Hollywood

Dark Phoenix සමග X-Men

ඒ 1963 වසරයි. ස්ටෑන් ලී මාවල් විශ්වයේ(Marvel Universe/Marvel Comics) බොහෝ සුපිරි වීරයින්ට උපත දුන් පියා වූවා සේම අලුත් සුපිරි පරපුරක් බිහිකිරීමේ නිරතව සිටියේය. එතෙක් බිහිවූ සෑම සුපිරි වීරයෙකු ම පාහේ එක්කෝ විකිරණවලට හසුවුණු මකුළු දෂ්ටයකින් හෝ කොස්මික් කිරණවලට නිරාවරණය වීමෙන් හෝ වෙනත් ලෝකයකින් සුපිරි බලයක් රැගෙන ආවෝ වී තිබිණි. නමුත් 1963 බිහිවුණේ අලුත් පරපුරකි. උපතින්ම ලද දායාදයක් වේවා.. නැතිනම් සාපයක් වේවා..උපතින්ම නෙක හැකියාවන් ගෙන ආ මේ පරපුර විකෘතීන්(Mutants) ලෙස හැඳින්විණි. ඔවුන්ගේ එකතුව X-Men නම් විය. එදා මෙදා තුර කොමික් පොත්වලින් ද, කාර්ටූන් චිත්‍රපට ලෙසද, සිනමා පට ලෙසද X-men විටින් විට අපේ ලෝකයේ සැරිසැරූහ. X-Men පළමු සිනමා පටය තිරගත වූයේ 2000 වසරේය. එය සරලවම X-Men නම් විය. එතැන් පටන් X2, X-Men: The Last Stand, X-Men Origins: Wolverine, X-Men: First Class, The Wolverine, X-Men: Days of Future Past, Deadpool, X-Men: Apocalypse, Logan, Deadpool 2 ලෙස චිත්‍රපට 11 තුලින් මේ X-Men සුපිරි වීරයින් අපට මුණගැසුණි. මේ Dark Phenix ඒ X-Men චිත්‍රපට මාලාවේ දොළොස් වැන්නයි.

මහාචාර්ය චාල්ස් එක්සේවියර්(Professor X) සමග මෙවරත් සුපුරුදු පරිදි Erik Lehnsherr(Magneto), Raven Darkhölme(Mystique), Hank McCoy (Beast), Jean Grey(Phoenix), Scott Summers(Cyclops), Ororo Munroe(Storm), Kurt Wagner(Nightcrawler) සහ Peter Maximoff(Quicksilver) X-Men කණ්ඩායම ලෙස Dark Phoenix තුලින් හමුවේ. අභ්‍යවකාශයෙදී විශ්වීය බලයකට හසුවන X-Men කණ්ඩායම මහත් අසීරුතාවයකට පත්වෙද්දී ජීන් ග්‍රේයි එම ශක්තිය අවශෝෂණය කරගනිමින් සිය කණ්ඩායම බේරා ගනී. නමුත් අවශෝෂණය වූ ශක්තියේ ප්‍රතිපලයක් ලෙස ඇගේ බලය අසීමිතව වර්ධනය වේ.ඇය තවදුරටත් ජීන් නම් නොවේ. Dark Phoenix නම් නපුරු විශ්වීය බලයකට නතුවන ඇය අවසන Dark Phoenix බවටම පත්වී සිය සගයන් විනාශ කිරීමට පටන් ගනී. සටන මේ Dark Phoenixට එරෙහිවය.

සයිමන් කින්ග්බර්ග්ගේ අධ්‍යක්ෂණය යටතේ 20th Century Fox, Marvel Entertainment සහ TSG Entertainment මගින් නිෂ්පාදනය කළ චිත්‍රපටයේ බෙදාහැරීම් Walt Disney Studios Motion Pictures මගිනි. මිනිත්තු 114ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අවස්ථා කීපයක ප්‍රමාදයන්ගෙන් පසු ජුනි 04 සහ ජුනි 07 ප්‍රදර්ශන වාර ඇරඹීය. IMDB හි 6.0ක අගයක්ද Rotten Tomatoes හි 23% අගයක්ද ලබා ගත් Dark Phoenix මෙම චිත්‍රපට මාලාවේ පාඩු ලැබූ නිර්මාණයක් ලෙස හැඳින්වේ.

Photo Credit : www.imdb.com

Dark Phoenix සඳහා ප්‍රවේශ පත් ලබා ගැනීමට පිවිසෙන්න www.444.lk

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago