Arunachalam Muruganantham සැබෑ Pad Man සමග කතා බහක් - ශ්‍රී ලාංකික ජන මාධ්‍යයක පළවන පළමු සහ එකම සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය
අරුණාචලම් මුරුගනාදන්(Arunachalam Muruganantham) නැතිනම් Padman අපේ අවධානයට නැවත යොමු වන්නේ දේශපාලන වේදිකාවේ මතුවුණු ආර්තව දරිද්‍රතාවය සම්බන්ද ඡන්ද පොරොන්දුවක් නිසාවෙන් වුණත් ඔහු සිය බිරිඳට පමණක් නොව කාන්තා පරපුර වෙනුවෙන්ම දැනෙන යමක් කිරීමට යත්න දැරූ, යමක් කළ අයෙකු බව සෑම ගැහැණියක ම කිසිදු තර්කයකින් තොරව පිළිගත යුතු සත්‍යයකි. Padman තමිල්නාඩුවේ කොයිම්බතුර් හි දිළිඳු කම්කරු ජීවිතයක සිට ආචාර්ය උපාධි දිනූ, ලොවේම අවධානයට ලක්වුණු චරිතයක් වුණේ දිළිඳු කමින් පීඩා විඳි ඉන්දියානු කාන්තාවන්ට ස්වයං රැකියාවක් සේම, අඩු මුදලකට සනීපාරක්ෂක තුවා නිපදවීමට සමත් වූ නිසාය. ඒ පෑඩ් මෑන් සමග ශ්‍රී ලාංකික ජන මාධ්‍යයක් ලබාගත් පළමු සහ එකම සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනයයි මේ.
01) කරුණාකර ඔබව Zest Girls පාඨකයාට හඳුන්වා දෙන්න. ඔබ ව්‍යවසායකයෙක්ද? නැත්නම් නවෝත්පාදකයෙක්ද? නැත්නම් සමාජ සේවකයෙක්ද කියලා?
සමාජ ව්‍යවසායකයෙකු ලෙස මාව හඳුන්වාට මම වඩා කැමතියි.
02) 2018 නිකුත් වූ පැඩ්මන් චිත්‍රපටය නිසා ඔබ ශ්‍රී ලාංකික ජනතාව අතර ජනප්‍රිය චරිතයක් බවට පත්ව තියෙනවා. එය ඔබේ සැබෑ ජීවිත කතාමවද? “අක්ෂේ කුමාර්ගේ” රංගනය හා ඔබේ ජීවිත කතාව සංසන්දනය කිරීමේදී අක්ශේ ඔබගේ චරිතයට සාදාරනයක් කර තිබේදැයි හිතනවාද?
ඔව්. එය මගේ ජීවිත කතාව මත පදනම්ව ගොඩනැගුනු චිත්‍රපටයක්., අනිවාර්යයෙන්ම අක්ෂේ කුමාර් මගේ චරිතයට සැබෑ සාධාරණය ඉටු කරලා තියෙනවා.
03. අපි කැමතියි ඔබගේ වචනෙන්ම දැන ගන්න මේ විප්ලවීය සනීපාරක්ෂක තුවාය පිටුපස තියෙන ඒ පුදුමාකාර කතාව.. කරුණාකරලා ඒ ගැන කෙටි සඳහනක් කරන්න පුලුවන් ද?
ඔව්..ඒ ඔක්කොම ආරම්භ වෙන්නේ මගේ බිරිඳගෙන්. මං දැක්කා මගේ බිරිඳ අපිරිසිදු රෙදි භාවිතා කරනවා, එයාගෙ period දවස් වලට. ඉතින් මට ඇයට පරිස්සම් සහිත දෙයක් දෙන්න ඕනෙ උනා. මං තේරුම්ගත්තා දෙවියන් හදපු ශක්තිමත්ම දේ සිංහයෝ වත් අලින්වත් පිරිමින්වත් නෙවෙයි ගැහැණුන් කියලා.
04) ඔබ දැනටම ඔප්පු කරලා ඉවරයි ඔබට කාන්තාවන්ව දිරිගන්වන්න පුළුවන් උනා කියලා වගේම සාමාන්‍ය කාන්තාවන් මුහුණදෙන ප්‍රධාන ගැටළුවක් විසඳන්න පුළුවන් උනා කියලා. මේ දෙයින් ඔබ ලබාගත්ත සහ දිනාගනිපු දෑ මොනව ද?
මං දැක්කා පාසල් යන ගැහැණු ළමයින් එයාලගෙ period දවස් වලදි පාසල් නොයා ඉන්නෙ නෑ කියලා.
05) ඔබගේ මේ අළුත් සොයාගැනීම ඔබගේ ගමේ කාන්තාවන්ට බලපෑවාද ?ඒ කොහොමද? අද වෙනකොට එයාලගෙ ප්‍රතිචාර කෙබඳු ද?
බොහෝදුරට….මේ වන විට 5300 කට වැඩි යන්ත්‍ර ප්‍රමාණයක් ඉන්දියාව වටා සහ වෙන රටවල් 20 කට වැඩි ප්‍රමාණයක නිෂ්පාදන කටයුතු සඳහා යොදා තියනවා.. ඒවා නිසා 51000ක් පමණ කාන්තවන් ජීවත් වෙන්න ආදායම් උපයනවා..ඊටත් වඩා කාන්තාවන් මිලියනයකට අධික ප්‍රමාණයක් සනීපාරක්ෂක නොවන ක්‍රම වලින් බැහැර වෙලා සනීපාරක්ෂක ක්‍රම වලට යොමුවෙලා තියනවා.
06) මේ ව්‍යාපෘතියට අමතරව ඔබ කාන්තාවන්ව බලාත්මක කරන්න කරපු වෙන වැඩසටහන් මොනව ද?
අපි යොමු වෙන්නෙ විස්තරාත්මකව කියාදෙන්න.
08) ආර්තවය ගැන තියෙන නොදැනුවත්කම ගැන ඔබේ පෞද්ගලික මතය කුමක් ද? මේක දකුණු ආසියානුවන්ට පොදු ප්‍රශ්නයක්ද? අපි කොහොමද මේ අභියෝගය පිටුදකින්නේ?
මේකට ප්‍රධාන වශයෙන් දායක වෙන කරුණු 3ක් තියනවා.
i – ඔරොත්තුදීම.
ii – ප්‍රවේශය.
iii – දැණුවත්කම.
මේ කරුණු තුන අඳුනගෙන තියෙන්නෙ. ඒක පටන්ගන්න ඕනෙ පවුල තුලින්, පාසලෙන්, වැඩ කරන තැනින් වගේම හැම තැනකින්ම. සංවාදය තමයි වැදගත්.
09) ලංකාවෙ ගොඩක් ප්‍රදේශ වල කාන්තාවන් දුප්පත්කමින් හා නූගත් කමින් පීඩා විදිනවා. ඔබ එවැනි අයව දිරිගන්වන්න උදව් කරන්න කැමති ද?
ඔව්.අනිවාර්යයෙන්ම මං උදව් කරන්න කැමතියි.
10) අනාගත ව්‍යවසායිකාවන්ටයි අපේ Zest Girls පාඨකයන්ටයි “කාන්තාවන් දිරිගැන්වීම” ගැන ඔබට කියන්න තියෙන්නේ කුමක් ද?
අවස්ථාවන් එනකම් බලන් ඉන්න එපා. විසඳන්න තියෙන ප්‍රශ්න දිහා බලන්න. ඔබට අරමුණකින් යුක්ත ව්‍යවසායිකාවක් වෙන්න පුළුවන්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…