සෑම අයෙකුම ප්‍රගුණ කළ යුතු, විශේෂයෙන් ම පරිපූර්ණ ගැහැනියක වීමට ජීවිතයට එකතු කර ගත යුතු සූ සැට කලාවන්. මෙය සූ සැට කාම කලාවන් ලෙසත් හඳුන්වනවා.
පසුගිය podcast එකෙන් මම ඔයාලට පුංචි හැඳින්වීමක් කළා පෙරදිගින් බිහිවුණු අපූරු දායාදයක් ගැන. ඒ වාත්ස්‍යනයන් රචනා කළ පෙරදිග මහා කාම ශාස්ත්‍ර ග්‍රන්ථය වන කාම සුත්‍රය ගැන. ලෞකික ජීවිතය සැපවත්, ලස්සන එකක් කරගන්න වැදගත් කරුණු රැසක් මෙහි අන්තර්ගත වන බව මම ඔයාලට සඳහන් කළා.ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ ජීවිතයට වැදගත් වන කරුණු කීපයක් ගැන. ඒ තමයි සෑම අයෙකුම ප්‍රගුණ කළ යුතු, විශේෂයෙන් ම පරිපූර්ණ ගැහැනියක වීමට ජීවිතයට එකතු කර ගත යුතු සූ සැට කලාවන්(Chathusashti Kalas – 64 Arts of Kamasutra). මෙය සූ සැට කාම කලාවන් ලෙසත් හඳුන්වනවා.
කාම වචනය ඇසුණු ගමන් ඔයාලට හිතෙන්න පුළුවන් මේ කාම කලාවන් කියන්නේ රති ක්‍රීඩාව හා සම්බන්ද දෙයක් කියලා. නැහැ. මේ කාම කියන්නේ ලෞකික ජීවිතය හා සම්බන්ද වන්නක්. රතිය එහි එක් පුංචි කොටසක් විතරයි. මේ මම අද ඔයාලට කියන සූ සැට කලාවන් නැතිනම් හැට හතර කලාවන් කියන්නෙත් ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට වැදගත් වන්නක්. වාත්ස්‍යනයන් විශේෂයෙන් ම සඳහන් කරන්නේ මේ කලාවන් සෑම ගැහැණියක විසින්ම හැදෑරිය යුතු බවත් මේවා ප්‍රගුණ කළ අයෙක් ඇත්නම් ඇය දක්ෂ, පරිපූර්ණ ගැහැණියක වන බවත් ය. කන්‍යාවන් භද්‍ර යෞවනයට පිවිසෙන විට කාම ශාස්ත්‍රය සේම මේ සූ සැට කලාවන් ප්‍රගුණ කළ යුතු බව වාත්ස්‍යයන පවසනවා. කාලයත් සමග පුංචි පුංචි වෙනස්කම් තිබුණත් මේ සිව් සැට කලාවන් අදටත් වලංගු, වටිනා දේවල්.
Cover photo credit: https://www.sanskritimagazine.com/
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…