Be Positive

හෙට වෙනුවෙන් අද – පියවර 01

ඉතින් රැඳී සිටින්න ඔබේ ලස්සන හෙට දවස වෙනුවෙන් හෙට වෙනුවෙන් අද සමග…

කතු සටහන: පුංචි කාලේ අපෙන් වැඩිහිටි අය නිතර අහන දෙයක් “ලොකු වුණාම කවුද වෙන්නේ?”. අපි ළඟ නා නා විධ පිළිතුරු. ඒත් අද අපි කොතන ද? කොටසක් අපේ හීන දිනලා. තව කොටසක් කවදාවත් නොහිතපු මානෙක ගිහින් නතර වෙලා. තව කොටසක් තාම හීන පසු පස්සේ දුවනවා. ඒ කොහොම නමුත් මේ ලිපිය කියවන ඔබ, මම බොහොම දෙනෙක් මේ වන විට ජීවිතේ දශක 2-3ක් පසු කරලා. අපි අපේ හීන ලෝකය යතාර්ථයක් කර ගෙනද? අපෙන්ම අහන ප්‍රශ්නයක්. පිළිතුරු ඇත්තෙත් අප තුලමයි. ජීවිතේ පහසු නෑ. අද කාලේ ජීවිතේ කොහොමත් පහසු නෑ. අපි අපේ දෛවයට බැන බැන හැමදේම කාලයටම ඉඩ දීලා වැඩක් නැහැ. හෙට ලස්සන වෙන්න අද කැපකිරීම් කරන්න උවමනාමයි. කැපකිරීමකින් තොරව මහන්සියකින් තොරව ජයග්‍රහණයක් ලැබෙන්නේ නැහැ. ලැබුනත් වටිනාකමකුත් නැහැ. මේ ලිපි පෙළ ඔබේ හෙට දවස වෙනුවෙන් අද තබන පුංචි පියවර පෙළක් ගැන කතාබහක්. මේ වසරේ මුල්ම දවසේ පටන් මගේ පෞද්ගලික Instagram ගිණුමෙන් පුංචි පින්තුර කතාවක් විදියට ආරම්භ කරපු මේ හෙට වෙනුවෙන් අද කියන සටහන් පෙළ අද සිට ඔබට ලිපි මාලාවක් විදියට සෑම සතියකම අඟහරුවාදා උදෙන්ම කියවන්නට ලැබේවි. සමහර විටෙක විශේෂ පුද්ගලයින්ද සම්බන්ද කරගෙන ඔබට වටිනා දෙයක් ජීවිතයට එකතු කරලා දෙන්නට අපට හැකි වේවි. ඉතින් රැඳී සිටින්න ඔබේ ලස්සන හෙට දවස වෙනුවෙන් හෙට වෙනුවෙන් අද සමග…

වියදම් කර ඉතිරි කරන්න එපා…ඉතිරි කර වියදම් කරන්න…

Credits: www.freepik.com

අතට ලැබෙන මුදල තියන වියදම්වලට ප්‍රමාණවත් නැහැ. මේ පොදුවේ හැමෝගෙම වගේ මැසිවිල්ලක්. අනවශ්‍ය වියදම් අඩු කළොත් ලොකු වෙනසක් කරන්න පුළුවන්. කීයක් ඉපැයුවත් හැකි විදියට කීයක් හරි ඉතිරි කරන්න පුරුදු වෙන්න. මේ ඉතිරි කරන පුරුද්දම ඔයාලව හිතන්න බැරි තරම් ලොකු තැනකට ගෙන යාවි. මේ tips කීපය ඉතිරි කරන සාත්තරේ ඔයාලට කියා දේවි.

01) මාසයේ ඔබට ලැබෙන ආදායම්වලට අනුව වියදම් ඇස්තමේන්තු ගත කරන්න. නැවත ඵලදායී විදියට ආයෝජනය කරන ආදායමක් හෝ ආදායමින් කොටසක් ඇත්නම් එය මේ වෙනුවෙන් සලකන්න එපා.
02) ලැබෙන මුදල කොටස් 03කට වෙන්කර වෙනම බැංකු ගිණුම් 3ක තැන්පත් කරන්න.
03) අනිවාර්ය වියදම් වෙනුවෙන් මුදල් මුලින්ම වෙන් කරන්න(ආහාරපාන, ගමන් වියදම්, ඇඳුම් පැළදුම්, බෙහෙත් ද්‍රව්‍ය, ජල/විදුලි/දුරකථන බිල්පත්, ණය වාරික, නිවාස කුලී ඇත්නම් ඒවා)
04) ගිණුම් 3න් එකක මුදල් පමණක් අනිවාර්ය වියදම් සඳහා වෙන් කරන්න.
05) දෙවැනි ගිණුම හදිසි මුදල් අවශ්‍යතා වෙනුවෙන් පමණක් පාවිච්චි කරන්න.
06) හොඳ ම ගිණුම තුන් වැනි ගිණුම. එහි මුදල් වියදම් වෙනුවෙන් ගන්න එපා. ඉතිරි කිරීම් වෙනුවෙන් ඒ ගිණුම යොදාගන්න. එහි මුදල ටිකෙන් ටික වර්ධනය කරගන්න. සැලකිය යුතු මුදලක් එකතු වුණු පසු ස්ථාවර තැන්පතුවක් අරඹන්න. එහි පොලියද නැවත තුන්වන ගිණුමටම බැර කරන්න.
06) තුන්වන ගිණුමත් ඒ නිසා ඔබ ළඟ එකතුවන ස්ථාවර තැන්පතු ටිකත් ඔබව ලොකු තැනකට රැගෙන යාවි. සහතිකයි.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago