Photo credit: www.bbc.com

COVID-19 වැළඳීම නිසා ස්වයං නිරෝධායනයට ලක්ව සිටි බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි බච්චන් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා. ඇය සහ ඇගේ දියණිය වන ආරාධ්‍යා බච්චන් යන දෙදෙනාම මුම්බායි හි නානාවති රෝහලට ඇතුලත් කර ඇති බවයි සඳහන් වන්නේ. මුළු බොලිවුඩය ම කළඹමින් බච්චන් පවුල කොරෝනා රෝගයට ගොදුරු වුණු බව අපට පෙර දන ගන්නට ලැබුනක්. පතාක බොලිවුඩ් තරුවක් වන අමිතාබ් බච්චන්, අභිෂේක් බච්චන් කොරෝනා ආසාදනය නිසා රෝහල් ගත කෙරුණේ මීට දින ගණනකට කලින්. කෙසේ වෙතත් ජයා බච්චන් රෝගයට ගොදුරු වී නොමැති බව PCR පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.