ස්වප්නා ගුරු ග්‍රාමයේ වෙසෙන පරිගණක ක්‍රීඩා නිර්මාණ ශිල්පිනියක්. පිරිස් හා වැඩ කිරීමේ ගැටළු නිසා ඇය සිය රැකියාව කරන්නේ නිවසේ සිටමයි. ඇය අඳුරටද මහත් බියක් ඇත්තියක්. විශාල දෙමහල් නිවසක සිය සේවිකාවද සමග ජීවත්වන ස්වාප්නාගේ ජීවිතය වෙනස් වන්නට පටන්ගන්නේ ඇය අලුතින්ම කළ tattoo නිර්මාණයත් සමගයි. අද්භූත සිහින ගොන්නක් සමග ඇගේ ජීවිතය ලුහු බඳින මේ බියකරු රහස කුමක්ද?

Horror, Thriller, Supernatural ගණයට අයත් Game Over චිත්‍රපටය අධ්‍යක්ෂණය අශ්වින් සරවනන් ගෙනි. තාප්සි පානු, විනෝදිනී විද්‍යානාදන්, අනිෂ් කුරුවිලා ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වෙති. දමිළ සහ තෙළිඟු භාෂාවලින් නිපදවන ලද Game Over හින්දි බසින් ද හඬ කවා ඇත.