කොරෝනා නොහොත් COVID-19 කරලියට විත් වසරකට ආසන්න වෙලා. මේ මොහොත වන විට ලෝකය පුරා වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 60 ඉක්මවලා(60,105,740). කොරෝනා ආසාදිත මරණ ගණන 1,414,868ක්. මිලියන 13කට ආසන්න(12,955,007) ආසාදිතයින් ගණනක් සහ මරණ 265,891ක් සමග වැඩිම බලපෑමක් සිදුවූ රට ලෙස තවමත් සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඉන්දියාව, බ්‍රසීලය, ප්‍රංශය සහ රුසියාව කොරෝනාවෙන් ප්‍රබල බලපෑම් එල්ල වූ අනෙක් ප්‍රධාන රටවල් 5 වනවා. ශ්‍රී ලංකාව මේ වන විට පවතින්නේ මේ ලැයිස්තුවේ 99 වන ස්ථානයේ. ඒ මුළු ආසාදිතයින් 20,967ක් සහ මරණ 94ක් සමග.

ලෝකයේ සෑම රටකම පාහේ මේ ගෝලීය වසංගතයට එරෙහි ඖෂධයක් සෙවීමේ නිරතව සිටිනවා. මේ අතර ඇමෙරිකාවේ විද්‍යාඥයින් 95% සාර්ථකත්වයෙන් යුතු එන්නතක් සොයාගෙන ඇති අතර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනොකා සමාගම එක්ව නිපදවන එන්නත 90% සාර්ථකත්වයක් පෙන්වා තිබෙනවා.

Medical photo created by freepik – www.freepik.com