Hollywood

Dark Phoenix සමග X-Men

ඒ 1963 වසරයි. ස්ටෑන් ලී මාවල් විශ්වයේ(Marvel Universe/Marvel Comics) බොහෝ සුපිරි වීරයින්ට උපත දුන් පියා වූවා සේම අලුත් සුපිරි පරපුරක් බිහිකිරීමේ නිරතව සිටියේය. එතෙක් බිහිවූ සෑම සුපිරි වීරයෙකු ම පාහේ එක්කෝ විකිරණවලට හසුවුණු මකුළු දෂ්ටයකින් හෝ කොස්මික් කිරණවලට නිරාවරණය වීමෙන් හෝ වෙනත් ලෝකයකින් සුපිරි බලයක් රැගෙන ආවෝ වී තිබිණි. නමුත් 1963 බිහිවුණේ අලුත් පරපුරකි. උපතින්ම ලද දායාදයක් වේවා.. නැතිනම් සාපයක් වේවා..උපතින්ම නෙක හැකියාවන් ගෙන ආ මේ පරපුර විකෘතීන්(Mutants) ලෙස හැඳින්විණි. ඔවුන්ගේ එකතුව X-Men නම් විය. එදා මෙදා තුර කොමික් පොත්වලින් ද, කාර්ටූන් චිත්‍රපට ලෙසද, සිනමා පට ලෙසද X-men විටින් විට අපේ ලෝකයේ සැරිසැරූහ. X-Men පළමු සිනමා පටය තිරගත වූයේ 2000 වසරේය. එය සරලවම X-Men නම් විය. එතැන් පටන් X2, X-Men: The Last Stand, X-Men Origins: Wolverine, X-Men: First Class, The Wolverine, X-Men: Days of Future Past, Deadpool, X-Men: Apocalypse, Logan, Deadpool 2 ලෙස චිත්‍රපට 11 තුලින් මේ X-Men සුපිරි වීරයින් අපට මුණගැසුණි. මේ Dark Phenix ඒ X-Men චිත්‍රපට මාලාවේ දොළොස් වැන්නයි.

මහාචාර්ය චාල්ස් එක්සේවියර්(Professor X) සමග මෙවරත් සුපුරුදු පරිදි Erik Lehnsherr(Magneto), Raven Darkhölme(Mystique), Hank McCoy (Beast), Jean Grey(Phoenix), Scott Summers(Cyclops), Ororo Munroe(Storm), Kurt Wagner(Nightcrawler) සහ Peter Maximoff(Quicksilver) X-Men කණ්ඩායම ලෙස Dark Phoenix තුලින් හමුවේ. අභ්‍යවකාශයෙදී විශ්වීය බලයකට හසුවන X-Men කණ්ඩායම මහත් අසීරුතාවයකට පත්වෙද්දී ජීන් ග්‍රේයි එම ශක්තිය අවශෝෂණය කරගනිමින් සිය කණ්ඩායම බේරා ගනී. නමුත් අවශෝෂණය වූ ශක්තියේ ප්‍රතිපලයක් ලෙස ඇගේ බලය අසීමිතව වර්ධනය වේ.ඇය තවදුරටත් ජීන් නම් නොවේ. Dark Phoenix නම් නපුරු විශ්වීය බලයකට නතුවන ඇය අවසන Dark Phoenix බවටම පත්වී සිය සගයන් විනාශ කිරීමට පටන් ගනී. සටන මේ Dark Phoenixට එරෙහිවය.

සයිමන් කින්ග්බර්ග්ගේ අධ්‍යක්ෂණය යටතේ 20th Century Fox, Marvel Entertainment සහ TSG Entertainment මගින් නිෂ්පාදනය කළ චිත්‍රපටයේ බෙදාහැරීම් Walt Disney Studios Motion Pictures මගිනි. මිනිත්තු 114ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අවස්ථා කීපයක ප්‍රමාදයන්ගෙන් පසු ජුනි 04 සහ ජුනි 07 ප්‍රදර්ශන වාර ඇරඹීය. IMDB හි 6.0ක අගයක්ද Rotten Tomatoes හි 23% අගයක්ද ලබා ගත් Dark Phoenix මෙම චිත්‍රපට මාලාවේ පාඩු ලැබූ නිර්මාණයක් ලෙස හැඳින්වේ.

Photo Credit : www.imdb.com

Dark Phoenix සඳහා ප්‍රවේශ පත් ලබා ගැනීමට පිවිසෙන්න www.444.lk

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

4 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

5 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago