අපේ Zest Men perfume review ලිපි පෙළේ දෙවැනි review එකත් එක්ක අද අපි ඔයාලට අරගෙන ආවේ තවත් budget perfume එකක්. අද වෙන කොට මුදල් කළමනාකරණය කියන එක වැඩි දෙනෙකුට ගොඩක් අපහසු දෙයක් වෙලා. මොකද අපේ ආදායමට සාපේක්ෂව අත්‍යාවශ්‍ය වියදම් අහස උසට වැඩි වෙලා නිසා. ඒ නිසා වෙනදා තරම් අපිට අපි වෙනුවෙන්, අපේ සතුට වෙනුවෙන් කරන්න තියන වියදම් ගොඩක් කපා හරින්න වෙලා තියනවා. ඇඳුම් පැළඳුම්, රූපාලංකාර නිෂ්පාදන, සුවඳ විලවුන් වලට අපේ ආදායමෙන් වෙන් කරපු කොටස් ගොඩක් අඩු කරන්න වෙලා. ඒත් මේ තරඟකාරී ලෝකේ මැච් එකක් ගහලා ගොඩයන්න try කරන ඔයාලා ලස්සනට ඇඳලා පැළඳ ලා සමාජයේ කැපී පේන්න ඉන්න ඕනේ. සතුටින් ඉන්න ඕනේ. අපේ සතුටත් ඒකම තමයි. ඒ නිසා ගොඩක් හොයලා බලලා ඔයාලට හොඳම දේ අරගෙන එන්න අපි ගොඩක් මහන්සි වෙනවා. මේ ඒ වගේ මහන්සියක ප්‍රතිපලයක්.

අද අපි ඔයාලට අරගෙන ආවේ අද වෙනකොට සුවඳ විලවුන් ලෝකයේ අතිශය ජනප්‍රිය තවත් මැදපෙරදිග perfume house එකක නිෂ්පාදනයක්. මේ perfume house එක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Lattafa කියන සන්නාමය. මෙයාලා Lattafa, Maison Alhambra ආදී විවිධ සන්නාමවලින් සුවඳවිලවුන් වර්ග දහස් ගණනක් මේ වන විටත් නිකුත් කරලා තියනවා. මේ අතරින් බොහොමයක් ඒවා ලෝකය පුරාම සිටින සුවඳ විලවුන් ලෝලීන් අතර අතිශය ජනප්‍රිය නිෂ්පාදන. ගොඩක් වෙලාවට මේ Lattafa ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ලෝකයේ අතිශය ජනප්‍රිය Designer සහ Niche Perfume වර්ගවල Clone නිපදවන සමාගමක් විදියට. මේ clone ගොඩක් වෙලාවට 90% වඩා මුල් perfume එකට සමානව නිෂ්පාදනය කරලා තියනවා කියලා කියන්න පුළුවන්. හොඳම perfume tester කෙනෙකුට වුණත් original perfume එකත් එක්ක සංසන්දනය කරලා බැලුවම මේ clone ගොඩක්ම මුල් එකට සමානයි කියන එක කියන්න පුළුවන්. ගෙවන මුදලට ඉතාමත් වටිනා විදියට මේවා නිපදවෙන්නේ. Lattafa Asad(Dior Sauvage Elixir), Lattfa Khamrah(Kilian Angels’ Share), Lattafa Fakhar(YSL Y Clone), Bade’e Al Oud Oud for Glory(Initio Oud for Greatness Clone), Bade’e Al Oud Amethyst(Initio Atomic Rose Clone) මෙයාලගේ අතිශය ජනප්‍රිය Clone අතරින් කීපයක් විතරයි. මේ ගැන ඉදිරි ලිපිවලින් වගේම අපේ විඩියෝවලින් ඔයාලට විස්තර අරගෙන එන්නම්. අද මම ඔයාලට අරගෙන ආපු Lattfa perfume එක නම් clone එකක් කියලා සඳහනක් නැහැ. මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන beast කෙනෙක් තමයි මෙයා. එයා නමින් Oud Lail Malkei.

මේ Oud Lail Malaki කියන්නේ Spicy-floral-amber-gourmand-woody හැම එකක්ම එකතු වුණු perfume එකක් කියන්න පුළුවන්. හොඳ දැනෙන සුවඳක්. මට නම් එක පාරටම මේ spicy-woody mix එක අතරින් දැනෙන්නේ හොඳ පැණි සුවඳක්. Dry down එකත් එක්ක Floral Woody Facets මතුවෙනවා ඔයාලට දැනේවි. හොඳ White Floral සම්මිශ්‍රණයක් එක්ක දැනෙන woody-amber vibe එකක් එක දිගට තියනවා ඔයාලට දැනේවි.

Dry down එකත් එක්ක Floral Woody Facets මතුවෙනවා ඔයාලට දැනේවි. හොඳ White Floral සම්මිශ්‍රණයක් එක්ක දැනෙන woody-amber vibe එකක් එක දිගට තියනවා ඔයාලට දැනේවි. Ambery පැණි සුවඳ හොඳටම දැනෙන එකක්. ඒ නිසාම මේ perfume එක sweet category එකට දාල තියන එකක්. සුවඳ ඇත්තටම ටිකක් සැරයි කියලා කියන්න පුළුවන්. මේක EDP එකක් නිසා සුවඳ වගේම longevity එකත් වැඩි. projection එකත් හොඳම මට්ටමේ කියන්න පුළුවන්. ඔයා මේක පාවිච්චි කරලා තැනකට ගියොත් ඒ තැන පිරෙන්න මේ සුවඳ පැතිරෙනවා. මේක unisex කියලා සඳහන් වුණාට මට නම් මේක ගොඩක්ම ගැලපෙන්නේ පිරිමි අයට කියලා හිතෙන්නේ.

මේ perfume එක ටිකක් රස්නේ දවසකට ඒ තරම් ගැලපෙන්නේ නැහැ. හොඳ projection එකක් තියන නිසා සුවඳ අවට අයට සැරට දැනෙන්න පුළුවන්. සීතල වැහි දවසකට, හවස හෝ රාත්‍රී වෙලාවට හොඳට ගැලපෙන එකක්. ඇත්තටම වැහි දවසක දැනෙන සීතල නැති කරන්න පුළුවන් උණුසුම් සිතුවිලි පහල කරන්න පුළුවන් සුවඳක් මේ perfume එකෙන් ඔයාලට දැනේවි. පැය 8කට වැඩි longevity එකක් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. Sillage සහ projection එකත් හොඳම මට්ටමක කියලා බය නැතිව කියන්න පුළුවන්. මිල අතින් ගත්තොත් ගෙවන මිලට ඔයාලට හොඳ සාධාරණයක් කරන perfume එකක්. 100ml බෝතලයක් රු.8000-9500ත් අතර මිලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්.

ඔයාට මේ perfume වෙළඳපොලේ අඩුම මිලට අතිශය විශ්වාසවන්තව ගන්න පුළුවන් හොඳම තැනක් තමයි The Brand කියන perfume shop එක. මේ link එකෙන් ඔයාලට The Brand එක්ක සම්බන්ද වෙන්න පුළුවන්. එකවර මිලදී ගන්න අපහසු අයට Koko භාවිතා කරලා කිසිම පොලියක් රහිතව ඔයාලගේ debit card එකෙන් වාරික 03කට කැපෙන විදියට පහසුවෙන් මිලදී ගන්න පුළුවන්.