Trend Spotter

පොතක් කියවමු – “අදිසි නදිය”

ඉතින් "අදිසි නදිය" තරණය කර ඒ මායාවී ලෝකයේ සැරිසරා "යතාර්ථය" දකින්නට ඔබට ආරාධනා.

මනෝරූපී නගරයකි…නමෙන් ගමෙන් පලක් නැත. පාලකයෝ සුපුරුදු ලෙසම පාලිතයින් තලමින් පෙළමින් තම තමන්ගේ මඩි තර කර ගැනීමේ ව්‍යාපාරයේ යෙදී සිටිති. පාලිතයෝද බහුතරයක් පාලකයින් මවා දෙන ෆැන්ටසි ලෝකයක කොටුවී ඒකාකාරී, යාන්ත්‍රික ජීවිතයක සිරවී සිටිති. ඔවුන් තුල මුල් බැස ඇත්තේද පාලකයින් තමුන්ව පෙළන්නේ දේව වරම් වාදයෙන් ලද වරමකින් ම බවය. ඇත්ත වටහා ගත්තෝ ද නැතුවා නොවේ. සමහරුන් මිය ගොසිනි. තවෙකෙක් තවමත් ඉපදී නැත. තුන්වන වර්ගය උන්නාද මළවුන් වැනිය. නැතිනම් ඇස්, කන් නැත්තෝය. බහුතරයකට නමක් වාසගමක් නැත්තේද තුබුණා කියා විශේෂ වාසියක්ද නැති බැවිනි. හදිසියේ එන අමුත්තෙකි. නමින් මැක්ස් එක්සෙල් ය. නගරයට ඔහුද, ඔහුට නගරයද ආගන්තුකය. මැක්ස්-ලිලී, ආතර්-නීනා, බනී-ඩොගී, රෙක්ස්-චෑන් ආදී මෙකී නොකී මනුස්ස-අමනුස්ස පරාණ එකතුවක් මැද සාටෝප පටවා ආටෝපයෙන් ඔප මට්ටම් කළ නගරය සැබෑ ව්‍යසනයක මුව විටය. සැබෑ සතුරා සැඟව මාන බලයි. නමුත් සහජයෙන්ම අමනොඥ බලලෝභී පාලකයෝද, ඇතැම් කණ්ඩායම්ද එකිනෙකා හා ගැටෙන්නේ මේ සැබෑ සතුරා අවතක්සේරු කරමිනි. අදිසි නදිය ගලා බසින්නේ මේ ඔස්සේය.

Photo Credit: www.bookrack.lk

සිංහල නවකතාවේ අපට සුපුරුදු ශෛලියෙන් මදක් ඔබ්බට යමින් කපිල කුමාර කාලිංගයන් අපව ගෙන යන්නේ අපූරු ෆැන්ටසි ලෝකයකටය. කතාව පදනම්ව ඇත්තේ මනෝරූපී නගරයක් වටා වුවත් විමසිලිමත් පාඨකයෙකුට අපහසුවෙන් තොරව ෆැන්ටසිය යතාර්ථය හා ගැලපී දකින්නට හැකි වනු ඇති. පියැසි කවුළුව, කන්දේ වීදිය, සැප්තැම්බරයේ දිග දවසක් ආදී නිර්මාණ සමග නවකතා පාඨක ලොව අතික්‍රමණය කළ කපිල කාලිංගයන් අපට නුහුරු නමක් නම් නොවේ. ස්වර්ණ පුස්තක, විද්‍යෝදය, රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලවල සෑම වසරකම ඔහුගේ නියෝජනයක් දකින්නේද එබැවිනි. “අදිසි නදිය2019 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ හොඳම නවකතාවට හිමි සම්මානය දිනාගන්නට සමත් වුණේ එහි වූ සුවිශේෂී බව නිසාවෙන් විය යුතුය. අවසානයේ “අදිසි නදිය” පොතින් උපුටා ගත්තක් දක්වන්නේ මේ වාක්‍ය කීපය තුල කැටි වූ අපූරු යතාර්ථය ඔබට-අපට කොතරම් සමීප දැයි පසක් කරන්නටය.

කලකට ඉහත ආසියානු රටක රාජ්‍ය නායකයෙක් ජනතාව කළ ප්‍රකාශයක් මැක්ස්ගේ මතකයේ ඇත. “ඔබේ ආරක්ෂාව ඔබ විසින්ම සලසා ගත යුතුය.” ඒ ඇසූ මිනිසුන් මහත් අසරණ භාවයකට පත් වන්නට ඇත. ජනතාව රැකබලා නොගන්නා පාලකයෙකුගෙන් කුමන ඵලයක් ද?

ඉතින් “අදිසි නදිය” තරණය කර ඒ මායාවී ලෝකයේ සැරිසරා “යතාර්ථය” දකින්නට ඔබට ආරාධනා.

කපිල කුමාර කාලිංග මහතා| ඔහුගේ මුහුණු පොතෙන් උපුටා ගත් ඡායාරූපයකි

අදිසි නදිය අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කිරීමට පිවිසෙන්න: www.bookrack.lk

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago