නිරෝගීව වැදුණු දිගු කෙස් කළඹක් ඕනෑම යුවතියකගේ, කාන්තාවකගේ හීනයක්. පංච කල්‍යණයන්ගෙන් එකක්. හිස් කෙස් වර්ධනය අඩාල වීම වගේම හිසකෙස් ඝනත්වය(Volume) අඩුවීම අද ගොඩක් කාන්තාවන්ට තිබෙන ගැටළුවක්. අපි ඔබට මේ කියන්න යන රහස කෙටි කලකින් ඔබේ කෙස් කලඹ දිගට, වැඩි ඝනත්වයකින් වර්ධනයට උදව් වේවි.
නිරෝගීව වැදුණු දිගු කෙස් කළඹක් ඕනෑම යුවතියකගේ, කාන්තාවකගේ හීනයක්. පංච කල්‍යණයන්ගෙන් එකක්. හිස් කෙස් වර්ධනය අඩාල වීම වගේම හිසකෙස් ඝනත්වය(Volume) අඩුවීම අද ගොඩක් කාන්තාවන්ට තිබෙන ගැටළුවක්. අපි ඔබට මේ කියන්න යන රහස කෙටි කලකින් ඔබේ කෙස් කලඹ දිගට, වැඩි ඝනත්වයකින් වර්ධනයට උදව් වේවි.
අපි මේ කියන්නට යන රහස් බෙහෙත ගැන ඇසුවොත් ඔබ පුදුම වේවි. ඒ වෙන කිසිවක් නොවේ. ව්‍යංජනවල රසය වැඩි කරන්නට ඒවා වාගේම ශරීරයේ විස නසන්නට ඔබ ගන්නා ඔබේ ගෙවත්තට පවා ආගන්තුකයෙක් නොවන කරපිංචා…කරපිංචා වලින් හිසකෙස් වැඩීමේ වේගය දෙගුණ වනවා වගේම හිසකෙස්වල ඝනබව(Volume) වැඩිකරන බව අසා තිබෙනවාද? අද අපි ඔබට ගෙන ඒමට සූදානම් වන්නේ නිවසේදීම සාදා ගත හැකි කරපිංචා තේ ගැන.
කරපිංචා ඉති කීපයක්, දෙහි ගෙඩියක් සහ වතුර වීදුරුවක් ලංකර ගන්න. දැන් හිස කෙස් වඩන රහස් බෙහෙත හදන්න ඔබ සුදානම්. කරපිංචා ඉති ටික හොඳින් සෝදා පිරිසිදු කර වතුර දමා විනාඩි 10ක් පමණ තම්බා ගන්න. කෙස් මුල් ශක්තිමත් කරන්නට අවශ්‍ය පෝෂක කොටස් කරපිංචා වලින් ලැබෙනවා. මෙසේ සැකසූ කරපිංචා තැම්බූ වතුර භාජනයකට පෙරා ඊට දෙහි බිංදු කීපයක් එක් කර පානය කරන්න. සීනි නොමැතිව භාවිතා කරන්නේ නම් ගොඩක් හොඳයි.
යකඩ, කැල්සියම්, විටමින් A, විටමින් C සහ විටමින් E ඇතුළු පෝෂක සංඝටක රැසක් තිබෙන කරපිංචා කොළ ඔබේ ශරීරයේ විස නසන්නටද උපකාරී වෙනවා. ශරීරය තරමක් පෘෂ්ටිමත් කරනවා වගේම ශරීරයේ අනවශ්‍ය මේද දහනයට කරපිංචා හේතු වෙනවා. මේ කරපිංචා තේ පානය දිනකට වරක් බැගින් නොකඩවා සති 02ක් වත් භාවිත කිරීමෙන් ලැබෙන වෙනස ඔබටම බලාගන්නට පුළුවන්.
(හිස කෙස් වර්ධනයට, අකලට කෙස් හැලීම හා කොණ්ඩය සුදුවීම පාලනයට, ඉස හොරි මර්දනයට යොදාගතහැකි රහස් තෙල් වට්ටෝරුවක් කරපිංචා වලින් ඔබට නිවසේදීම සාදා ගත හැකි ආකාර දැන ගැනීමට අපේ වෙබ් පිටුව හා රැදී සිටින්න.)
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…