ගැහැණියකගේ ගැහැණු කම ඉදිරියේ මහා අධිරාජයෝ පවා දැපනේ වැටුනෝය. රජකම පමණක් නොව හිසද අහිමි කරගත් උදාහරණ අතීතයේ එමටය. වර්තමානයේද එසේමය. අනාගතය ගැන කවර කතා ද? ඒ ගැහැණුන්ගේ හැටිය.
කතාවට කියන්නේ සමාජය පුරුෂ මූලික බවය. පුරුෂයාගේ ආධිපත්‍යය සියල්ල අභිබවා පැතිරී තිබෙන බවය. නමුත් මේ සියල්ල සැනින් උඩු යටිකුරු වන්නේ ගැහැණිය සතු අරුම පුදුම අවියක් නිසාය. ඒ අන් කිසිවක් නොව “ගැහැණු කමයි”. ගැහැණියකගේ ගැහැණු කම ඉදිරියේ මහා අධිරාජයෝ පවා දැපනේ වැටුනෝය. රජකම පමණක් නොව හිසද අහිමි කරගත් උදාහරණ අතීතයේ එමටය. වර්තමානයේද එසේමය. අනාගතය ගැන කවර කතා ද? ඒ ගැහැණුන්ගේ හැටිය.
වීනස් රෝම දේව පුරාණයට අනුව නම් ආලයට සහ රූපයට අධිපති දෙවඟනයි. ඇය සකල දෙව්ලොවම වශී කර ගත්තේ අගේ රූපයෙන් සහ ගැහැණු කමිනි. අපේ ව්‍යවහාරයේද කෙනෙකුට සිකුරා ලබන්නේ ජීවිතයේ මහා පෙරලියකටය. “මිණිමුතු” සැබවින්ම සිකුරු දෙවඟනකි. ඈ හමුවේ දමනය උනු, ඈට නතුවුණු පිරිමි පරාණ ම කිහිපයකි. “ගැහැණු කම” මිට මොලවා උපන් ඒ දෙව්දුව හා දෝලනය වන පිරිමි ජීවිත කීපය, ඒ දෙස උපේක්ෂාවෙන් දෝ නැතිනම් තමා මගහැරගත් ජීවිතයේ ආශාවන් මිණිමුතු තුලින් සන්තර්පණය කරගන්නා අම්මා නම් භූමිකාවත් වටා ගෙතුණු කතා පුවතයි…”වීනස්ගේ උපත“
2019 ස්වර්ණ පුස්තක සම්මාන පළමු කෘති පහ අතරට තේරී පත් වුණු “වීනස්ගේ උපත” ඔබ වෙත ගෙන එන්නේ ප්‍රවීණ ලේඛිකා ශමෙල් ජයකොඩි විසිනි. ඇමෙරිකා, ප්‍රංශ පෙම්වතා, වැව් පතුලේ කිඳුරිය, නිරුවත් හදවත් සහ රෝසමාලි ආදී කෘති සමගින් ඔබ හා එක්වුණු ශමෙල් ජයකොඩිගේ 2018 මෙම නිර්මාණය සරසවි ප්‍රකාශකයින් විසිනි. ඉදින් අටුවා ටීකා, ටිප්පණි නැත…”වීනස්ගේ උපත” සමග වීනස් දකින්නට ඔබට ආරාධනා….
අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමට පිවිසෙන්න: www.sarasavi.lk
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…