මාසෙකට එක පාරක හදා ගන්න පුළුවන් ඉස්ම ටිකක් ගෑවුණත් කන්න හිතෙන රසම රස මාළු මෝජුවක් ගැන රසවත් කතාවක් අද අපි ඔයාලට කියන්න යන්නේ. මේක මේ කොහෙන්වත් අහුලා ගත්ත කතාවක් නම් නොවේ. නිතරම මගේ අතින් හැදෙන හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙන මාළු මෝජුවක්.
අද කාලේ හැම කෙනෙක්ම වගේ රැකියාවකට යනවා. දවල් කෑම වේල පොදු ප්‍රශ්නයක් වෙලා. දවල්ට ගෙනියන බත් මුලට මොනවද ගෙනියන්නේ කියන එක හැමෝටම තියන ප්‍රශ්නයක්. මාසෙකට එක පාරක හදා ගන්න පුළුවන් ඉස්ම ටිකක් ගෑවුණත් කන්න හිතෙන රසම රස මාළු මෝජුවක් ගැන රසවත් කතාවක් අද අපි ඔයාලට කියන්න යන්නේ. මේක මේ කොහෙන්වත් අහුලා ගත්ත කතාවක් නම් නොවේ. නිතරම මගේ අතින් හැදෙන හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙන මාළු මෝජුවක්.
මාළු කිලෝ එකක් විතර ගෙනාවම හදාගෙන මාසයක් විතර තබා ගන්න පුළුවන්. තෝරා, පරව්, මෝදා, තලපත් වගේ ඕනෑම මාළු වර්ගයක් මේ මෝජුව හදන්න ඔයාලට ගන්න පුළුවන්.
අඟලේ ප්‍රමාණයට කැපූ මාළු ග්‍රෑම් 500g ක්
ගෙඩිය පිටින් සුද්ද කරගත් රතු ළූණු 250g ක්
සෙ.මී. 2 පමණ කොටු කපා ගත් මාළු මිරිස් 200g ක්
විනාකිරි කෝප්ප 2ක්
ලුණු තේ හැඳි 1 1/2ක්
කොත්තමල්ලි කුඩු තේ හැඳි 5ක්
සූදුරු කුඩු තේ හැඳි 1ක්
මිරිස් කුඩු තේ හැඳි 3ක්
අඹරා ගත් සුදු ළූණු බික් 10ක්
සිහින්ව අඹරා ගත් ඉඟුරු අඟල් 2ක කැබැල්ලක්
අබ ග්‍රෑම් 50ක්
සීනි තේ හැඳි 2-3ක්
කරපිංචා ඉති 2ක්
පොල්තෙල් හෝ එළවලු තෙල්
01) මාළු හොඳින් සෝදන්න. කහ, ලුණු සහ දෙහි යුෂ දමා විනාඩි 15ක් පමණ සීසන් වෙන්න තියන්න. සීසන් කරගත් මාළු කැබලි ගැඹුරු තෙලේ බැද ගෙන තෙල් බේරෙන්නට තබන්න.
02) ඉඟුරු, සුදුළූණු සහ විනාකිරි මේස හැඳි 03ක් සමග හොඳින් අඹරා ගන්න.
03) දැන් ඉතිරි විනාකිරි කෝප්ප මේස 1 1/2 සාස්පානක දමා රත්වෙන්නට ලිපේ තබන්න. එයට ලුණු තේ හැඳි 1 1/2ක් දමන්න.
04) දැන් මේ රත්වෙන විනාකිරිවල රතු ළූණු සහ මාළු මිරිස් විනාඩි 2ක් පමණ තම්බා ගන්න. ඊට වඩා තබන්න එපා. පිටතට ගෙන දීසියකට දමා ගන්න. මාළු මිරිස්වල ලා කොළ පැහැයත් රතු ලූණුවල ලා රෝස පැහැයත් තිබිය යුතුයි.
05) දැන් වෙනම තාච්චියක් ලිප තබා තෙල් මේස හැඳි 2ක් දමන්න. රත් කරන්න. තෙල් රත් වෙද්දී එයට කරපිංචා දමන්න. තත්පර 10-15ක් තෙම්පරාදු කරන්න.
06) දැන් එයට කොත්තමල්ලි කුඩු, මිරිස් කුඩු හා සූදුරු කුඩු දමන්න. ලිපේ ගින්දර අඩුම කර තත්. 10ක් පමණ තෙම්පරාදු කරන්න.
07) දැන් මේ තෙම්පරාදුවට අඹරා ගත් ඉඟුරු, සුදුළූණු සහ අබ මිශ්‍ර විනාකිරි දමන්න. තවත් විනාඩි 3ක් පිසින්න. දැන් එයට බැදගත් මාළු, මාළු මිරිස් සහ රතු ළූණු දමන්න. හොඳින් මිශ්‍ර කර ගන්න. විනාඩි කීපයක් තබා ලිපෙන් බාගන්න.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…