Trend Spotter

Tongue Splitting – දිව දෙකේ මිනිස්සු

අද අපි ඔයාලට කියන්න යන්නේ අපේ රටේ නම් දකින්න නොලැබෙන Body modification එකක් ගැන ඒ Tongue Splitting.

Tattoo, Piercing වගේ දේවල් එක්ක තමන්ගේ ස්වරූපය වෙනස් කරන්න(Body Mods/Body Modifications) මිනිස්සු පුරුදු වුණේ අද ඊයේ නම් නොවේ. බොහෝ ජන කණ්ඩායම් අතර මේ වගේ ස්වරූපය වෙනස් කරන විවිධ විධි බොහෝ ඈත කාලයේ පටන් දකින්න ලැබුණා. දිගු ගෙල සෑදීම(වළලු යෙදීමෙන්), එල්ලෙන කන්පෙති(බර වැඩි කර්ණාභරණ පැළඳීමෙන් මේ ආකාරයේ කන් නිර්මාණය වුණා. – ලම්භකර්ණ), ශරීරයේ විවිධ ස්ථාන වර්ණ ගැන්වීම, ශරීරයේ නොයෙක් ස්ථාන සිදුරු කර විවිධ ආභරණ පැළඳීම ඉන්දියාවේ පටන් මධ්‍යම ඇමෙරිකාවේ ඇස්ටෙක්, මායා ගෝත්‍රිකයින් තෙක් විවිධ අයුරින් දකින්නට ලැබුණා. මේ විලාසිතාව අද වන විට Tattoo සහ Body piercing ලෙස අපේ තරුණ තරුණියන් අතරත් ශීග්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා.අද අපි ඔයාලට කියන්න යන්නේ අපේ රටේ නම් දකින්න නොලැබෙන Body modification එකක් ගැන ඒ Tongue Splitting.

Credit: Pinterest

දිව දෙකේ කතාවේ ඉතිහාසය

මේ බෙදුණු දිව නැතිනම් දිව දෙකේ අය පැරණි ප්‍රවාද වල පවා සඳහන් වුණා. උදාහරණ ලෙස හින්දු දේව විශ්වාසයන්හි වූ සර්ප දේවතාවන්ට(කාලියා නාග), වෙස් මාරු කරන නාග කන්‍යාවන්ටද මේ ආකාරයේ බෙදුණු දිව තිබුණු සඳහන් වුණා. අන්ත-ක්‍රිස්තු වාදීන්ගේ ඇදහීමට ලක්වූ සාතන්ද බෙදුණු දිවක් ඇති සර්පයකුගෙන් සංකේතවත් කෙරුනා. සමහර යෝගීවරු(Khecarī mudrā) පවා මෙලෙස තම දිව බෙදුණු දිවක් සේ සකසා ගත්තේ ඔවුන්ගේ යෝග අභ්‍යාස වෙනුවෙන්. මෑත කාලයේදී මෙම විලාසිතාවක් ලෙස නැවතත් ජනප්‍රිය වන්නට වුණේ 1996දී Dustin Allor තමා විසින්ම, ඇගේ දිව බෙදුණු ආකාරයට සකසා ගැනීමත් සමග. The Lizardman නමින් ජනප්‍රිය වුණු Erik Sprague ශිල්පියා සහ මගින් තම ශරීර ස්වරූපය වෙනස් කර ගත් අයෙක්. ඔහුද මේ ආකාරයට Tongue bifurcation(splitting/forking) ආකාරයට බෙදුණු දිවක් සකසා ගත්තා. කෙටි කලකින් ජනප්‍රිය වුණු මේ body modification එක විශේෂයෙන්ම alternative ගණයේ නිරූපිකාවන් අතර ශීග්‍රයෙන් පැතිරුණා.

Tongue Splitting කරන්නේ?

මේ body modification එක වේදනාවෙන් තොර හෝ වේදනාව අඩුඑකක් ලෙස සලකන්න බැහැ. වේදනා දර්ශකයේ 6-7 අගය අතර මේ දිව බෙදුම් ක්‍රියාවලියේදී ඇතිවන වේදනාව පවතිනවා. මෙය පළපුරුදු අයෙකු ලවා කර ගත යුතු එකක්. ඇතිවන තුවාලය ඉක්මනින් ආසාදනයන්ට ලක්වීමේ අවදානමක් තිබෙනවා. මෙහිදී තියුණු සැතකින් දිවේ මුල් අර්ධය සමමිතියක් පවතින සේ දෙකට පලනු ලබනවා. ඉන්පසු රුධිරය ගැලීම නතර කිරීමට ලේසර් හෝ වෙනත් ක්‍රමයක් මගින් කැපුම් තුවාලය පුළුස්සා මැහුම් දමනු ලබනවා. සති 2-3ක් අතර කාලයකදී සම්පූර්ණ සුවය ලබන්නට පුළුවන්. නිසි පරිදි tongue splitting එකක් සිදුකර සුව කර ගත්තායින් පසු ඔබට කිසිම අමතර බලපෑමක් හෝ කතාබහේ අපහසුවක් ඇති වන්නේ නම් නැහැ.

විශේෂයෙන්ම tattoo, piercing සහ කන්පෙති ආදිය වෙනස් කිරීම මගින් සිය ශරීරයේ පෙනුම වෙනස් කර ආකර්ශනීය වන නිරූපිකාවන් මේ tongue splitting එකත් නොකර සිටින්නේ නම් නැහැ. එමගින් වෙනස් බවක ආකර්ෂණයක් ලැබීම මෙන්ම මුඛ සංසර්ගයේදී(oral sex) සිය සහකරුට වෙනස්ම වින්දනයක් ලබා දීමට ඔවුන්ට හැකි වනවා.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

7 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

7 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

7 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago