ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන් යුතුව දැනුම් දෙමු. එක යුගයක අතිශය ජනප්‍රිය ආදර ගී රැසක් තිලිණ කරමින් අතිශය ජනාදරයට පත් ඒ මහතාගේ ගී අතර ආත්මයෙන් ආත්මයේ, හිම මීදුම් වලාකුලේ, සුසුම වී මගේ, සුසුමන් පාවී, නිල නුවන් පියවිලා ආදී ගී අදත් එදා සී රසික හදවත් තුල රැඳුණු නිර්මාණ වේ. අකල්හි දිවි ගමනට සමුදුන් අතුල ශ්‍රී ගමගේ කලාකරුවාණන් ට නිවන් සුව පතමු.