ගතවූ පැය 24 තුල හඳුනාගත් නව ආසාදිතයින් 443ත් සමග මෙරට වාර්තා වන මුළු COVID-19 ආසාදිතයින් ගණන 12,187 දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ අතර මෙරට 24 වන COVID-19 ආසාදිත මරණය අද වාර්තා වුණා. ඒ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවක්. කලක් නිදන්ගත රෝග රැසකින් පෙලී ඇති ඈ හෘදයාබාධයකින් නිවසේ දී මරණයට පත් ව ඇති අතර COVID-19 ආසාදිත තත්ත්වයේ පසුව ඇති බව මරණ පරීක්ෂණයේ දී හඳුනාගෙන තිබෙනවා.
