ප්‍රබන්ධ ලෝකයේ ජනප්‍රිය චරිත මෙන් සැරසී කෙරෙන ඉදිරිපත් කිරීම් විශේෂයක්(performance art) ලෙස cosplay හඳුන්වන්නට පුළුවන්. Costume Play යන පද දෙකෙහි එකතුවක් ලෙස cosplay යන්න සැකසී තිබෙනවා.
සන්නිවේදනයේ, තාක්ෂණයේ දියුණුව සමග අප ලෝකය දකින ඇස පුළුල් වෙලා. දූපත් ජීවිතයෙන් ඔබ්බට ගිහින් ලෝකයේ අපට පෙනෙන ඇසෙන සීමාවක් නැති තරම්. මුළු ලෝකයම තනි යායක් වගේ. මේ නිසාම එක එක ජන කොටස් අතරින් පැන නගින සංස්කෘතික අංග වේවා…විලාසිතා වේවා…සීමාවක් නැතිව ලෝකය පුරාම පැතිර යනවා. කාලෙන් කාලෙට නොයෙක් රැලි(trends) ඇති කරනවා. අද අපි කතා බහට ලක් කරන Cosplay කියන්නෙත් ඒ වගේ රැල්ලක්.
ප්‍රබන්ධ ලෝකයේ ජනප්‍රිය චරිත මෙන් සැරසී කෙරෙන ඉදිරිපත් කිරීම් විශේෂයක්(performance art) ලෙස cosplay හඳුන්වන්නට පුළුවන්. Costume Play යන පද දෙකෙහි එකතුවක් ලෙස cosplay යන්න සැකසී තිබෙනවා. වර්තමානයේ තරුණ පරපුර අතර අතිශය ජනප්‍රියව ඇති Cosplayහි ආරම්භය ජපානය මුල් කර ගෙන සිදු වූවක්. Costume Play යන වචන ඇසුරෙන් kosu(コス)+pure(プレ) ලෙස cosplay යන පදය බිහි කිරීමේ ගෞරවය හිමි වන්නේ නොබුයුකි ටකහාෂි(Nobuyuki Takahashi) හටයි. 1984 ලෝක විද්‍යා ප්‍රබන්ධකරුවන්ගේ සම්මේලනයට( 1984 World Science Fiction Convention) සහභාගී වූ ටකහාෂි එහිදී දුටු විවිධ චරිත නිරූපණය කරමින් සැරසුණු රසිකයන් රසිකයින් ගැන ජපානයේ My Anime සඟරාවට ලිපියක් සැකසුවා. එහිදී ඔහු එම නිරූපණය හැඳින්වීමට යොදා ගත් වචනය අද cosplay යන්න දක්වා විකාශනය වුණා. මෙම cosplay ද role-play(චරිත නිරූපණ/භූමිකා රංගන) ගණයටම අයත් එකක් සේ සැලකෙනවා.
වෙස්මුහුණු පැළඳ සහභාගී වන සම්භාෂණ(Masquerade balls) මධ්‍යතන යුගයෙන් පසු කාලයේ එනම් 15 වැනි සියවසේ පටන් යුරෝපීය රාජකීය සහ ප්‍රභූ පැලන්ති අතර ප්‍රචලිත වන්නට වුණා. පසුකාලීනව එනම් 16වන සියවසෙන් පසුව පොදු ජනතාව අතරද ජනප්‍රිය වූ අතර එය අදටත් වැනීසියේ දකින්නට ලැබෙන්නක්. Mardi Gras නැතිනම් පාස්කුවට දින හතළිහකට පෙර දිනයේ අවසන් වන මෙය පුරා සතියක පමණ කාලයක් පැවැත්වෙනවා. අතීතයේ පටන් සම්ප්‍රදායනුකුලව පැවත එන වෙස් මුහුණු වර්ග(Bauta, Colombina, Medico Della Peste, Moretta/Servetta muta, Volto, Pantalone, Arlecchino, Zanni ආදී) පළඳිමින් , විශේෂ ඇඳුමින් සැරසී ගැහැණු-පිරිමි භේදයකින් තොරව සියලු දෙනාම පාහේ මේ උත්සව වලට සහභාගී වනවා.(Carnevale di Venezia පිලිබඳ විශේෂ ලිපියක් ළඟදීම)
මේ හැරුණු විට ලෝකයේ විවිධ ජනවර්ග අතර විවිධ ඇඳුමින් සැරසී, විවිධ මුහුණු පළඳිමින් නොයෙක් චරිත නිරූපණය කෙරුණු සංස්කෘතික අංග දකින්නට ලැබුණා. මධ්‍යම ඇමෙරිකානු මායා, ඇස්ටෙක් ජනවර්ග අතර, අප්‍රිකානු ගෝත්‍රික ජන කොටස් අතර, ඈත පෙරදිග සහ ඉන්දියානු උපමහාද්වීපයේ ජන කොටස් අතර මෙවැනි සංස්කෘතික අංග සඳහා උදාහරණ ඕනෑ තරම්. මෙහිදී බොහෝ විට නිරූපණය කෙරුනේ දෙවිවරුන්, යක්ෂයින්, විවිධ වීර චරිත ආදියයි. අපේ රටේ පවා දකින්නට ලැබෙන දහ අට සන්නිය, ගරා යක් නැටුම, පත්තිනි නැටුම් ආදී විවිධ සංස්කෘතික අංගවලදී දකින්නට ලැබෙන්නෙත් මේ cospaly ගණයේ ඉදිරිපත් කිරීම්. අද තරුණ පරපුර අතර ජනප්‍රියව ඇති cosplay විලාසිතා සහ නිරූපණ ශිල්පීන් වෙනමම ඊට අනන්‍ය උප සංස්කෘතියක් ගොඩ නංවන්නට සමත් වෙලා. එහි මූලාරම්භය මුලිකවම සිදුවන්නේ ජපානය මුල් කරගෙන. එය anime, cartoons, comic books, manga සහ විවිධ රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ ක්‍රීඩා නිසාවෙන් කරලියට එන ප්‍රබන්ධ චරිත ඇසුරු කරගෙන මෙම cosplay දකින්නට ලැබෙනවා. එය anime(පරිගණක හෝ අතින් අඳින චිත්‍ර ඇසුරෙන් ගොඩ නගන චරිත), cartoons, comic පොත්(cartoon චරිත ඇසුරෙන් ගොඩ නැගෙන කතා), manga(ජපානයට ආවේනික චිත්‍ර කතා පොත් විශේෂයක්) සහ විවිධ රූපවාහිනී වැඩසටහන්, ප්‍රබන්ධ චිත්‍රපට, වීඩියෝ ක්‍රීඩා නිසාවෙන් කරලියට එන ප්‍රබන්ධ චරිත ඇසුරු කරගෙන මෙම cosplay දකින්නට ලැබෙනවා.
Photo credit: https://vk.com/ https://www.pinterest.com/ |
***දෙවන කොටස ලබන සතියට…
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…