Trend Spotter

පොතක් කියවමු – “වීනස්ගේ උපත”

ගැහැණියකගේ ගැහැණු කම ඉදිරියේ මහා අධිරාජයෝ පවා දැපනේ වැටුනෝය. රජකම පමණක් නොව හිසද අහිමි කරගත් උදාහරණ අතීතයේ එමටය. වර්තමානයේද එසේමය. අනාගතය ගැන කවර කතා ද? ඒ ගැහැණුන්ගේ හැටිය.

කතාවට කියන්නේ සමාජය පුරුෂ මූලික බවය. පුරුෂයාගේ ආධිපත්‍යය සියල්ල අභිබවා පැතිරී තිබෙන බවය. නමුත් මේ සියල්ල සැනින් උඩු යටිකුරු වන්නේ ගැහැණිය සතු අරුම පුදුම අවියක් නිසාය. ඒ අන් කිසිවක් නොව “ගැහැණු කමයි”. ගැහැණියකගේ ගැහැණු කම ඉදිරියේ මහා අධිරාජයෝ පවා දැපනේ වැටුනෝය. රජකම පමණක් නොව හිසද අහිමි කරගත් උදාහරණ අතීතයේ එමටය. වර්තමානයේද එසේමය. අනාගතය ගැන කවර කතා ද? ඒ ගැහැණුන්ගේ හැටිය.


වීනස් රෝම දේව පුරාණයට අනුව නම් ආලයට සහ රූපයට අධිපති දෙවඟනයි. ඇය සකල දෙව්ලොවම වශී කර ගත්තේ අගේ රූපයෙන් සහ ගැහැණු කමිනි. අපේ ව්‍යවහාරයේද කෙනෙකුට සිකුරා ලබන්නේ ජීවිතයේ මහා පෙරලියකටය. “මිණිමුතු” සැබවින්ම සිකුරු දෙවඟනකි. ඈ හමුවේ දමනය උනු, ඈට නතුවුණු පිරිමි පරාණ ම කිහිපයකි. “ගැහැණු කම” මිට මොලවා උපන් ඒ දෙව්දුව හා දෝලනය වන පිරිමි ජීවිත කීපය, ඒ දෙස උපේක්ෂාවෙන් දෝ නැතිනම් තමා මගහැරගත් ජීවිතයේ ආශාවන් මිණිමුතු තුලින් සන්තර්පණය කරගන්නා අම්මා නම් භූමිකාවත් වටා ගෙතුණු කතා පුවතයි…”වීනස්ගේ උපත

2019 ස්වර්ණ පුස්තක සම්මාන පළමු කෘති පහ අතරට තේරී පත් වුණු “වීනස්ගේ උපත” ඔබ වෙත ගෙන එන්නේ ප්‍රවීණ ලේඛිකා ශමෙල් ජයකොඩි විසිනි. ඇමෙරිකා, ප්‍රංශ පෙම්වතා, වැව් පතුලේ කිඳුරිය, නිරුවත් හදවත් සහ රෝසමාලි ආදී කෘති සමගින් ඔබ හා එක්වුණු ශමෙල් ජයකොඩිගේ 2018 මෙම නිර්මාණය සරසවි ප්‍රකාශකයින් විසිනි. ඉදින් අටුවා ටීකා, ටිප්පණි නැත…”වීනස්ගේ උපත” සමග වීනස් දකින්නට ඔබට ආරාධනා….

ප්‍රවීණ ලේඛිකා ශමෙල් ජයකොඩි මහත්මිය | මුහුණුපොත ඇසුරෙන්

අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමට පිවිසෙන්න: www.sarasavi.lk

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago