Trend Spotter

පොතක් කියවමු – “ගුම්”

නිර්මාණශීලී බව නම් උණ්ඩයෙන් සන්නද්ධ කළ පන්හිඳක බලය අන් සියල්ල පරදන බව අපට නැවතත් පසක් කළ "ගුම්" දකින්නට…තම තම නැණ පමණින් "ගුම්" වටහා ගන්නට, ඔබේ "ක්‍රිෂ්ණා" සොයා යන්නට ආරාධනා…

තමන්ගේ නිෂ්පාදන සොරකම තම ඇස් ඉදිරිපිටම සිදුවන අයුරු බලමින් රටවැසියෝ සුසුම්ලති. කෑ මොර දෙති. අඬති. වැලපෙති. මේ බලහත්කාරකමට එරෙහිව දුර්වල සටන් කරති….නමුත් ඒ සටන ජයග්‍රහණයක් කරා මෙහෙයවීමට ඔවුන්ට ඉඩ නොදුන්නේ ඔවුන්ගේ සාම්ප්‍රදායික චින්තනයත්, ක්‍රියාකාරකමුත් බව ඔවුහු දැන නොසිටියෝය…
සතුරා මිතුරෙකු ලෙස සිතා වැළඳගැනීමට තරම් නිවට බවක් මේ පුරවැසියන් මත රෝපණය කර ඇත. තම ජීවිතයේ ශෝකාන්තික හෝ සුඛාන්තික ශුද්ධ ඵලය වෙනස් නොකළ හැකි ඉරණමක නියතියක් බව විශ්වාස කරන අධ්‍යාපනයක හිමිකරුවන් වූ මේ ප්‍රජාව තමා සතු සියලු කුසලතා සතුරා වෙනුවෙන් නිෂ්පාදනය කිරීමට පමණක් භාවිත කළෝය…
එක් එක් රාජධානියේ නිෂ්පාදන සතුරන් විසින් ඉතා සුක්ෂම ලෙස කොල්ලකද්දී මේ පුරවැසියෝ සාම්ප්‍රදායිකව උද්ඝෝෂණයේ යෙදෙති. සාප්‍රදායිකව පහර දෙති. වරද, තම සහෝදර රාජධානිවල සිටින්නේ තමන් වැනිම ප්‍රජාවක් බව මේ කිසිකෙනෙකු කල්පනා නොකිරීමයි… – බටුවන්ගල රාහුල හිමියන්ගේ “ගුම්” කෘතියෙන්

උපුටා ගැනීම පූජ්‍ය බටුවන්ගල රාහුල හිමියන්ගේ මුහුණු පොත ඇසුරෙන්

මේ පුරවැසියෝ “මී” පුරවැසියෝ ය. බැලූ බැල්මට සිතෙන්නේද, සිතා සිටින්නේද යුටෝපියාවක සාඩම්බර පංගු කාරයින් බවය. නමුත් ඇත්ත තිත්තය. පිළිගන්නට සිතෙන්නේද නැත. කුමක් කරන්නද? හෝපළු වනපෙතේ තමන් එන තෙක් මග බලා සිටින ක්‍රිෂ්ණා සොයා යන ජයතුපාල, පබසරා, චීන මහත්තයා, වලසා, රිලා කැල, මී මැසි කැල ඔබ එන තෙක් බලා සිටින්නේ ඔවුන්ගේ කතාව කීමටද? ඔබේ කතාව කියා දීමට ද? ඇසූ පිරූ දැනුමෙන්ද, බස හැසිර වීමෙන්ද, නිර්මානශීලිත්වයෙන්ද එදත්, අදත් පොහොසත් බටුවන්ගල රාහුල හිමියන් උන්වහන්සේගේ කාර්ය භාරය ඉටුකොට හමාරය. නිර්මාණශීලී බව නම් උණ්ඩයෙන් සන්නද්ධ කළ පන්හිඳක බලය අන් සියල්ල පරදන බව අපට නැවතත් පසක් කළ “ගුම්” දකින්නට…තම තම නැණ පමණින් “ගුම්” වටහා ගන්නට, ඔබේ “ක්‍රිෂ්ණා” සොයා යන්නට ආරාධනා…

පූජ්‍ය බටුවන්ගල රාහුල හිමියන්

***2019 ස්වර්ණ පුස්තක සාහිත්‍ය සම්මාන උළෙලේ අවසන් නිර්මාණ 05 අතරට නිර්දේශිත, පූජ්‍ය බටුවන්ගල රාහුල හිමියන්ගේ “ගුම්” කෘතිය පහත link ඔස්සේ අන්තර්ජාලයෙන් ඇනවුම් කළ හැකිය. – www.bookrack.lk

Cover photo background credit: Photo by David Hablützel from Pexels

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago