කන්නඩා, තෙලිඟු මෙන්ම හින්දි සිනමා ලෝකය තුල දැවැන්තයෙකු වූ ප්‍රවීණ රංගන ශිල්පී, සිනමා අධ්‍යක්ෂක, තිරපිටපත් රචකයෙකු මෙන්ම ප්‍රවීණ ලේඛකයෙකු වූ ගිරිෂ් රගුනාත් කරන්ද් ඊයේ(ජුනි 10) ජීවන රඟ මඩලට සමුදුන්නා. දිගු කලක් රෝගාතුරව සිටි ඔහු බැංගලෝරයේදී මිය යන විට 81වන වියේ පසු වුණා.කන්නඩා සිනමාව නව මගකට යොමු කළ තිර පිටපත් රචකයෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු ලෙසද ගිරිෂ් කරන්ද් හැඳින්වෙනවා. කර්ණාටක විශ්ව විද්‍යාලයේ මෙන්ම, ඔක්ස්ෆර්ඩ් සරසවියේද උපාධිදරයෙකු වූ ඔහු 1970දී Samskara කන්නඩා චිත්‍රපටයෙන් සිනමා ලෝකයට පිවිසියේ තිරපිටපත් රචකයෙකු හා රංගන ශිල්පියෙකු ලෙසයි. ඔහු අවසන් වරට පෙනී සිටියේ සලමන් ඛාන්ගේ ටයිගර් සින්දා හේ චිත්‍රපටයේය. ගිරිෂ් කරන්ද් ගේ අභාවය වෙනුවෙන් දින 03ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට කර්ණාටක ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.