Hollywood

Avengers: Endgame වාර්තා පිට වාර්තා තබයි

Avengers: Infinity War අවසන් වන්නේ තානොස් නම් ටයිටන් වැසියා මුළු විශ්වයේම බලය නතු කර ගැනීමත් සමගය. විශ්වයෙන් අඩක් පමණ විසිරී කැබලී වී ගිය අතර Avengers සුපිරි වීරයින්ද ඊට අයත් වුණා. චිත්‍රපටය අවසානයේ සැම දෙනාටම සිතුනේ "දැන් සියල්ලම අවසන්" යන්න පමණයි.

Avengers: Infinity War අවසන් වන්නේ තානොස් නම් ටයිටන් වැසියා මුළු විශ්වයේම බලය නතු කර ගැනීමත් සමගය. විශ්වයෙන් අඩක් පමණ විසිරී කැබලී වී ගිය අතර Avengers සුපිරි වීරයින්ද ඊට අයත් වුණා. චිත්‍රපටය අවසානයේ සැම දෙනාටම සිතුනේ “දැන් සියල්ලම අවසන්” යන්න පමණයි. මේ විනාශයෙන් සති කීපයකින් Carol Danvers නැතිනම් Captain Marvel විශ්වයේ කොනක සිරවී සිටින Tony Stark(Iron Man) සහ Nebula බේරාගැනීමට සමත් වනවා. Avengers: End Game ඇරඹෙන්නේ එතැන් සිටයි.

Marvel Studios සහ Walt Disney Studios Motion Pictures එක්ව නිපදවන ලද චිත්‍රපට මාලාවේ හතරවැන්න ලෙස Avengers: End Game හඳුන්වන්නට පුළුවන්. එය Avengers: Infinity War හි දෙවැනි කොටසද වනවා. 2017 අගෝස්තු මාසයේ රූගත කිරීම් ආරම්භ කළ මෙහි එම වැඩකටයුතු 2018 ජනවාරි මාසය වන විට අවසන් වනවා. 2018 දෙසැම්බර් මාසය වන විට එතෙක් Avengers: Infinity War 2 ලෙස නම් කර තිබූ චිත්‍රපටය Avengers: End Game ලෙස නම් කරනු ලබනවා. 2019 මාර්තු මස 14 දින මෙහි පූර්ව ප්‍රචාරක පටය Marvel Studio විසින් නිකුත් කරනු ලබනවා. චිත්‍රපටය තිරගත වීම ඇරඹෙන්නේ අප්‍රේල් 22 වන දින. දින කීපයක් ඇතුලත ඇමෙරිකානු ඩොලර් මිලියන 643 අධික මුදලක් උපයා ගනිමින් බොහෝ Box Office වාර්තා බිඳ දැමීමට සමත්වන Avengers: End Game 2019 වසරේ වැඩිම ආදායමක් ඉපයූ තුන්වන චිත්‍රපටය බවට පත්වනවා.

සුපුරුදු ලෙසම Marvel Studios චිත්‍රපට තුලින් ඔබට වෙන වෙනම මුණ ගැසුණු සුපිරි වීරයින් රැසක් මෙහි ඔබට එක්ව සටන් වදිනු දකින්නට පුළුවන්. Captain America හි Steve Rogers(Captain America), Iron Man හි Tony Stark(Iron Man), Hulk, Thor, Black Widow, Hawkeye, Rocket(Guardian of the Galaxy), Nebula ඉන් කීප දෙනෙක්. Thanos සුපුරුදු ලෙසම ප්‍රධාන දුෂ්ටයා ලෙස හමු වනවා.

ශ්‍රී ලංකාවේ අපටත් දැන් මෙම සිනමා නිර්මාණය බොහෝ සිනමා හල්වලින් නැරඹීමේ අවස්ථාව හිමිවී තිබෙනවා. ඔබට පහසුවෙන්ම www.444.lk මගින් ඔබේ ප්‍රවේශ පත් කලින්ම වෙන්කරගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago