Hollywood

චාලිගේ සුරදුතියන් නැවතත් කරළියට…

චාලිගේ සුරදුතියෝ(Charlie's Angels) නැවතත් යුධ පිටියට පිවිසෙමින් සිටිති. ඒ 2019 නවතම චිත්‍රපටය සමගයි.

1976 සැප්තැම්බර් 22 සිට 1981 ජූනි 24 දක්වා පුරා කථාංග 115 රූපවාහිනී ප්‍රේක්ෂකයින් අමුතුම ලෝකයකට ගෙන ගිය කථා මාලාව වූයේ ය. චාර්ලි ටවුන්සෙන්ඩ් නම් මෙහෙයවූ පෞද්ගලික රහස් පරීක්ෂක ඒජන්සියක් වටා ගෙතුණු කථා මාලාවක් වුණු මෙය ගණයට අයත් විය. කිසිදා නොදකින හඬ පමණක් ඇසෙන චාලිගේ උපදෙස් අනුව අපරාධකරුවන් ලුහුබැඳ ගියේ පොලිස් ඇකඩමි පුහුණුව ලැබූ සුරූපී සරාගී තරුණියන් පිරිසකි. සටන් පුහුණුවෙන්, අවි පුහුණුවෙන් මෙන්ම ගැහැණු කමින්ද සන්නද්ධව, ප්‍රයෝජන ගනිමින් සතුරන් ලුහු බැඳ ගිය මේ අයගේ කථා රූපවාහිනී ප්‍රේක්ෂකයින්ට අපූරු අත්දැකීමක් විය. කේට් ජැක්සන්, ෆාරා ෆැව්සෙට්, ජැක්ලින් ස්මිත්, ෂෙරිල් ලැඩ්, ෂෙරිල් හැක්, ටාන්‍යා රොබට්ස් විටින් විට මෙහි චාලිගේ සුරදුතියන් ලෙස චරිත නිරූපණය කරන ලදී. බිකිණිවලින්, සරාගී ඇඳුම්වලින් සැරසි මේ සුරූපිනියන් ඇස ඇඳ බැඳ ගත්තේ ප්‍රේක්ෂකයින්ගේ පමණක් නොවේ. සතුරන්ද ඔවුන්ගේ මායා දැලේ පැටලී හසුවනු දකින්නට ලැබුණි. මේ ඒ යුගයේ ජනප්‍රියතම රූපවාහිනී කථා මාලාවක් විය.

කැමරන් ඩයස්, ඩ්රූ බැරිමෝර් සහ ලුසී ලූ ගේ රංගනයෙන් Charlie’s Angels චිත්‍රපටයක් ලෙස මුල්වරට පැමිණෙන්නේ 2000දීය. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 264ට වඩා උපයමින් බොක්ස් ඔෆීස් වාර්තා අතරට එක්වුණි. එහි දෙවන කොටස Charlie’s Angels: Full Throttle නමින් 2003දී නිකුත් වුණි.

Kristen Stewart, Naomi Scott, Ella Balinska and Elizabeth Banks star in Charlie’s Angels. | Photo Credit : www.ew.com

චාලිගේ සුරදුතියෝ(Charlie’s Angels) නැවතත් යුධ පිටියට පිවිසෙමින් සිටිති. ඒ 2019 නවතම චිත්‍රපටය සමගයි. අලුත් සුරදුතියන් තිදෙනෙක් එනම් Kristen Stewart, Naomi Scott සහ Ella Balinska සටන් බිමට පිවිසීමට සූදානම්ය. Elizabeth Banks අධ්‍යක්ෂණයෙන් හා තිර රචනයෙන් දායක වන මෙහි කතා පුවත Evan Spiliotopoulos සහ David Auburn ගෙනි. Columbia Pictures, 2.0 Entertainment, Brownstone Productions, The Cantillon Company සහ Flower Films නිෂ්පාදනය කරනු ලබන 2019 බෙදාහැරීම් කටයුතු Sony Pictures Releasing මගිනි. අලුත්ම චිත්‍රපටය 2019 නොවැම්බර් 15 ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.

Ella Balinska, Kristen Stewart and Naomi Scott star in Charlie’s Angels. | Photo Credit : www.ew.com
Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago