ජූලි 13 සඳුදා සිට ජූලි 17 සිකුරාදා දක්වා දින 05ක් දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නැවත හිස ඔසවමින් එන කොරෝනා රැල්ල පාලනය සඳහා මේ තීරණය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හා අදාළ බලධාරීන් අතර සාකච්ඡාවකින් පසු ගනු ලැබූ බවයි සඳහන් වන්නේ.