Trend Spotter

TrendSpotter – Bodysuit Guide

Formal සහ Casual wear යන දෙයාකාරයෙන්ම යොදා ගත හැකි bodysuit අද වන විට තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය රැල්ලේ විලාසිතාවක්.

අපේ කාන්තා පාර්ශවය ලස්සනට, හැඩට අඳින්න කොහොමත් ආසයි. තරුණ වයසේ විශේෂයෙන්ම කාගේත් ඇහැ දෙපාරක් ගැටෙන විදියට, ලස්සනට, පොඩ්ඩක් sexy විදියට අඳින්න, අලුත් අලුත් විලාසිතා අත්හදා බලන්න හිත. අපි අද කතා කරන්නේ හැඩට, වැඩට ඉන්න කැමති ඔයාලා සමහර විට දැනටමත්, දන්නා, අඳින, බටහිරින් පැමිණි විලාසිතාවක් ගැන වැඩිපුර විස්තර ටිකක්. ඒ bodysuit.

මොනවද මේ Bodysuit?

ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙන්

Bodysuit එක කොටසකින් පමණක් සමන්විත ඇඳුමක්(One-piece dress) ලෙස හඳුන්වන්න පුළුවන්.උඩුකය(torso) සහ යටිකය කලවා මුල් ප්‍රදේශ(crotch) තෙක් ආවරණය කරන මෙය බැලූ බැල්මට one-piece swimsuit එකක් වගේ පෙනුණත් එවැන්නකට සැකසූ හෝ සුදුසු දෙයක් නම් නොවේ. Bodysuitවල ආරම්භය සිදු වුණේ බොහෝ විට සරඹ සහ මළල ක්‍රීඩා කටයුතුවලදී, බැලේ නර්තනවලදී, සර්කස්වල පිනුම් සහ කරනම් ඉදිරිපත්කරන්නියන් අතර භාවිත වුණු Leotard නම් ඇඳුම ඇසුරෙන් යැයි සිතන්නත් පුළුවන්.බොහෝ විට කපු, ලේස් හෝ නයිලෝන් වැනි රෙදි වර්ගවලින් මේ ඇඳුම් දකින්නට ලැබෙනවා. බොහෝ විට ශරීරයේ හැඩය ඉස්මතු වන ආකාරයට සිරුරේ මිමි වලට ගැලපෙන පරිදි මෙම විලාසිතා නිර්මාණය වනවා. Spandex රෙදි විශේෂ මෙන්ම latex වලින් නිර්මාණය වුණු bodysuit වෙළඳපලේ දකින්න පුළුවන්. මෙම විලාසිතාව ගැලපෙන පරිදි සාය සහ කලිසම් සමග formal සහ casual දෙයාකාරයටම අඳින්නට හැකි එකක්.

ඡායාරූපය අන්තර්ජාලය ඇසුරෙන්

Bodysuitවල අතීත කතාව

ක්ලැරී මකාර්ඩෙල්(Claire McCardell)
Bettie Page

1950දී පමණ Leotard නම් ක්‍රීඩා ඇඳුම ඇසුරින් Bodysuit විලාසිතාව හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ ක්ලැරී මකාර්ඩෙල්(Claire McCardell) නම් ඇමෙරිකානු මෝස්‌තර නිර්මාණ ශිල්පිනියටයි. ඇය හඳුන්වා දුන් මෙම ඇඳුම එකල විලාසිතා ලෝකයේ අග්‍රස්ථානයක වැජඹුණු(විශේෂයෙන්ම pin-up විලාසිතා සම්බන්දයෙන්) බෙටී පේජ්(Bettie Page) මුල්වරට නිරූපණයෙන් පසු ඉහල ජනප්‍රියත්වයක් ලැබුවා. පසු කාලීනව(විශේෂයෙන්ම 60 දශකයේ) Playboy සඟරාවේ නිරූපිකාවන් අතර බහුලව දකින්න ලැබුණා. 80, 90 දශකවල වරින් වර මතුව පැමිණියත් නැවත වරක් ජනප්‍රිය රැල්ලක් සේ පැතිර ගියේ 2010න් පමණ පසුයි.

Cindy Crawford පෙනී සිටි පෙප්සි වීඩියෝව

Bodysuit එකක් ඇඳුම් සමග ගලපා ගන්නේ කෙසේද?

වෙළඳපලේ නොයෙක් විලාසිතාවල bodysuit දකින්න පුළුවන්. දිගු අත් සහිත හෝ අත් රහිත, පපු ප්‍රදේශයේ පුළුල් විවරයක් ඇති හෝ ගෙල ඉහලටම ආවරණය වූ, ශරීරයට හිර හෝ උඩුකය කොටස තරමක් සැහැල්ලු blouse එකක ආකාරයෙන් ඇති ආදී විවිධ විලාසිතා හමුවනවා.මෙහි යටි කොටස normal cut හෝ thong panty එකක ආකාර වෙනවා. යොවුන් වියේ යුවතියන් අතර casual wear ලෙස bodysuit ජනප්‍රිය වෙමින් පවතිනවා. නමුත් මෙය කාර්යාලීය ඇඳුම් සමග මෙන්ම අනෙකුත් formal ගණයේ විලාසිතා සමග අපූරුවට ගැලපෙන්නක්. ඕනෑම වර්ගයක කලිසම්(tight jeans, elephant pants, denim jeans) සමග මෙන්ම කෙටි, දිගු ඕනෑම සාය මෝස්තරයක් සමගම මෙය ගලපා ගන්නට හැකියි. යට ඇඳුම් සම්බන්දයෙන් නම් ගැලපෙන පරිදි bra එකක් යොදා ගත හැකි අතර සමහර bodysuit සඳහා එය අවශ්‍ය වන්නේද නැහැ. අවශ්‍ය නම් ම පමණක් g-string වැනි යට ඇඳුමක් වැනි මේ සඳහා වෙනම panty එකක් අවශ්‍ය වන්නේ නැහැ.

bodysuit විලාසිතා කීපයක් | Photo credit: www.pinterest.com

***ඔබටත් bodysuit විලාසිතා මිලදී ගැනීමට අවශ්‍ය නම් පිවිසෙන්න: www.zigmajones.com

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

4 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

5 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago