Hottest/Noticed

Halloween 2020 – තරු විලාසිතා

මේ අපට හමුවුණු එවැනි 2020 හැලෝවීන් ඇඳුම් සැරසිලි(Halloween Costumes) කීපයක්.

Allhalloween, All Hallows’ Eve නැතිනම් All Saints’ Eve(සියළු සාන්තුවරයින්ගේ සන්ධ්‍යාව) සෑම වසරකම ඔක්තෝබර් 31 වැනිදා සමරන බටහිර ක්‍රිස්තියානි උත්සවයක්. හැලෝවීන් විලාසිතා, වට්ටක්කා ගෙඩිවලින් සකස් කරන jack-o’-lanterns, ගිනි මැල සංදර්ශන, Apple bobbing වගේ දේවල් අදත් හැලෝවීන් කිව් සැණින් අපට මතක් වෙන දේවල්. විවිධ චරිත නිරූපණය කරමින් හැලෝවීන් උත්සව වෙනුවෙන් සැරසීම බටහිර රටවල බාල, වැඩිහිටි සෑම කෙනෙක් අතරම ජනප්‍රිය අංගයක්. මේ වසරේ කොරෝනා අනෙක් සෑම අංශයකට වගේම හැලෝවීන් සැමරීමටත් බාධා කළා. ඒ කොහොම වෙතත් සමහර තරු මේ වසරේ දීත් හැලෝවීන් සමරන්න විවිධ චරිත විදියට සැරසුණා. මේ අපට හමුවුණු එවැනි 2020 හැලෝවීන් ඇඳුම් සැරසිලි(Halloween Costumes) කීපයක්.

අතිශය ජනප්‍රිය Rap/HipHop ගායිකාවක වන Cardi B මෙවර හැලෝවීන් වෙනුවෙන් තෝරාගෙන තිබුණේ ග්‍රීක ප්‍රබන්ධ කතාවල අපට මුණගැහෙන Medusaගේ චරිතය.
Birds of Prey, Suicide Squad ආදී චිත්‍රපටවලින් Harley Quinn චරිතය සමග අපට මුණ ගැසුණු මාර්ගට් රොබී(Margot Robbie) සැරසුණේ Ginger Spice විලාසිතාවෙන්. Ginger Spice නැතිනම් Geri Halliwell අපට හමුවන්නේ මීට වසර 20කට පමණ පෙර අතිශය ජනප්‍රිය බ්‍රිතාන්‍ය පොප් සංගීත කණ්ඩායමක් වූ Spice Girls සාමාජිකාවක් ලෙසයි.
සුපිරි නිරූපණ ශිල්පිනියක් වන බෙලා හදීද්(Bella Hadid) 2020 හැලෝවීන් වෙනුවෙන් Roy Lichtenstein ගේ pop art එකක් අනුකරණය කර තිබුණා.
හදීද් පවුලේ අනෙක් සුපිරි තරුව ගිගි හදීද්(Gigi Hadid) තෝරාගෙන තිබුණේ Valorant පරිගණක ක්‍රීඩාවේ චරිතයක්.
ලෝකයේ ධනවත්ම කාන්තාවන් අතර අපට හමුවන ලාබාලතම තැනැත්තියක් ලෙස ජෙනර්-කාර්ඩිශියන් පවුලේ කයිලි ජෙනර් හඳුන්වන්න පුළුවන්. ඇය මෙවර හැලෝවීන් වෙනුවෙන් තෝරාගෙන තිබුණේ King Cobra විලාසිතාවක්.
ජෙනර් Power Ranger ඇඳුම් විලාසිතාවලින් සැරසුණු අයුරු
කිම් කාර්ඩිශියන් සහ පවුලේ සාමාජිකයින් මකුළු විලාසිතාවකින් සැරසුණු අයුරු
කෙන්ඩාල් ජෙනර් තෝරාගෙන තිබුණේ පැමෙලා ඇන්ඩර්සන් 1996 Barb Wire චිත්‍රපටයේ නිරූපණය කළ Barb Wire චරිතය
Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

4 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

5 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago