හොඳ දෙයට වඩා බොහෝ විට වැඩි පිරිසක් එක් රැස් වන්නේ නොහොඳ කරා. මෙය අද වන විට අපේ සමාජයේ trend එකක් වෙලා. බොහෝ විට හැම දෙයකින්ම වැඩකට නැති බාගෙම තෝරා ගන්නා අපේ අය, විශේෂයෙන්ම තාක්ෂණය වුණත් වැරදි දෙයටම තෝරා ගන්නා අපේ සමාජයේ දැන් පුංචි උන්වත් බිලිගන්න අරගෙන. හෙට දවසේ රටේ පුරවැසියන් වෙන මේ මල් කැකුළු රට ලෝකය ගැන ඒ තරම් දන්නා දෙයක් නැහැ. හරි මග පෙන්විය යුත්තේ ගුරු -දෙගුරු වැඩිහිටියන්. මේ ඒ වැඩිහිටියන්ට දෙන වැදගත් පණිවිඩයක්.