අද අපි ඔයාලට කියන්න යන්නේ අපේ රටේ නම් දකින්න නොලැබෙන Body modification එකක් ගැන ඒ Tongue Splitting.
Tattoo, Piercing වගේ දේවල් එක්ක තමන්ගේ ස්වරූපය වෙනස් කරන්න(Body Mods/Body Modifications) මිනිස්සු පුරුදු වුණේ අද ඊයේ නම් නොවේ. බොහෝ ජන කණ්ඩායම් අතර මේ වගේ ස්වරූපය වෙනස් කරන විවිධ විධි බොහෝ ඈත කාලයේ පටන් දකින්න ලැබුණා. දිගු ගෙල සෑදීම(වළලු යෙදීමෙන්), එල්ලෙන කන්පෙති(බර වැඩි කර්ණාභරණ පැළඳීමෙන් මේ ආකාරයේ කන් නිර්මාණය වුණා. – ලම්භකර්ණ), ශරීරයේ විවිධ ස්ථාන වර්ණ ගැන්වීම, ශරීරයේ නොයෙක් ස්ථාන සිදුරු කර විවිධ ආභරණ පැළඳීම ඉන්දියාවේ පටන් මධ්‍යම ඇමෙරිකාවේ ඇස්ටෙක්, මායා ගෝත්‍රිකයින් තෙක් විවිධ අයුරින් දකින්නට ලැබුණා. මේ විලාසිතාව අද වන විට Tattoo සහ Body piercing ලෙස අපේ තරුණ තරුණියන් අතරත් ශීග්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා.අද අපි ඔයාලට කියන්න යන්නේ අපේ රටේ නම් දකින්න නොලැබෙන Body modification එකක් ගැන ඒ Tongue Splitting.
මේ බෙදුණු දිව නැතිනම් දිව දෙකේ අය පැරණි ප්‍රවාද වල පවා සඳහන් වුණා. උදාහරණ ලෙස හින්දු දේව විශ්වාසයන්හි වූ සර්ප දේවතාවන්ට(කාලියා නාග), වෙස් මාරු කරන නාග කන්‍යාවන්ටද මේ ආකාරයේ බෙදුණු දිව තිබුණු සඳහන් වුණා. අන්ත-ක්‍රිස්තු වාදීන්ගේ ඇදහීමට ලක්වූ සාතන්ද බෙදුණු දිවක් ඇති සර්පයකුගෙන් සංකේතවත් කෙරුනා. සමහර යෝගීවරු(Khecarī mudrā) පවා මෙලෙස තම දිව බෙදුණු දිවක් සේ සකසා ගත්තේ ඔවුන්ගේ යෝග අභ්‍යාස වෙනුවෙන්. මෑත කාලයේදී මෙම විලාසිතාවක් ලෙස නැවතත් ජනප්‍රිය වන්නට වුණේ 1996දී Dustin Allor තමා විසින්ම, ඇගේ දිව බෙදුණු ආකාරයට සකසා ගැනීමත් සමග. The Lizardman නමින් ජනප්‍රිය වුණු Erik Sprague ශිල්පියා සහ මගින් තම ශරීර ස්වරූපය වෙනස් කර ගත් අයෙක්. ඔහුද මේ ආකාරයට Tongue bifurcation(splitting/forking) ආකාරයට බෙදුණු දිවක් සකසා ගත්තා. කෙටි කලකින් ජනප්‍රිය වුණු මේ body modification එක විශේෂයෙන්ම alternative ගණයේ නිරූපිකාවන් අතර ශීග්‍රයෙන් පැතිරුණා.
මේ body modification එක වේදනාවෙන් තොර හෝ වේදනාව අඩුඑකක් ලෙස සලකන්න බැහැ. වේදනා දර්ශකයේ 6-7 අගය අතර මේ දිව බෙදුම් ක්‍රියාවලියේදී ඇතිවන වේදනාව පවතිනවා. මෙය පළපුරුදු අයෙකු ලවා කර ගත යුතු එකක්. ඇතිවන තුවාලය ඉක්මනින් ආසාදනයන්ට ලක්වීමේ අවදානමක් තිබෙනවා. මෙහිදී තියුණු සැතකින් දිවේ මුල් අර්ධය සමමිතියක් පවතින සේ දෙකට පලනු ලබනවා. ඉන්පසු රුධිරය ගැලීම නතර කිරීමට ලේසර් හෝ වෙනත් ක්‍රමයක් මගින් කැපුම් තුවාලය පුළුස්සා මැහුම් දමනු ලබනවා. සති 2-3ක් අතර කාලයකදී සම්පූර්ණ සුවය ලබන්නට පුළුවන්. නිසි පරිදි tongue splitting එකක් සිදුකර සුව කර ගත්තායින් පසු ඔබට කිසිම අමතර බලපෑමක් හෝ කතාබහේ අපහසුවක් ඇති වන්නේ නම් නැහැ.
විශේෂයෙන්ම tattoo, piercing සහ කන්පෙති ආදිය වෙනස් කිරීම මගින් සිය ශරීරයේ පෙනුම වෙනස් කර ආකර්ශනීය වන නිරූපිකාවන් මේ tongue splitting එකත් නොකර සිටින්නේ නම් නැහැ. එමගින් වෙනස් බවක ආකර්ෂණයක් ලැබීම මෙන්ම මුඛ සංසර්ගයේදී(oral sex) සිය සහකරුට වෙනස්ම වින්දනයක් ලබා දීමට ඔවුන්ට හැකි වනවා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…