Beauty

ආමන්ඩ්වලින් සම සුදු කරන රහසක්

මෙලනින් නිසා සිදුවන සමේ අවපැහැ වීම අවම කර දීප්තිමත් සුසුදු සමක් කෙටිකලකින්ම ලබා ගන්න පුළුවන් රූපලාවන්‍ය සත්කාරයක් අද ඉදිරිපත් කරන්නේ. ඒ ආමන්ඩ් මිලක් සවර් ක්‍රීම් ෆේස් පැක් සත්කාරය.

සම සුදු වීමට බාධා කරන ප්‍රධාන හේතුව සමේ අන්තර්ගත මෙලනින් ප්‍රමාණය වැඩිවීමයි. මේ මෙලනින් සමේ නිපදවෙන්නේ එක පැත්තකින් සමේ ආරක්ෂාවට. හිරු එලියට නිරාවරණය වන සම ඉන් ආරක්ෂා කිරීමට මේ මෙලනින් නිපදවෙනවා. නමුත් පෙනුම අතින් සිදුවන්නේ සම දුර්වර්ණ වෙලා අඳුරු පැහැයක් ගැනීම. මේ අපේ කාන්තාවන් බොහොමයකට තිබෙන විශාල ගැටළුවක්. නමුත් මෙලනින් නිසා සිදුවන සමේ අවපැහැ වීම අවම කර දීප්තිමත් සුසුදු සමක් කෙටිකලකින්ම ලබා ගන්න පුළුවන් රූපලාවන්‍ය සත්කාරයක් අද ඉදිරිපත් කරන්නේ. ඒ ආමන්ඩ් මිලක් සවර් ක්‍රීම් ෆේස් පැක් සත්කාරය.

ආමන්ඩ්, දියර කිරි මේ Facepack එක සෑදීමට අවශ්‍ය වේ. | Photo credit: www.freepik.com

අවශ්‍ය ද්‍රව්‍ය :

ෆුල් ෆැට් දියර කිරි කෝප්ප 1ක්
සුදු විනාකිරි තේ හැඳි 3ක්
ආමන්ඩ් ඇට 30ක්

සාදා ගන්නා ආකාරය :

01) ෆුල් ෆැට් කිරි මදක් රත් කර නිවෙන්නට හරින්න. එයට විනාකිරි දමා හොඳින් මිශ්‍ර කරන්න.

02) මිශ්‍රණය හොඳින් වසා පැය 08ක් කාමර උෂ්ණත්වයේ තබන්න. පැය 08කට පසුව බලන විට ඇඹුල් රසැති ක්‍රීම් එකක් සේ සෑදී තිබෙනු ඇති. මෙය සවර් ක්‍රීම්(Sour cream) ලෙසින් හඳුන්වනවා.

03) ආමන්ඩ් ඇට ටිකත් දියේ දමා පොඟවා ගන්න. ඉන් පසු පොත්ත ඉවත් කර කුඩා කැබලිවලට කපා ගන්න. දැන් මේ ටික සවර් ක්‍රීම් එකට දමා බ්ලෙන්ඩර් කර පැයක් ශීතකරණයේ තබන්න.

සාදා ගත් ආමන්ඩ් සවර් මිලක් භාවිත කරන ආකාරය :

ශීතකරණයේ ඇති මිශ්‍රණය පැයකින් පසුව ගන්න. මුහුණ හොඳින් උණුසුම් පිරිසිඳු කර ගන්න. ෆේස් පැක් එක මුහුණෙත්, ගෙලෙත් හොඳින් ආලේප කරන්න. විනාඩි 02කට පසු නැවත ආලේප කරන්න. විනාඩි 05කින් නැවතත් ආලේප කරන්න. විනාඩි 45කට පසු සීතල වතුරින් සෝදා හරින්න. දවසක් හැර දවසක් මේ සත්කාරය කරන්න. මාසයකින් පසුව අදහා ගත නොහැකි ප්‍රතිපල දකින්නට ලැබේවි. නැතත් යහළුවන් කියාවි.

Milk photo created by freepik – www.freepik.com

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

4 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

5 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago