CookBookLK

පොඩ්ඩන්ට ඉස්කෝලේ අරන් යන්න පෙති පාන් පීසා

ඉතින් අද ඔයාලට මේ කියන්න යන්නේ ඒ කරුණු දෙකම සපුරපු කෑමක්. පොඩ්ඩෝ කොහොමත් කැමති පීසා. ඔයාලට ගෙදර තිබෙන දේවලින් හදලා දෙන්න පුළුවන් ක්‍රමයක් ගැන. මේකට අපි කියන්නේ පෙති පාන් පීසා කියලා. සොසේජස්, කුකුළු මස්, සැමන්, මාළු වගේම බේකන් සහ බිත්තර රසටත් ඕනෑ නම් එළවලු වලිනුත් මේ පෙති පාන් පීසා හදන්න පුළුවන්.

පොඩ්ඩෝ කොහොමත් කැමති ටිකක් වෙනස් විදියේ කෑමට. හැමදාම ඉස්කෝලේ යවන පාන්, බත්, කඩල කවුපි වගේ දේවල් හවසටත් එහෙමමයි. ඉස්කෝලෙට කෑම යවන එක අම්මලාට ලොකු යුද්දයක්. පොඩ්ඩෝ කැමති දෙයක් වෙන්නත් ඕනේ, ගුණදායක සමබල ආහාරයක් වෙන්නත් ඕනේ. ඉතින් අද ඔයාලට මේ කියන්න යන්නේ ඒ කරුණු දෙකම සපුරපු කෑමක්. පොඩ්ඩෝ කොහොමත් කැමති පීසා. ඔයාලට ගෙදර තිබෙන දේවලින් හදලා දෙන්න පුළුවන් ක්‍රමයක් ගැන. මේකට අපි කියන්නේ පෙති පාන් පීසා කියලා. සොසේජස්, කුකුළු මස්, සැමන්, මාළු වගේම බේකන් සහ බිත්තර රසටත් ඕනෑ නම් එළවලු වලිනුත් මේ පෙති පාන් පීසා හදන්න පුළුවන්.

Photo Credit : www.delish.com

අවශ්‍ය ද්‍රව්‍ය :
හොඳ වර්ගයක පාන් පෙති 5-6ක්(පොඩ්ඩන්ට හොඳ ගුණ සමබල ආහාරයක් දෙන්න ඕනා නිසා Whole Grain/All Seeds වගේ ගුණදායක පාන් වර්ගයක් ගන්න.
සිහින්ව ලියා ගත චීස් කෝප්ප 2ක්(චෙඩාර් සහ මොසරැල්ලා)
පීසා සෝස් හෝ තක්කාලි කෙචප් මේස හැඳි 5ක්
සිහින්ව ලියා ගත් සුදු ළූණු බික් 2ක්
කොටු කපා ගත් බී ළූණු ගෙඩි 1ක්
ඇට ඉවත් කර සිහින්ව ලියා ගත් අමු මිරිස් කරල් 2ක්
තම්බා අතින් කැබලි කරගත් කුකුළු මස් හෝ සිහින්ව කපා ගත් තෙලේ පෙරලා ගත් සොසේජස් හෝ තම්බා පොඩි කර ගත් මාළු කෝප්පයක්
සිහින්ව ලියා ගත් පාස්ලි කොළ තේ හැඳි 1ක්
ලුණු කුඩු ටිකක්
ගම්ම්රිස් කුඩු ටිකක්
එළවලු තෙල් මේස හැඳි 2ක්

සාදා ගන්නා ආකාරය :

01) නන් ස්ටික් පෑන් එකක් ලිපේ රත් වෙන්න තියන්න. රත් වූ පසු පාන් පෙතිවල දෙපැත්තම විනාඩිය බැගින් තබා ටෝස්ට් කරගන්න.
02) දැන් මේ පාන් පෙතිවල යන්තමට සුදු ළූණු තවරන්න. ඒ මත එළවලු තෙල් තවරන්න.
03) දැන් ඊට උඩින් තක්කාලි කෙචප් හෝ පීසා සෝස් තවරන්න. ළූණු, මිරිස්, කුකුළු මස් හෝ සොසේජස් ඊට උඩින් දමන්න. දැන් සිහින්ව ගාගත් චීස් දෙවර්ගය ඊට උඩින් දමන්න. අවසානයට ලියාගත් පාස්ලි කොළ අතුරා එළවලු තෙල් ටික උඩින් ඉස ලුණු හා ගම්මිරිස් කුඩුද ඉසින්න.
04) මේ විදියට සාදාගත් පෙති පාන් පීසා අවන් එකකට දමනවා නම් පැතලි පෑන් එකක තබා අංශක 200 උෂ්ණත්වයේ විනාඩි 12ක් පමණ බේක් කරගන්න. නන් ස්ටික් පෑන් එකක පිසිනවා නම් ඉහල උෂ්ණත්වයේ විනාඩි 2ක් පිස පියන වසා තවත් විනාඩි 1ක් පිස ගන්න. පසුව පියන විවෘත කර තවත් විනාඩි 2ක් ටෝස්ට් කර ගන්න.
දැන් උණු උණුවේම තක්කාලි කෙචප් සමග පිළිගන්වන්න.

Photo Credit : www.freepik.com
Hemantha Alwis

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago