CookBookLK

කල් තබාගෙන කන්න පුළුවන් Chicken ඇඹුල්තියල් හදමු

ඇඹුල්තියල් අපේ පැරැන්නන්ගෙන් අපට ලැබුණු අපේම ශ්‍රී ලාංකික දායාදයක් කියලා කියන්න පුළුවන්. අද අපි හදන්න යන්නේ කුකුළු මස් ඇඹුල්තියල්.

COVID-19 එක්ක අපේ ජීවිත lockdown වෙලා දැන් මාසෙකටත් වැඩි. අපේ සුපුරුදු ජීවන රටාව වෙනස් කරන්න මේ කාලේ අපට සිදු වුණා. කැමති විදියට කන්න-බොන්න, කැමති විදියට ගමනක්-බිමනක් යන්න මේ වගේ දේවල් අකමැත්තෙන් වුණත් වෙනස් කරන්න අපට සිදු වුණා. වෙනදා වගේ රැකියා, ව්‍යාපාරවල යෙදෙන්නත් බැරි නිසා අතමිට මුදල් වුණත් වෙනදා වගේ ගැවසීමක් නැහැ නේද? කන බොන දේවල් වුණත් අතේ සල්ලි තිබුණත් වෙනදා වගේ සපයා ගන්න බැහැ. මේ මුළු ලෝකයටම ආපු විශේෂ කාලයක්. අවසානයක් ගැන තවම නිශ්චිත අදහසක් නැහැ. මේ කාලයට සාප නොකර අපේ lifestyle එක adjust කර ගත්තොත් ඒක අපේ ජීවිත කාලයටම ප්‍රයෝජනවත් වේවි. වෙනදාට වඩා සකසුරුවම්කම, තමන්ගේ දේ තමන්ම කරගැනීම, අඩු පහසුකම් එක්ක වුණත් සතුටින් ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන හිතන්න මීට වඩා හොඳ කාලයක් නැහැ. බොහෝ කාලයකට පස්සේ ඔයාලට රසවත් කෑමක් හදා ගන්න හැටි අද අරගෙන ආවේ ජීවිතේට වටිනා පණිවිඩ කීපයකුත් අරගෙන.

අද මම ඔයාලට කියන්න යන්නේ කල්තබාගෙන වේල් දෙක තුනක් ප්‍රයෝජනයට ගන්න පුළුවන් කෑමක්. ඇඹුල්තියල් අපේ පැරැන්නන්ගෙන් අපට ලැබුණු අපේම ශ්‍රී ලාංකික දායාදයක් කියලා කියන්න පුළුවන්. අද අපි හදන්න යන්නේ කුකුළු මස් ඇඹුල්තියල්.

අවශ්‍ය ද්‍රව්‍ය(Ingredients)

මේ උවමනා දේවල් ඔයාලා ගන්න කුකුළු මස් ප්‍රමාණය එක්ක වෙනස් වෙනවා. මේ අවශ්‍ය දේවල් ගෙදර කුස්සියේ තුනපැහැ ගොඩේ තියන සුලබ දේවල් නිසා හොයාගන්න අපහසු වෙන එකක් නම් නැහැ. මම මේ වට්ටෝරුව ගේන්නේ කිලෝ එකක විතර සම්පූර්ණ කුකුලෙක් සඳහා.

1kg පමණ කුකුළෙක්
කහ ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
ගම්මිරිස් ඇට කීපයක්

ඇඹුල්තියල් පහේ මිශ්‍රණය

ඇඹුල්තියල් පහේ මිශ්‍රණ වෙළඳපොලේ තිබුණත් ඔයාලා උවමනා කළමනා එක්ක අලුතින්ම හදලා ගන්න පහේ මිශ්‍රණයක තිබෙන රස, සුවඳ ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පහේ මිශ්‍රණය හරිම වැදගත්.

කොත්තමල්ලි ඇට මේස හැඳි 2ක්
සූදුරු සහ මහදුරු මේස හැඳි 1.5 බැගින්
උළු හාල් තේ හැඳි 1/2ක්
වියලි මිරිස් කරල් 15ක් 20ක්(මේ දවස්වල හොයාගන්න නැති නම් මිරිස් කුඩු මේස හැඳි 3ක්වගේ ගන්න)
එනසාල් කරල් 5ක්, කරාබු නැටි 4ක්
කුරුඳු පොතු අඟලක පමණ කැබැල්ලක්
කරපිංචා ඉති 2ක කොළ

මීට අමතරව ඇඹුල්තියල් පේස්ට් එක හදන ප්‍රධානම දේ ගොරකා කැබලි 20ක් හෝ ගොරකා පේස්ට් මේස හැඳි 4ක්
අවශ්‍ය නම් සුදු ළූණු බික් 6ක් 7ක්(අඹරා ගන්න)
දෙහි ගෙඩියක්
කරපිංචා ටිකක් වැඩිපුර ගන්න
රම්පෙ කොලයක්
ලුණු
අලුත කොටාගත් ගම්මිරිස් කුඩු මේස හැඳි 2ක්
පොල්තෙල්
පිරිසිඳු මැටි හට්ටියක්

සාදන ආකාරය(How to cook)

01) කුකුළු මස් ටික තරමක කැබලි කපා ගන්න. හොඳින් සෝදා ලුණු, ගම්මිරිස් ඇට, කහ අවශ්‍ය පමණ දමා තම්බා ගන්න. හොඳින් තම්බුනු පසු කැබලි ඉවත්කර වෙනම භාජනයක දමන්න.

02) ඇඹුල් තියල් පහේ මිශ්‍රණයට අවශ්‍ය ද්‍රව්‍ය කබලේ බැද කුඩු කරගන්න.

03) මේ කුඩු කරගත් පහේ මිශ්‍රණය, අඹරාගත් ගොරකා, සුදු ළූණු පේස්ට්, ගම්මිරිස් කුඩු, ලුණු තේ හැඳි 2ක් පමණ, දෙහි ඇඹුල් සියල්ල බඳුනකට දමා මිශ්‍ර කරන්න. වතුර කෝප්ප 2ක් දමා හොඳින් මිශ්‍රණය සාදා ගන්න.

04) සෝදා වියලා ගත් මැටි බඳුන ගෙන අඩියේ පොල් තෙල් ගා ගන්න. මිශ්‍රණය අඩියට ඇල්ලීම මින් පාලනය වනවා. දැන් කරපිංචා කොළ අඩියේ අතුරන්න. තාරක වැඩිපුර දමන තරමට ඇඹුල් තියල රස වේවි. ඊට උඩින් මස් කැබලි ටික පරිස්සමින් අතුරන්න. පහේ මිශ්‍රණය මස් කැබලිවල හොඳින් තැවරෙන සේ දමන්න. උඩින් තවත් කරපිංචා ටිකක් දමා පොල්තෙල් මේස හැඳි 2කුත් එකතු කරන්න.

05) මැටි ඇතිළිය ලිප තබා තද ගින්නේ විනාඩි 8ක් 10ක් පිසින්න. ඉන් පසු පියන වසා විනාඩි 30ක් පමණ තෙත ගතිය අඩුවන තෙක් මද ගින්නේ තබන්න. විටින් විට පියන විවෘත කර තෙත ගතිය අඩුවී ඇතිදැයි බලන්න. විනාඩි 30කට පමණ පසු පියන තෙත ගතිය තරමක් තිබේ නම් පියන විවෘත කර තව විනාඩි 2ක් පමණ පිසින්න. දැන් chicken ඇඹුල්තියල් එක ready.

06) මැටි භාජනය හොඳින් වසා, තෙත නැති වියලි හැන්දක් භාවිතා කළොත් මේ කෑම ඔයාලට දින කීපයක්ම ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

Please SUBSCRIBE: Kamani LIVE!

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

1 day ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

2 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago