Beauty

අඩුම මිලට හොඳම Night face cream එකක්

අද ඔයාලට කියන මේ night face cream එක නිවසේදීම අඩු මුදලට පිළියෙළ කරගන්න පුළුවන් එකක්. ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ඔයාලම සාදා ගන්න නිසා කිසිම අහිතකර බලපෑමක් නැහැ. ප්‍රථිපල නම් විස්මයජනකයි. මෙන්න ඒ විස්මිත night face cream එක

Night cream ගොඩක් අයගේ රූපලාවන්‍ය බඩු ගොන්නේ දකින්නම ලැබෙන දෙයක්. සමට Day cream සහ Night cream කියලා දෙවර්ගයක භාවිතා කරන්නේ ඇයි? ඒ සම දහවලට සහ රාත්‍රියට ක්‍රියා කරන දෙයාකාරය නිසාමයි. දිවා කාලයේදී සම බොහෝ විට ක්‍රියා කරන්නේ ආරක්ෂක පලිහක් විදියට. අව්වෙන්(UV කිරණවලින්), දූවිල්ලෙන්, දූෂණය වුණු වායු ගෝලයෙන්, බැක්ටීරියා වර්ධනයෙන්, කටුක දේශගුණයෙන් ආරක්ෂා කරන පලිහක් විදියට. අප නින්දට ගියත් සම රාත්‍රියටත් ක්‍රියාකාරී ව තිබෙනවා. දහවල් කාලයේ වුණු හානි යථා තත්ත්වයට ගෙන එන්න සම කටයුතු කරන්නේ රාත්‍රියට. මේ ක්‍රියාකාරිත්වයන් දෙවර්ගයට ගැලපෙන විදියට තමයි day cream සහ night cream නිෂ්පාදනය කරනු ලබන්නේ. Day cream එකක් මූලිකව සිදු කරන්නේ UV කිරණවලින් සම ආරක්ෂා කිරීම, සමේ තෙතමනය රැක ගැනීම, වයස්ගත වීම පාලනය වගේ දේවල්. සම ප්‍රතිනිර්මාණය වන රාත්‍රී කාලයට night cream එකක් මගින් සෛල, පටක අලුත්වැඩියාව වේගවත් කිරීම සිදු වෙනවා. සම ලස්සනට තබා ගන්න මේ දෙවර්ගයම හරි විදියට භාවිත කිරීම වැදගත්. එත් බාල ප්‍රමිතියේ ඒවා නම් නොවේ. ඒවා නිසා සැමට වන හානිය නැවත පිළිසකර කිරීම පහසු නැහැ. ඒ නිසා හොඳ ප්‍රමිතියේ ස්වභාවික අමුද්‍රව්‍ය සහිත ආලේපන වර්ග මිලට ගන්න අමතක කරන්න එපා. පුංචි ගැටළුවක් තිබෙනවා. එවැනි හොඳ වර්ගයේ නිෂ්පාදනවල අධික මිල. අද ඔයාලට කියන මේ night face cream එක නිවසේදීම අඩු මුදලට පිළියෙළ කරගන්න පුළුවන් එකක්. ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ඔයාලම සාදා ගන්න නිසා කිසිම අහිතකර බලපෑමක් නැහැ. ප්‍රථිපල නම් විස්මයජනකයි. මෙන්න ඒ විස්මිත night face cream එක

Credit: www.freepik.com

අවශ්‍ය දේවල් :

තැඹිලි පාට දොඩම් ගෙඩියක මතුපිට ලෙල්ල(Orange Zest) ප්‍රවේසමෙන් ගාගන්න
හොඳ වර්ගයේ කහ කුඩු(කස්තුරි කහ) තේ හැඳි 1/2ක්
රස, වර්ණක නොයෙදූ යෝගට් කෝප්ප 1/2ක්
ලෙමන් යුෂ තේ හැඳි 1/2ක්

මේ සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න. ගැලපෙන ක්ලේන්සර් වර්ගයකින් සම පිරිසිදු කර හොඳින් තෙත මාත්තු කර ගන්න. තුනී ස්තරයක් ලෙස ක්‍රීම් එක මුහුණ, බෙල්ල ප්‍රදේශවල ආලේප කරන්න. රාත්‍රිය පුරාවටම මුහුණේ ක්‍රීම් එක තිබෙන්නට හරින්න. වැඩිපුර ක්‍රීම් ටික සුලං නොවදින භාජනයක දමා ශීතකරණයේ තබන්න.දින 14ක් පමණ යන විට කැපී පෙනෙන වෙනසක් ඔයාලටම පෙනේවි.

Food photo created by freepik – www.freepik.com

Hemantha Alwis

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

6 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

7 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

7 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago