අරුණාචලම් මුරුගන්නාතම්(Arunachalam Muruganantham)…නම එක වර ඇසූ පමණින් නුහුරු වන්නට පුළුවන්. නමුත් ඔහුගේ අන්වර්ථ නාමය නම් නෑසු කෙනෙකු නැති තරම්. පෑඩ් මෑන්(Pad man) නම අපහාසයට, උපහාසයට නොව කාන්තා සංහතිය වෙනුවෙන් ඔහු කළ අමිල සේවය වෙනුවෙන් ලබා දුන් උපහාරයක් වැන්නක්. අනෙක් අතට දේශපාලන වේදිකාවේ කතා බහ නිසාවෙන්ම මේ දිනවල අපේ රටේ trending කතාබහට ලක්වෙන මාතෘකාවක් විදියට #padman හඳුන්වන්න පුළුවන්.කවුද මේ Pad man?

Photo credit: https://www.facebook.com/amurugaofficial/

අද අපේ කතාවේ වීරයා අරුණාචලම් මුරුගන්නාතම් ඉන්දියාවේ පමණක් නොව මුළු ලෝකයේම අවධානය දිනා ගත්තෙක්. ඔහු පැමිණි ගමන මල් යහනාවක ඉපිද මල් ඇතිරූ මාවතක ආවක් නම් නොවේ. 1961දී තමිල් නාඩුවේ කොයිම්බතූර් හි දිළිඳු පවුලක උපන් අරුණාචලම් කුඩා වියේ පටන්ම දරිද්‍රතාවයෙන් උපරිමයෙන් බැට කෑ අයෙක්. අරුණාචලම්ගේ පාසල් වියේදීම පියා මිය යන්නේ හදිසි අනතුරකින්. කම්කරු රැකියාවක නිරත වූ මව ඔහුගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යාමට උත්සාහ කළත් වයස අවුරුදු 14දී පමණ පාසලට සමුදී පවුලේ ජීවන බර කරට ගැනීමට අරුණාචලම් ට සිදු වනවා. නා නා විධ කම්කරු රැකියාවල නිරත වුවත් අරුණාචලම් තුල සැඟවී තිබුණු කුසලතාවයක් වුණා. ඒ කාර්මික අංශයෙන් විවිධ නිර්මාණ කිරීමේ හැකියාව. ඒ නිසඟ හැකියාව ලෝකයටම ප්‍රයෝජනවත් ලෙස කල එළි බැස්සේ නොසිතු අංශයකින්. ඒ දිළිඳු බව නිසාම ඉන්දියාවේ අධික ජනගහණයක් මුහුණ දෙන ගැටලුවක් වූ “ආර්තව දරිද්‍රතාවයට(period poverty)” අපූරු විසඳුමක් සොයා ගනිමින්. ඒ පිටුපස සැඟවුණු කතාව ද අපූරු වගේම බොහෝ සංවේදී එකක්.

පුරුෂාධිපත්‍යය, කාන්තා විමුක්තිය ආදී වචන විටෙක මේ ශිෂ්ට යැයි සැලකෙන මානව වර්ගයා නිර්මාණය කරගත් පුහු සංකල්ප නොවේ දැයි සිතෙන්නේ එවැනි දේවල් මිනිසා නිර්මාණය කළ සොබා දහමට නම් නුවුමනා ම දේවල් වූ නිසා. මේ විරුද්ධ ලිංගිකන්ගේ සහයෝගය මත ගොඩනැගෙන ලෝකයක් මිස එකිනෙකා අභිබවා යන ලෝකයක් සොබා දහම කිසි ලෙසක බලාපොරොත්තු නොවන්නට ඇති. පවුල් සංස්ථාවක පවා සුන්දරත්වයක් ජනිත වන්නේ සැමියා සහ බිරිඳගේ අන්‍යෝන්‍ය සහයෝගය තිබෙන කලෙක පමණයි. දිළිඳු කමින් බැට කෑවත් අරුණාචලම් ගේ පවුල එවැනි පවුලක්. ඔහුගේ ප්‍රිය බිරිඳ නමින් “ශාන්ති”. ආර්තවය කාන්තා උරුමයක්. ඊනියා විකාර රූපී සභ්‍යත්වයක් මවා ගත් සමහර සමාජ කොටස් අතර මේ කාන්තා උරුමය පුරුෂ පාර්ශවයෙන් සඟවා තබා ගන්නේ මහා අසභ්‍ය දෙයක් මට්ටම දමා වීම කනගාටුවට කරුණක්. අරුණාචලම් විසු සමාජයද එවැන්නක්. දිළිඳු කම නිසා ආර්තවයේ දී නිසි සනීපාරක්ෂක ක්‍රම භාවිත නොකර අපිරිසිදු රෙදිකඩ වැනි ක්‍රම බහුලව භාවිත කළ පරිසරයක, එවැනි දේ නිසා ඇතිවූ සෞඛ්‍ය ගැටළු, කාන්තා මරණ අරුනාචලම් සියැසින් දුටු දේවල්. මිල අධික සනීපාරක්ෂක තුවා මිලට ගතහොත් ආහාර වේල් ගණනක් ඒ වෙනුවෙන් කැප කිරීමට සිදුවීම සැබෑ ඛේදජනක සිදුවීමක් වුණා. තම බිරිඳට වගේම මේ ආර්තව දරිද්‍රතාවයෙන් පීඩා විඳින කාන්තා සංහතිය වෙනුවෙන්ම විසඳුමක් සෙවීමට අරුණාචලම් ගත් වෑයම පහසු එකක් වුණේ නම් නැහැ. ගෘහ කර්මාන්තයක් ලෙස අඩු පිරිවැයකින් සනීපාරක්ෂක තුවා නිපදවීමට දැනුම, ප්‍රාග්ධනය සෙවීම පහසු වුණේ නැහැ. ඔහුගේ මේ උතුම් වෑයම පවුල තුලවත්, අසල්වැසියන් අතරවත් ඇගයීමකට ලක්වුණේ නැහැ. අසහනයෙන් පෙලෙන පිස්සෙක්, මානසික රෝගියෙක් මට්ටමින් ඔහු දෙස බැලුවා. නිග්‍රහ කළා. බිරිඳ පවා ඔහු හැර ගියා. කිසිම දෙයකින් පසුබට නොවූ ඔහු අවසානයේ දිනුම් කණුව කරා පැමිණියා.

ඔහුගේ මේ නව නිර්මාණය ගෝත්‍රික සමාජයෙන් පරි බාහිර නවීන, දියුණු ලෝකය මහා ඉහලින් අගය කළා. ඔහුට නිග්‍රහ කළ අයම ඔහු මහත් හරසරින් පිළිගනු ලැබුවා. National Innovation Foundationහි Grassroots Technological Innovations Award වෙත ඉදිරිපත් කළ අරුණාචලම්ගේ සනීපාරක්ෂක තුවා නිපදවන යන්ත්‍රයට පළමු තැන හිමි වුණා. සොයා ගැනීම වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට ඔහුට හැකි වුණා. ජාත්‍යන්තර මට්ටමෙන් හරසරට පාත්‍ර වූ අරුණාචලම් ඉන්දියාවේ සෑම විශ්ව විද්‍යාලයකම පාහේ දේශන පවත්වා තිබෙනවා. ඇමෙරිකාවේ හාර්වර්ඩ් සරසවියේ මෙන්ම ලෝ ප්‍රකට Ted Talkහි දේශනා පැවැත්වීමට පවා වාසනාව ඔහුට හිමි වුණා. 2014 වසරේ ලෝ ප්‍රකට Times සඟරාව මගින් නම් කළ ලෝකයට බලපෑමක් කිරීමට සමත් වූ පුද්ගලයින් 100 දෙනා(100 Most Influential People in the World) අතරට නම් කරනු ලැබූ අරුණාචලම් මුරුගන්නාතම් 2016දී ඉන්දියානු රජය මගින් පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ ආර්තව දරිද්‍රතාවය(Period poverty) ජය ගැනීමට මෙන්ම කාන්තාව සවිබල ගැන්වීමට(Women empowerment) ඔහු කළ මහඟු මෙහෙය වෙනුවෙන්. ඔහු නිසාවෙන් දිළිඳු ග්‍රාමීය කාන්තාවන් රැසකට ස්වයං රැකියා අවස්ථා හිමි වුණා. ඔහු විසින් පිහිටවූ ජයශ්‍රී ඉන්ඩස්ට්‍රි(Jayaashree Industries) මගින් අදටත් මේ මහඟු සමාජ සත්කාරය සිදු කරගෙන යනු ලබනවා.

Photo credit : https://www.facebook.com/amurugaofficial/
Credit : TED

අරුණාචලම් මුරුගන්නාතම් ගැන අප අතර සංවාදය ඇරඹෙන්නේ 2018 ආක්ෂේ කුමාර් ප්‍රධාන චරිත නිරූපණය කළ “Padman” සිනමා පටය නිසාවෙන්. එය ආක්ෂේ කුමාරගේ ප්‍රිය බිරිඳ ජනමාධ්‍ය වේදිනි ට්වින්කල් ඛන්නා රචනා කළ The Legend of Lakshmi Prasad ග්‍රන්ථයේ ඇතුලත් වූ “The Sanitary Man of Sacred Land” කතාව ඇසුරෙන් නිර්මාණය කරන ලද්දක්. ඒ හැරුණු විට Menstrual Man(2013), Phullu (2017), Period. End of Sentence(2018) ආදී වාර්තා චිත්‍රපට තුලින්ද අරුණාචලම් මුරුගන්නාතම්ගේ ජීවන කතාව සිනමාවට නැගුණා.

අද මේ Pad Manගේ කතාව අපේ Zest Girls Sri Lanka මගින් කරලියට ගෙන ආවේ විශේෂ හේතුවක් නිසාවෙන්. ඒ අරුණාචලම් මුරුගන්නාතම් මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට අපට භාග්‍ය ලැබුණු නිසා. මාස ගණනක උත්සාහයකින් පසු පළමු වරට සැබෑ Pad Man සමග ලිපියක් සැකසීමට හැකිවූ පළමු සහ එකම ශ්‍රී ලාංකික සඟරාව ලෙස සනිටුහන් වන්නට ලැබීම අපේ මහා භාග්‍යයක් සේ සලකනවා. අතිශය කාර්ය බහුල වුවත් කෙටියෙන් හෝ පිළිතුරු සපයමින් අපට මහත් සහයක් වන්නට අරුණාචලම් මුරුගන්නාතම් මහතා ගත් උත්සාහය අප ඉහලින් අගය කරන්නක්. ඉතින් මේ දිග හැරෙන්නේ ඒ සම්මුඛ සාකච්ඡාවේ ඉදිරිපත් වුණු ප්‍රශ්න හා පිළිතුරු සමුහයයි.

01) Please introduce yourself to the Zest Girls reader. Are you an entrepreneur? or Innovator ? or Social Worker?

I would like to introduce my self as a social entrepreneur.

02) You have become a popular character among Sri Lankan people because of this 2018 Padman movie. Is that your real-life story? Are You Satisfied With “Akshay Kumar’s” Performance?

Yes. It is based on my life story. Yes, Akshay Kumar has done true justice to the character. 

03) We like to hear the amazing story behind this revolutionary sanitary pad in your words. Please tell briefly.

It all started with my wife. I saw my wife using rag cloth during her menstrual days and I wanted to give her a safe way. I understood that the strongest creation by god is not the lion or elephant or even men, it’s the women! 

04) You have already proved that you have been able to empower women and solve a major problem faced by women in general. What were your victories and achievements in this big deal?

When I saw school girls not dropping out of school during period days… 

05) Did your new invention affect the lives of women in your village? How so? How are their responses today?

So far over 5300 machines are set up in India and over 20 + other countries. It has provided a livelihood to over 51000 women and changed over a million women from practicing unhygienic to a hygienic method.

06) Except for this project, what other programs did you do to empower women?

We focus on Detailing. 

07) What other inventions did you do next?

My next focus is on farming

08) What is your personal opinion on period poverty? Is this a common problem for South Asians? How can we overcome this challenge?

There are three major contributing factors to this. – Affordability, Accessibility, Awareness. These three have to be addressed. It has to begin with family, schools, workspace and everywhere. The dialogue is important. 

09)Women in many parts of Sri Lanka suffer from poverty and poor education. Would you like to help to empower such people?

Yes. I would like to support. 

10) What do you like to say to the future Women Entrepreneurs and our Zest Girls reader about the “Women Empowerment”?

Don’t look for opportunities.. look for problems to solve. You can become an entrepreneur with a purpose.

බිල් ගේට්ස් සමග
Credit: Sony Pictures India
Credit: Arunagiri Kamalnath
Credit: Dustin Johnson
Credit: Menstrual Man