Hollywood

බය වෙන්න කැමති අයට -Annabelle Comes Home

Thriller/Horror ගණයේ චිත්‍රපටවලට කැමති අය වෙනුවෙන් අලුතෙන්ම නිකුත් වුණු චිත්‍රපටය ජුනි 26 සිට ප්‍රදර්ශනය ඇරඹුණු Annabelle Comes Home.

Edward Warren Miney සහ Lorraine Rita Warren ඇමෙරිකානු යුවලක්. මේ දෙදෙනා ප්‍රසිද්ධ වෙලා හිටියේ අද්භූත දේවල් පිලිබඳ පර්යේෂණ කළ ඒ වගේම භූත බලවේගවලට මුහුණ පෑ අය වෙනුවෙන් පිහිට වුණු යුවලක් විදියට. මේ දෙදෙනා සැබෑවටම මුහුණ දුන් අත්දැකීම් සිනමාවට නැගුණේ Conjuring චිත්‍රපට මාලාව තුලින්. 1976 Amityville භීෂණය, භූත බලවේගයකට නතු වුණු Annabelle බෝනික්කාගේ කතාව ඉන් සමහරක්. 1976 Amityville භීෂණය, භූත බලවේගයකට නතු වුණු Annabelle බෝනික්කාගේ කතාව ඉන් සමහරක්. Thriller/Horror ගණයේ චිත්‍රපටවලට කැමති අය වෙනුවෙන් අලුතෙන්ම නිකුත් වුණු චිත්‍රපටය ජුනි 26 සිට ප්‍රදර්ශනය ඇරඹුණු Annabelle Comes Home.

Annabelle Comes Home Poster | Credit : www.imdb.com
ANNABELLE COMES HOME – Official Trailer | Credit: Warner Bros. Pictures

The Conjuring Universe horror film franchise

The Conjuring Universe නැතිනම් කොන්ජරීන් විශ්වයේ චිත්‍රපට මාලාව ඇරඹෙන්නේ 2013දී. New Line Cinema, the Safran Company සහ Atomic Monster Productions නිෂ්පාදනය කොට Warner Bros. Pictures විසින් බෙදා හල කොන්ජරීන් මාලාවේ මේ වන විට චිත්‍රපට 07ක් නිපදවා තිබෙනවා. The Conjuring (2013), Annabelle (2014), The Conjuring 2 (2016), Annabelle: Creation (2017), The Nun (2018) සහ Annabelle Comes Home (2019) එම නිර්මාණ 07 වනවා. 2020දී ප්‍රදර්ශනයට නියමිත The Conjuring 3 සහ The Nun 2 අනෙකුත් නිර්මාණ වනවා. ඉහල ආදායම් ඉපයූ මෙම චිත්‍රපට සියල්ලම ඉහලම IMDB සහ Rotten Tomatoes දර්ශක අගයන් ලබාගෙන තිබෙනවා.

Annabelle Comes Home

1968දී එඩ්වඩ් සහ ලොරේන් වොරන් යුවල ඇනබෙල් බෝනික්කා රැගෙන එන්නේ හෙදියන් කීප දෙනෙකු බෝනික්කාගේ අද්භූත බලපෑම්වලට හසුව සිටියදී. තම නිවසේ බෝනික්කා රදවා තබන්නේ බන්ධන රැසක් ආරක්ෂාව වෙනුවෙන් යොදා වීදුරු පෙට්ටියක් තුලයි. වසරකට පමණ පසුව තම දියණිය වන ජූඩි රැකබලා ගැනීම සඳහා මේරි එලන් නැමැත්තියක තම නිවසේ නතර කරගනු ලබනවා. මේ අතර තමා ලුහු බඳින පූජක ආත්මයක් ජූඩිගේ ඇසට ගැටෙනවා. නිදහස ලබන ඇනබෙල් අනෙකුත් අඳුරු ආත්මයන්ද නිදහස් කරමින් කරන භීෂණය මේ චිත්‍රපටයට පාදක වී තිබෙනවා.

Edward Warren Miney සහ Lorraine Rita Warren
සැබෑ Annabelle සමග ලොරේන් වොරන්

ප්‍රදර්ශනය අරඹා දින 04ක් තුල ඇමෙරිකානු ඩොලර් මිලියන 38.5ක් උපයා ගනිමින් Annabelle Comes Home ආදායම් වාර්තා අතරට එක් වී තිබෙනවා. ඔබටද www.444.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර්ජාලය මගින් ප්‍රවේශ පත් මිලදී ගත හැකියි.

Book Online : Click here

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago