Beauty

දාසයේ කෙල්ල වගේ ලස්සනට ඉන්න මෙන්න බීමක්

කෘත්‍රිම පෝෂණ අතිරේකවලට වඩා ස්වභාවික ආහාර පාන මගින් ඔබට අතුරු ආබාධවලින් තොරව ලස්සන සමක් පවත්වාගන්නට පුළුවන්. අද අපි ඔබට කියන්නට යන්නේ ඒවගේ පානයක් ගැන. නිතරම නිවසේදීම ඔබට පිළියෙළ කර ගත හැකි පානයක්.

නිරෝගී දිදුලන සමක් ගැන කතා කරන කොට අහන්න ලැබෙන වචනයක් තමයි කොලැජන්(Collagen). එය සම හා සම්බන්ධ ප්‍රධානතම සංඝටකයක්. සමේ තෙතමනය රැකගනිමින් තරුණ පෙනුමකින් පවත්වාගැනීමට, නම්‍යබවට මේ කොලැජන් උපකාරී වනවා. ඔබේ ශරීරයේ නිපදවෙන කොලැජන් ප්‍රමාණය අඩු නම් සම වියළි ගතියකින් යුතුව වයසට වඩා වයස්ගත පෙනුමක් ලැබේවි. දෛනිකව කොලැජන් ග්‍රෑම් 2.5-5 ලබා ගැනීමෙන් ඔබට තරුණ පෙනුමකින් යුතු දිදුලන සමක් පවත්වාගන්නට පුළුවන්. මේ සඳහා විවිධ අතිරේක පෝෂක ආහාර ලබාගන්නට ඔබට හැකියි. නමුත් කෘත්‍රිම පෝෂණ අතිරේකවලට වඩා ස්වභාවික ආහාර පාන මගින් ඔබට අතුරු ආබාධවලින් තොරව ලස්සන සමක් පවත්වාගන්නට පුළුවන්. අද අපි ඔබට කියන්නට යන්නේ ඒවගේ පානයක් ගැන. නිතරම නිවසේදීම ඔබට පිළියෙළ කර ගත හැකි පානයක්.

Credit : www.freepik.com

අවශ්‍ය ද්‍රව්‍ය :

ස්ට්‍රෝබෙරි ගෙඩි 20-25ක් පමණ
චෙරි ගෙඩි 20-25ක් පමණ
පැෂන් ෆෘට් ගෙඩි 2ක්

ස්ට්‍රෝබෙරි සහ චෙරි හොඳින් සෝදා පිරිසිදු කර බ්ලෙන්ඩරයකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. උකු ගතිය වැඩි නම් ජලය ස්වල්පයක් එකතු කරන්න. සීනි එක් කරන්නේ නැතිනම් ඉතාමත් හොඳයි. ස්වභාවික දේවල් ඒ ආකාරයෙන්ම ආහාරයට ගන්න පුරුදු වන්න. බීමට ගන්නා විට සූරා ගත් පැෂන් එකතු කරන්න.

ස්ට්‍රොබෙරිවල පොලිෆිනොල් බහුලව අන්තර්ගත වනවා. එය සමේ නිරෝගී පෙනුමට වගේම ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා මුක්ත ඛණ්ඩක අක්‍රිය කිරීමටද හේතු වෙනවා. සමේ රැලි වැටීම වලක්වා ප්‍රත්‍යස්ථ බව රැක දෙනවා. කොලජන් නිපදවීම වැඩිකරන අතර චෙරිවල ඇති අධි සාන්ද්‍ර ප්‍රතිඔක්සිකාරක කොලැජන් තන්තු ආරක්ෂා කරනු ලබනවා. සමේ පැවැත්මට අත්‍යාවශ්‍ය විටමින් C පැෂන් ෆෘට් වල බහුලව අන්තර්ගතයි. ස්ට්‍රෝබෙරි සහ චෙරි මිලෙන් තරමක් වැඩි වුනත් ඔබට සුපිරි වෙළඳ සල් වලින් ලබා ගන්නට හැකියි. කෘත්‍රිම ඖෂධවලට අධික මුදලක් වැය කරනවාට වඩා මෙවැනි ස්වාභාවික ආහාරයකට මුදලක් ගෙව්වට කමක් නැහැ. පැෂන් නම් ඔබට හොයාගන්න එතරම් අපහසුවක් නැති වේවි.

Hemantha Alwis

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago