නමින් Billie Eilish Pirate Baird O'Connell නොහොත් Billie Eilish. තවමත් වයස අවුරුදු 17ක් වුණත්, සංගීත ක්ෂේත්‍රයට පිවිස වසර කීපයක් වුණත් ඇගේ ගීත නිර්මාණ කීපයක් නොසිතු ජනප්‍රියත්වයක් ලබන්නට සමත් වුණා. "Bad Guy" ඒ අතරින් සුවිශේෂී ගීයක්.
සංගීතය විශ්ව භාෂාවක්. ගීයක පද රචනය කුමක් වුවත්, කුමන බසින් ගැයුවත් සමහර ගී ස්වර රටාවන්, ගායන විලාශයන් නිසාම අපේ සිතේ රැඳෙනවා. සංගීතයේ, විශේෂයෙන්ම බටහිර සංගීතයේ විවිධ ශෛලීන් රැසක් මුණ ගැසෙනවා. කලින් කලට ඉස්මතුවන, ජනප්‍රිය වන සංගීත ප්‍රභේද(Genre) මුණ ගැසෙනවා. සමහර ගී සදාකාලික ගී ගොන්නට එකතු වෙනවා. සමහර කලාකරුවන්/ කලාකාරිනියන් පවා එසේමයි. මේ අතර සමහර නිර්මාණ සහ නිර්මාණකරුවන් කෙටි කාලින රැලි මතුකර සැඟවී යනවා. මේ අතර ගොඩ නැගෙන එක් එක් cult පවා එසේමයි. අද අපේ කතා නායිකාවත් ඒ ආකාරයේ cult එකක් trend එකක් බිහි කළ කෙනෙක්. නමින් Billie Eilish Pirate Baird O’Connell නොහොත් Billie Eilish. තවමත් වයස අවුරුදු 17ක් වුණත්, සංගීත ක්ෂේත්‍රයට පිවිස වසර කීපයක් වුණත් ඇගේ ගීත නිර්මාණ කීපයක් නොසිතු ජනප්‍රියත්වයක් ලබන්නට සමත් වුණා. “Bad Guy” ඒ අතරින් සුවිශේෂී ගීයක්. සාමාන්‍යයෙන් අපට හුරුපුරුදු ගීයක මතුවන සුමියුරු ගායන විලාශයෙන් ඔබ්බට ගොස් වෙනත්ම ආරකින් ගායනයෙන් සහ සංගීතයෙන් මුසුව ඇසෙන මේ ගීය Pop-trap නැතිනම් nu-goth pop ගණයට අයත් එකක්. විශේෂයෙන්ම අද වන විට ජනප්‍රිය වන බොහෝ බටහිර ගායිකාවන්ගේ(Rihanna, Christina Aguilera, Nicki Minaj, Britney Spears, Madonna, Cardi B, Katy Perry, Miley Cyrus, Lady Gaga) ගීත සරාගී රූප රචනාවලින් සමන්විත වුණත් මෙහි වීඩියෝ නිර්මාණය පවා Dark, Nu-Goth ශෛලිය අනුගමනය කළ එකක්. නමුත් මේවන විටත් Youtubeහි මිලියන 552ක් ඉක්මවා නරඹා ඇති “Bad Guy” ගීත දර්ශක රැසක ඉහලින් ම වැජඹෙන්නට සමත් වුණා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…