Beauty

නිරෝගී දිගු කෙස් කලඹකට නොවරදින රහසක්

නිරෝගීව වැදුණු දිගු කෙස් කළඹක් ඕනෑම යුවතියකගේ, කාන්තාවකගේ හීනයක්. පංච කල්‍යණයන්ගෙන් එකක්. හිස් කෙස් වර්ධනය අඩාල වීම වගේම හිසකෙස් ඝනත්වය(Volume) අඩුවීම අද ගොඩක් කාන්තාවන්ට තිබෙන ගැටළුවක්. අපි ඔබට මේ කියන්න යන රහස කෙටි කලකින් ඔබේ කෙස් කලඹ දිගට, වැඩි ඝනත්වයකින් වර්ධනයට උදව් වේවි.

නිරෝගීව වැදුණු දිගු කෙස් කළඹක් ඕනෑම යුවතියකගේ, කාන්තාවකගේ හීනයක්. පංච කල්‍යණයන්ගෙන් එකක්. හිස් කෙස් වර්ධනය අඩාල වීම වගේම හිසකෙස් ඝනත්වය(Volume) අඩුවීම අද ගොඩක් කාන්තාවන්ට තිබෙන ගැටළුවක්. අපි ඔබට මේ කියන්න යන රහස කෙටි කලකින් ඔබේ කෙස් කලඹ දිගට, වැඩි ඝනත්වයකින් වර්ධනයට උදව් වේවි.

Image credit : freepik.com

අපි මේ කියන්නට යන රහස් බෙහෙත ගැන ඇසුවොත් ඔබ පුදුම වේවි. ඒ වෙන කිසිවක් නොවේ. ව්‍යංජනවල රසය වැඩි කරන්නට ඒවා වාගේම ශරීරයේ විස නසන්නට ඔබ ගන්නා ඔබේ ගෙවත්තට පවා ආගන්තුකයෙක් නොවන කරපිංචා…කරපිංචා වලින් හිසකෙස් වැඩීමේ වේගය දෙගුණ වනවා වගේම හිසකෙස්වල ඝනබව(Volume) වැඩිකරන බව අසා තිබෙනවාද? අද අපි ඔබට ගෙන ඒමට සූදානම් වන්නේ නිවසේදීම සාදා ගත හැකි කරපිංචා තේ ගැන.

Image credit : deskgram.net

කරපිංචා ඉති කීපයක්, දෙහි ගෙඩියක් සහ වතුර වීදුරුවක් ලංකර ගන්න. දැන් හිස කෙස් වඩන රහස් බෙහෙත හදන්න ඔබ සුදානම්. කරපිංචා ඉති ටික හොඳින් සෝදා පිරිසිදු කර වතුර දමා විනාඩි 10ක් පමණ තම්බා ගන්න. කෙස් මුල් ශක්තිමත් කරන්නට අවශ්‍ය පෝෂක කොටස් කරපිංචා වලින් ලැබෙනවා. මෙසේ සැකසූ කරපිංචා තැම්බූ වතුර භාජනයකට පෙරා ඊට දෙහි බිංදු කීපයක් එක් කර පානය කරන්න. සීනි නොමැතිව භාවිතා කරන්නේ නම් ගොඩක් හොඳයි.

යකඩ, කැල්සියම්, විටමින් A, විටමින් C සහ විටමින් E ඇතුළු පෝෂක සංඝටක රැසක් තිබෙන කරපිංචා කොළ ඔබේ ශරීරයේ විස නසන්නටද උපකාරී වෙනවා. ශරීරය තරමක් පෘෂ්ටිමත් කරනවා වගේම ශරීරයේ අනවශ්‍ය මේද දහනයට කරපිංචා හේතු වෙනවා. මේ කරපිංචා තේ පානය දිනකට වරක් බැගින් නොකඩවා සති 02ක් වත් භාවිත කිරීමෙන් ලැබෙන වෙනස ඔබටම බලාගන්නට පුළුවන්.

(හිස කෙස් වර්ධනයට, අකලට කෙස් හැලීම හා කොණ්ඩය සුදුවීම පාලනයට, ඉස හොරි මර්දනයට යොදාගතහැකි රහස් තෙල් වට්ටෝරුවක් කරපිංචා වලින් ඔබට නිවසේදීම සාදා ගත හැකි ආකාර දැන ගැනීමට අපේ වෙබ් පිටුව හා රැදී සිටින්න.)

Hemantha Alwis

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago