නිර්මාණශීලී බව නම් උණ්ඩයෙන් සන්නද්ධ කළ පන්හිඳක බලය අන් සියල්ල පරදන බව අපට නැවතත් පසක් කළ "ගුම්" දකින්නට…තම තම නැණ පමණින් "ගුම්" වටහා ගන්නට, ඔබේ "ක්‍රිෂ්ණා" සොයා යන්නට ආරාධනා…
තමන්ගේ නිෂ්පාදන සොරකම තම ඇස් ඉදිරිපිටම සිදුවන අයුරු බලමින් රටවැසියෝ සුසුම්ලති. කෑ මොර දෙති. අඬති. වැලපෙති. මේ බලහත්කාරකමට එරෙහිව දුර්වල සටන් කරති….නමුත් ඒ සටන ජයග්‍රහණයක් කරා මෙහෙයවීමට ඔවුන්ට ඉඩ නොදුන්නේ ඔවුන්ගේ සාම්ප්‍රදායික චින්තනයත්, ක්‍රියාකාරකමුත් බව ඔවුහු දැන නොසිටියෝය…
සතුරා මිතුරෙකු ලෙස සිතා වැළඳගැනීමට තරම් නිවට බවක් මේ පුරවැසියන් මත රෝපණය කර ඇත. තම ජීවිතයේ ශෝකාන්තික හෝ සුඛාන්තික ශුද්ධ ඵලය වෙනස් නොකළ හැකි ඉරණමක නියතියක් බව විශ්වාස කරන අධ්‍යාපනයක හිමිකරුවන් වූ මේ ප්‍රජාව තමා සතු සියලු කුසලතා සතුරා වෙනුවෙන් නිෂ්පාදනය කිරීමට පමණක් භාවිත කළෝය…
එක් එක් රාජධානියේ නිෂ්පාදන සතුරන් විසින් ඉතා සුක්ෂම ලෙස කොල්ලකද්දී මේ පුරවැසියෝ සාම්ප්‍රදායිකව උද්ඝෝෂණයේ යෙදෙති. සාප්‍රදායිකව පහර දෙති. වරද, තම සහෝදර රාජධානිවල සිටින්නේ තමන් වැනිම ප්‍රජාවක් බව මේ කිසිකෙනෙකු කල්පනා නොකිරීමයි… – බටුවන්ගල රාහුල හිමියන්ගේ “ගුම්” කෘතියෙන්
මේ පුරවැසියෝ “මී” පුරවැසියෝ ය. බැලූ බැල්මට සිතෙන්නේද, සිතා සිටින්නේද යුටෝපියාවක සාඩම්බර පංගු කාරයින් බවය. නමුත් ඇත්ත තිත්තය. පිළිගන්නට සිතෙන්නේද නැත. කුමක් කරන්නද? හෝපළු වනපෙතේ තමන් එන තෙක් මග බලා සිටින ක්‍රිෂ්ණා සොයා යන ජයතුපාල, පබසරා, චීන මහත්තයා, වලසා, රිලා කැල, මී මැසි කැල ඔබ එන තෙක් බලා සිටින්නේ ඔවුන්ගේ කතාව කීමටද? ඔබේ කතාව කියා දීමට ද? ඇසූ පිරූ දැනුමෙන්ද, බස හැසිර වීමෙන්ද, නිර්මානශීලිත්වයෙන්ද එදත්, අදත් පොහොසත් බටුවන්ගල රාහුල හිමියන් උන්වහන්සේගේ කාර්ය භාරය ඉටුකොට හමාරය. නිර්මාණශීලී බව නම් උණ්ඩයෙන් සන්නද්ධ කළ පන්හිඳක බලය අන් සියල්ල පරදන බව අපට නැවතත් පසක් කළ “ගුම්” දකින්නට…තම තම නැණ පමණින් “ගුම්” වටහා ගන්නට, ඔබේ “ක්‍රිෂ්ණා” සොයා යන්නට ආරාධනා…
***2019 ස්වර්ණ පුස්තක සාහිත්‍ය සම්මාන උළෙලේ අවසන් නිර්මාණ 05 අතරට නිර්දේශිත, පූජ්‍ය බටුවන්ගල රාහුල හිමියන්ගේ “ගුම්” කෘතිය පහත link ඔස්සේ අන්තර්ජාලයෙන් ඇනවුම් කළ හැකිය. – www.bookrack.lk
Cover photo background credit: Photo by David Hablützel from Pexels
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…