ඊයේ(27) වාර්තා වූ මරණ 8ත් සමග ශ්රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 107 දක්වා ඉහල ගියා. මිය ගිය සියලු දෙනාම කොළඹ දිස්ත්රික්කයේ පදිංචි කරුවන්.
පෑලියගොඩ-මිනුවන්ගොඩ කොරෝනා පොකුර මේ වන විට 19,000කට ආසන්න ව තිබෙනවා. ශ්රී ලංකාවෙන් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන මේ අනුව 22,501ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

