Thriller/Horror ගණයේ චිත්‍රපටවලට කැමති අය වෙනුවෙන් අලුතෙන්ම නිකුත් වුණු චිත්‍රපටය ජුනි 26 සිට ප්‍රදර්ශනය ඇරඹුණු Annabelle Comes Home.
Edward Warren Miney සහ Lorraine Rita Warren ඇමෙරිකානු යුවලක්. මේ දෙදෙනා ප්‍රසිද්ධ වෙලා හිටියේ අද්භූත දේවල් පිලිබඳ පර්යේෂණ කළ ඒ වගේම භූත බලවේගවලට මුහුණ පෑ අය වෙනුවෙන් පිහිට වුණු යුවලක් විදියට. මේ දෙදෙනා සැබෑවටම මුහුණ දුන් අත්දැකීම් සිනමාවට නැගුණේ Conjuring චිත්‍රපට මාලාව තුලින්. 1976 Amityville භීෂණය, භූත බලවේගයකට නතු වුණු Annabelle බෝනික්කාගේ කතාව ඉන් සමහරක්. 1976 Amityville භීෂණය, භූත බලවේගයකට නතු වුණු Annabelle බෝනික්කාගේ කතාව ඉන් සමහරක්. Thriller/Horror ගණයේ චිත්‍රපටවලට කැමති අය වෙනුවෙන් අලුතෙන්ම නිකුත් වුණු චිත්‍රපටය ජුනි 26 සිට ප්‍රදර්ශනය ඇරඹුණු Annabelle Comes Home.
The Conjuring Universe නැතිනම් කොන්ජරීන් විශ්වයේ චිත්‍රපට මාලාව ඇරඹෙන්නේ 2013දී. New Line Cinema, the Safran Company සහ Atomic Monster Productions නිෂ්පාදනය කොට Warner Bros. Pictures විසින් බෙදා හල කොන්ජරීන් මාලාවේ මේ වන විට චිත්‍රපට 07ක් නිපදවා තිබෙනවා. The Conjuring (2013), Annabelle (2014), The Conjuring 2 (2016), Annabelle: Creation (2017), The Nun (2018) සහ Annabelle Comes Home (2019) එම නිර්මාණ 07 වනවා. 2020දී ප්‍රදර්ශනයට නියමිත The Conjuring 3 සහ The Nun 2 අනෙකුත් නිර්මාණ වනවා. ඉහල ආදායම් ඉපයූ මෙම චිත්‍රපට සියල්ලම ඉහලම IMDB සහ Rotten Tomatoes දර්ශක අගයන් ලබාගෙන තිබෙනවා.
1968දී එඩ්වඩ් සහ ලොරේන් වොරන් යුවල ඇනබෙල් බෝනික්කා රැගෙන එන්නේ හෙදියන් කීප දෙනෙකු බෝනික්කාගේ අද්භූත බලපෑම්වලට හසුව සිටියදී. තම නිවසේ බෝනික්කා රදවා තබන්නේ බන්ධන රැසක් ආරක්ෂාව වෙනුවෙන් යොදා වීදුරු පෙට්ටියක් තුලයි. වසරකට පමණ පසුව තම දියණිය වන ජූඩි රැකබලා ගැනීම සඳහා මේරි එලන් නැමැත්තියක තම නිවසේ නතර කරගනු ලබනවා. මේ අතර තමා ලුහු බඳින පූජක ආත්මයක් ජූඩිගේ ඇසට ගැටෙනවා. නිදහස ලබන ඇනබෙල් අනෙකුත් අඳුරු ආත්මයන්ද නිදහස් කරමින් කරන භීෂණය මේ චිත්‍රපටයට පාදක වී තිබෙනවා.
ප්‍රදර්ශනය අරඹා දින 04ක් තුල ඇමෙරිකානු ඩොලර් මිලියන 38.5ක් උපයා ගනිමින් Annabelle Comes Home ආදායම් වාර්තා අතරට එක් වී තිබෙනවා. ඔබටද www.444.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර්ජාලය මගින් ප්‍රවේශ පත් මිලදී ගත හැකියි.
Book Online : Click here
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…