්වාගන්නට උපකාරී වේවි. නිතර නිතර සිරුරේ බර අඩු වැඩි වීම පියයුරු ඇදීමට ලක්වී එල්ලා වැටීමට හේතු වනවා. සෝයා ආහාර, නට් වර්ග(ආමන්ඩ්, කජු, රට කජු, වොල්නට්, පිස්ටෑශියෝ වැනි), කිරි, කොළ එළවලු, මුහුදු මාළු, ගස්ලබු, උළු හාල්, ටෝෆු වැනි ආහාර නිතර ගැනීමෙන් පියයුරු ස්වභාවිකව වර්ධනය කර ගන්නට පුළුවන්.
07) නිසි ව්‍යායාම – උඩුකය සඳහා ගැලපෙන ව්‍යායාම නිසි පරිදි කිරීමෙන් පියයුරු වර්ධනය වගේම, ඍජුව මනා පෙනුමෙන් තබා ගන්නට පුළුවන්. ඊට ගැලපෙන ව්‍යායාම පෙළක් වෙනත් ලිපියක් මගින් ගෙන එන්නම්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…