CookBookLK

අරාබි ක්‍රමයට චිකන් කබ්සා බතක් හදමු

කුකුළු මස්වලින් හදන මේ අපූරු කබ්සා බත ඔයාලට වෙනස්ම අත්දැකීමක් වේවි.

හැමදාම කන බොන විදියට නැතිව අද ටිකක් වෙනස් විදියේ වැඩක් කරමු ද? යමු ද අරාබිය පැත්තේ රවුමක්. අලුත් කෑමක් කන්න. බිරියානි, ෆ්‍රයිඩ් රයිස්, ලම්ප්‍රයිස්, නාසිගොරාන් මේ දේවල් නම් කාලා තියනවනේ. අද කමු අරාබි බතක්. කුකුළු මස්වලින් හදන මේ අපූරු කබ්සා බත ඔයාලට වෙනස්ම අත්දැකීමක් වේවි. එහෙම නම් වැඩි කතා නැතිව වැඩේට බහිමු.

අවශ්‍ය ද්‍රව්‍ය:

1kg පමණ සම්පූර්ණ කුකුළෙක්(හම, ඇතුලත කොටස් ඉවත්කර ගන්න)
හොඳ වර්ගයක බාස්මති සහල් 1kg
තරමක තක්කාලි ගෙඩි 3ක්
තරමක කුරුඳු පොතු කැබැල්ලක්
වියළි මිරිස් කරල් 2-3ක්
බේ ලීව්ස් 2ක්
කරාබු නැටි 3ක්
එනසාල් 3ක්
ලොකු ළූණු ගෙඩි 2ක් (සිහින්ව කපා ගන්න)
ලෙමන් ගෙඩියක්
කොත්තමල්ලි ඇට තේ හැඳි 2ක්
සූදුරු තේ හැඳි 2ක්
ගම්මිරිස් ඇට තේ හැඳි 1ක්
කොටු කපා ගත් කැරට් 1ක්
වියළි මිදි 50g
වියළි කජු 10ක් පමණ
රට ඉඳි 50g(අවශ්‍ය නම්)
ඔලිව් තෙල්(අවශ්‍ය පමණ)

01) තරමක් ගැඹුරු භාජනයක් ලිප තබා ඔලිව් තෙල් මේස හැඳි 3ක් පමණ දමන්න(ඔලිව් තෙල් නැතිනම් පොල් තෙල් භාවිත කරන්නට පුළුවන්. නමුත් හොඳම රසය ගන්න ඔලිව් තෙල් පාවිච්චි කරන්න.)

02) තෙල් රත්වන විට කුරුඳු පොතු කැබැල්ල, එනසාල්, කරාබු නැටි, බේ ලීව්ස් සහ ලියා ගත් ළූණු එකතු කරන්න. ළූණු රන්වන් පැහැයට එන තෙක් විනාඩි කීපයක් මද ගින්නේ තබන්න.

03) ළූණු රන්වන් පැහැයට හැරීගෙන එන විට තරමක කැබලි හිටින්නට කොටාගත් කොත්තමල්ලි සහ සූදුරු එකතු කරන්න. කොටු කපා ගත් තක්කාලි සහ වියළි මිරිස් කරල් සහ ගම්මිරිස් ඇට එකතු කරන්න.

04) මේ ටික තරමක් වෙලා තෙම්පරාදු කර කුකුලා භාජනයෙන් තබන්න. විනාඩි 5ක් පමණ පියන වසා තැම්බෙන්න හරින්න. විනාඩි 5කින් පමණ පියන ඉවත් කර කුකුළා හොඳින් තැම්බෙන ප්‍රමාණයට ජලය එකතු කරන්න. දැන් පියන වසා මධ්‍යම ගින්නේ විනාඩි 30ක් පමණ තම්බා ගන්න.

05) පැය බාගයකට පසු හොඳින් තැම්බුණු කුකුළා භාජනයෙන් ඉවත් කර ගන්න. සෝදා පොඟවා ගත් බාස්මති හාල් භාජනයට එකත් කරන්න. වියළි මිදිවලින් බාගයක්, රට ඉඳි, කොටු කපා ගත් කැරට්, කබලේ බැද ගත් ලෙමන් zest(මේ කබ්සා බතට රස එකතු කරන ප්‍රධානම අමු ද්‍රව්‍යය මේ ලෙමන් zest. සාදාගන්නා ආකාරය පහල video එකේ බලන්නට පුළුවන්.) ඒ භාජනයටම එකතු කරන්න. පියන වසා බත ඉදෙන්න තබන්න.

06) තම්බා ගත් කුකුළා ට හොඳින් ලෙමන් යුෂ ඉස අවන් එකක දමා සෙල්සියස් අංශක 250 උෂ්ණත්වයේ විනාඩි 20ක් මතුපිට දුඹුරු පැහැයට හැරෙන තෙක් තබන්න.

07) තාච්ච්චියක් ලිප තබා ඔලිව් තෙල් ස්වල්පයක් දමන්න. තෙල් රත්වන විට ඉතිරි වියළි මිදී සහ කජු ටික දමා තරමක් බැද ගන්න.

08) බත තැම්බුණු පසු පියන විවෘත කර බැද ගත් කජු සහ වියළි මිදී ඉසින්න. කුකුළා බත් එක උඩින් තබා පියන වසා තවත් විනාඩි 5ක් අඩු ගින්නේ තබන්න. ලිප වසා තවත් විනාඩි 20ක් පමණ තබා මේසයට යවන්න.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

4 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

5 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago